නලින් බණ්ඩාර, බිරිද ගෙනා ඩ්‍රෝන තොගයේ සුලමුල එළියට...


 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳ විසින් සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බව කියන රුපියල් මිලියන අටකට අධික වටිනාකමකින් යුතු ඩ්‍රෝන යානා සහ රැහැන් රහිත මයික්‍රෆෝන තොගය සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 307 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි මන්ත්‍රීවරයා සහ බිරිඳ, ප්‍රභූ  පර්යන්තය හරහා ගමන් මලුවල බහා මෙම උපකරණ තොගය රැගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේදී රේගු නිලධාරීන් භාරයට ගැනිණි.

එහිදී සොයාගත් උපකරණ අතර DJI Lito X1 වර්ගයේ ඩ්‍රෝන යානා 27ක්, DJI Lito 1 වර්ගයේ ඩ්‍රෝන යානා 8ක් සහ DJI Neo 2 වර්ගයේ ඩ්‍රෝන යානා 4ක් වශයෙන් ඩ්‍රෝන යානා 39ක් මෙන්ම DJI Mic Mini වර්ගයේ සන්නිවේදන මයික්‍රෆෝන කට්ටල 16ක් ද ඇතුළත් වේ.

මන්ත්‍රීවරයාගේ පුත්‍රයාට අයත් සමාගමේ වෙබ් අඩවියේ දක්වා ඇති මිල ගණන්වලට අනුව මෙම භාණ්ඩ තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 8 ඉක්මවන අතර, එම සමාගමට සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කර තිබූ බලපත්‍රයේ වලංගු කාලය ද පසුගිය අප්‍රේල් මස 04 වැනිදායින් අවසන්ව තිබූ බව අනාවරණය වී ඇත. 

මෙම ඩ්‍රෝන යානාවල තාක්ෂණික ස්වභාවය සහ ඒවා මෙරටට රැගෙන ඒමේ අරමුණ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ද විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත්, මාධ්‍ය හමුවක් පවත්වමින් සිය ස්ථාවරය පැහැදිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙය සිය පුත්‍රයා සහ බිරිඳ අධ්‍යක්ෂ ධුර දරන කැමරා හා ඩ්‍රෝන කුලියට දීමේ සහ අලෙවි කිරීමේ නීත්‍යනුකූල පවුලේ ව්‍යාපාරයක් සඳහා ආනයනය කළ භාණ්ඩ බවයි. 

තමන් රේගුවට භාණ්ඩ ඉදිරිපත් කර නිල නිෂ්කාශනයකට උත්සාහ කළ බවත්, විදුලි සංදේශ නියාමන කොමිසමේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතීන් සතුව තිබුණද ආරක්ෂක අමාත්‍යාංශයේ නිෂ්කාශන බලපත්‍රය පමණක් ප්‍රමාද වී තිබූ බැවින් රේගුව විසින් භාණ්ඩ රඳවා ගැනීමේ නිවේදනයක් නිකුත් කළ බවත් ඔහු පැවසීය. 

තමන් කිසිදු හොර බඩු ජාවාරමකට සම්බන්ධ නැති බවත් රේගුව විසින් මයික්‍රෆෝන තොගය දැනටමත් නිදහස් කර ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.





Parliamentarian Nalinda Bandara Under Investigation for Illegal Import of Drones and Microphones

In a significant development, Sri Lanka's Police Chief has ordered the Criminal Investigation Department (CID) to investigate the illegal importation of drone units and wireless microphones valued at over Rs. 8 million by Parliamentarian Nalinda Bandara and his wife, upon their return from Singapore.

The couple, arriving on SriLankan Airlines flight UL 307, attempted to bring these items into the country via Bandaranaike International Airport in Katunayake. However, customs officers intercepted them during the process, leading to the discovery of the imported goods.

Among the seized equipment are 39 drone units, including 27 DJI Lito X1 models, eight DJI Lito 1 models, and four DJI Neo 2 models, along with a set of 16 DJI Mic Mini communication microphones. This substantial haul indicates a serious breach of import regulations.

According to pricing details available on a website belonging to a company owned by the parliamentarian's son, the total worth of the confiscated items exceeds Rs. 8 million. Furthermore, it has come to light that the validity of the company's license issued by the Civil Aviation Authority expired on April 4 of this year.

The Ministry of Defence has initiated a special inquiry into the technical nature of these drones and the intent behind bringing them into the country.

During a press conference, Bandara clarified his position, stating that the items were imported for a legitimate family business involved in the rental and sale of cameras and drones. He noted that they had presented the goods to customs with the intention of obtaining the necessary official clearance, having secured approvals from the Telecommunications Regulatory Commission and the Civil Aviation Authority. Unfortunately, only the clearance from the Ministry of Defence was pending, which led customs to issue a notice for the detention of the items.

Bandara firmly denied any involvement in smuggling activities and mentioned that the batch of microphones has already been released by customs.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. කොහොමද ආණ්ඩු බලෙත් දීලම තිබ්බ නම්. අනේ ඇත්තට ලංකාවේ මෝඩ වහල්ලු, බත් බැලයෝ තාම ඉන්නවනේ එකා දෙන්නා, තැන තැන ඉතුරු වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔය වගේම කොමෙන් එකක් ලියපන්කො ගල් අඟුරුවලින් ගහපු බිලියන 18 හොරකම ගැනත්.

      Delete
  2. Dan inna hora amathila ekka baluvama meva vihilu..

    ReplyDelete
Previous Post Next Post