පාසල් නිල ඇඳුමින් සැරසුණු බාලවයස්කාර දරුවන් පිරිසක් විරෝධතාවක් සඳහා යොදාගනිමින්, ඔවුන්ගේ ප්‍රකාශ ලබාගෙන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි යොමු කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම් පෙන්වා දෙන්නේ, පාසල් සිසුන් යොදාගනිමින් පැවැත්වූ විරෝධතාවක වීඩියෝ දර්ශන සහ එහිදී දරුවන්ගෙන් ලබාගත් හඬපට කිහිපයක් විවිධ ජනමාධ්‍ය ආයතන මෙන්ම සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන් විසින් ප්‍රචාරය කර ඇති බවයි.
දරුවන් සතු භාෂණයේ නිදහස සහ අයිතිවාසිකම් අනිසි ලෙස අවභාවිත කරමින් දේශපාලන අරමුණු වෙනුවෙන් ඔවුන්ව මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස මෙහෙයවා ඇති බවත්, ඇතැම් මාධ්‍යවේදීන් දරුවන් ආවේගශීලී කරමින් අදහස් ලබාගෙන ඇති බවත් එහි සඳහන් වේ.
එබැවින් පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටින බාලවයස්කාර දරුවන් මාධ්‍ය තුළ දැඩි විවේචනයට සහ අනවශ්‍ය පීඩනයට ලක්වීම වැළැක්වීම අත්‍යවශ්‍ය කරුණක් බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
දරුවන්ගේ පෞද්ගලිකත්වයට සහ අනන්‍යතාවට හානි වන අයුරින් ඔවුන්ගේ ඡායාරූප, වීඩියෝ දර්ශන හෝ හඬ පට ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස සියලුම මුද්‍රිත, විද්‍යුත් ජනමාධ්‍ය ආයතනවලින් සහ සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන්ගෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දැඩි ලෙස ඉල්ලා සිටියි.
Ministry Calls for Action Against Exploitation of School Children in Protests
The Ministry of Women and Child Affairs has lodged complaints with the National Child Protection Authority and the Police Child and Women’s Bureau regarding incidents where schoolchildren, dressed in uniforms, were used to stage protests. The ministry highlighted concerns over the manipulation of these children for media broadcasts across social platforms.
The media secretary of the ministry emphasized that videos and audio clips obtained from the children during these protests have been extensively shared by various media organizations, along with social media activists.
It has been noted that political agendas are being inappropriately advanced by exploiting children's rights to freedom of expression. There are reports indicating that certain journalists have incited emotional responses from the children to garner statements.
The ministry underscored the necessity of shielding schoolchildren dressed in uniforms from harsh media scrutiny and undue pressure, highlighting the importance of safeguarding their welfare.
Moreover, the ministry has urged all print, electronic media outlets, and social media operators to refrain from disseminating photographs, videos, or audio recordings that might compromise the children’s privacy and identity.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

යාපනේ ලමයි නිල ඇඳුම් පිටින් ගිහින්ල තිලීපන් සමරපු එක කමක් නැද්ද?
ReplyDelete