ශ්‍රී ලංකාව පුරා මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ආසාදනය පැතිර යමින් පවතින බැවින්, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් හා සැලකිල්ලෙන් පසුවන ලෙස මහජනතාවට දැනුම් දී තිබේ.
විශේෂයෙන්ම කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් අතර උණ, කැස්ස, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව සහ අනෙකුත් ශ්වසන රෝග ලක්ෂණ බහුලව වාර්තා වීමත් සමඟ මෙලෙස අවදානම් තත්ත්වයක් මතු වී ඇත.
කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කර ඇත්තේ, සාමාන්‍ය ව්‍යවහාරයේදී 'ෆ්ලූ' (Flu) ලෙස හැඳින්වෙන ඉන්ෆ්ලුවෙන්සා රෝගය වෛරස් මගින් බෝවන ශ්වසන පද්ධතිය ආශ්රිත ආසාදනයක් බවයි.
ආසාදිත පුද්ගලයකු කහින විට, කිවිසුම් අරින විට හෝ කතා කරන විට පිටවන කෙළ බිඳිති හරහා මෙම රෝගය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වන බව ඒ මහතා පෙන්වා දෙයි. එමෙන්ම, වෛරසය තැවරුණු පෘෂ්ඨයන් ස්පර්ශ කිරීමෙන් පසු දෑත්වලින් ඇස්, නාසය හෝ මුඛය ඇල්ලීම මගින් ද ආසාදනය සිදුවිය හැකි බව වෛද්‍යවරයා සඳහන් කර ඇත.
උණ, වෙව්ලීම, නොනවතින කැස්ස, උගුරේ වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම හෝ නාසය සිරවීම, හිසරදය, මාංශපේශි වේදනාව සහ අධික තෙහෙට්ටුව මෙහි බහුලවම දක්නට ලැබෙන රෝග ලක්ෂණ වේ. ඇතැම් රෝගීන්ට රස සහ ගඳ සුවඳ දැනීමේ වෙනස්කම් ඇති විය හැකි නමුත්, ඒවා ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ නොවන බව ද වාර්තා වේ. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව මෙන් නොව, ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ බොහෝ විට හදිසියේ මතු වන අතර එමගින් රෝගීන් දැඩි අපහසුතාවට පත් විය හැකිය.
බොහෝ පුද්ගලයන් සතියක් ඇතුළත සුවය ලැබුවද, ඇතැම් අවස්ථාවලදී මෙම ආසාදනය නියුමෝනියාව සහ අනෙකුත් ශ්වසන ගැටලු ඇතුළු දරුණු සංකූලතා දක්වා වර්ධනය විය හැකි බවට වෛද්‍ය විජේවික්‍රම මහතා අනතුරු අඟවයි.
වයස අවුරුදු දෙකට අඩු කුඩා දරුවන්, වයස අවුරුදු 65 හෝ ඊට වැඩි වැඩිහිටියන්, ගර්භණී කාන්තාවන් මෙන්ම දියවැඩියාව, හෘද රෝග, ඇදුම සහ වකුගඩු රෝග වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට බරපතළ සංකූලතා ඇතිවීමේ ඉහළ අවදානමක් පවතී. එමෙන්ම, පිළිකා ප්‍රතිකාර ලබන හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන ඖෂධ ලබාගන්නා පුද්ගලයන් ඇතුළු ප්‍රතිශක්තිය හීන වූ පිරිස් ද මෙහිදී විශේෂ අවදානමකට ලක්වන බව ඒ මහතා පවසයි.
රෝගය වළක්වා ගැනීම සඳහා සබන් හා ජලය යොදා නිතර දෑත් සේදීම, කහින විට හෝ කිවිසුම් අරින විට මුඛය හා නාසය ආවරණය කර ගැනීම, ශ්වසන රෝග ලක්ෂණ පවතින විට මුඛ ආවරණ පැළඳීම සහ ආසාදිත පුද්ගලයන් සමඟ සමීප ඇසුරෙන් වැළකී සිටීම වැනි සරල ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස වෛද්‍ය විජේවික්‍රම මහතා මහජනතාවට උපදෙස් දී තිබේ.
රෝග ලක්ෂණ මතු වූ පුද්ගලයන් අන් අයට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා නිවසේ රැඳී සිටීමටත්, ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීමටත්, ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් වැළකීමටත් පියවර ගත යුතුය. තවද, විශේෂයෙන්ම ප්‍රතිවෛරස් ඖෂධ ලබා ගැනීමට පෙර හිතුමතේ ඖෂධ භාවිතයෙන් වැළකී නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.
Influenza Outbreak Raises Alarm in Sri Lanka
Amid a burgeoning outbreak of influenza virus across Sri Lanka, health authorities have issued a warning urging the public to exercise increased vigilance and precaution. Symptoms have been particularly pronounced among vulnerable groups, including young children, the elderly, and individuals with pre-existing health conditions.
Reports indicate a rise in cases featuring fever, cough, sore throat, body aches, and other respiratory symptoms. Dr. Ananda Wijewikrama, a specialist in internal medicine, has clarified that what is commonly referred to as 'flu' is, in fact, an infectious disease affecting the respiratory system, caused by a virus.
The spread of influenza primarily occurs when an infected individual coughs, sneezes, or speaks, releasing droplets into the air. Dr. Wijewikrama noted that touching contaminated surfaces and then touching one’s eyes, nose, or mouth can also result in transmission.
Common symptoms of the illness include fever, chills, persistent cough, sore throat, nasal congestion, headache, muscle aches, and excessive fatigue. While some patients may experience changes in taste or smell, these are not typically seen as classic symptoms of influenza. The onset of symptoms can often be sudden, leading to significant discomfort for those affected.
Although many may recover within a week, Dr. Wijewikrama cautioned that in some cases, the infection could escalate into severe complications, including pneumonia and other respiratory issues.
Children under the age of two, adults aged 65 and older, pregnant women, and those with chronic conditions such as diabetes, heart disease, cancer, and kidney disorders face a higher risk of serious complications. Furthermore, individuals undergoing cancer treatment or taking immunosuppressive medications should also be particularly cautious, as they may have weakened immune systems.
To prevent the spread of the virus, the public is advised to wash hands frequently with soap and water, cover their mouth and nose while coughing or sneezing, wear masks when symptomatic, and avoid close contact with infected individuals. Dr. Wijewikrama emphasized the importance of adhering to basic hygiene measures.
Individuals exhibiting any symptoms are urged to stay at home to prevent further transmission, ensure ample rest, and avoid crowded places. Additionally, the public is encouraged to seek proper medical advice before using any antiviral medications.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
ReplyDeleteමම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮