යෝජිත අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට විරෝධය පළකරමින් ඓතිහාසික රුවන්වැලි මහා සෑ රථ ගාල පරිශ්‍රයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින බලන්ගොඩ කස්සප හිමියන් ඇතුළු මහා සංඝරත්නය වෙත පැමිණි අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක්, උන්වහන්සේගෙන් විශේෂ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
රාත්‍රී කාලයේදී කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු පොලිස් කණ්ඩායමක් සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණ මෙම ප්‍රකාශය ලබාගත් අතර, එම අවස්ථාවට බලන්ගොඩ කස්සප හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටි බව වාර්තා වේ.
පොලිසිය හමුවේ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බලන්ගොඩ කස්සප හිමියන් සඳහන් කළේ, මීට පෙර මෙම ස්ථානයේ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවලදී ක්‍රියාකළ නිලධාරීන් පැමිණියේ නම් තමන් වහන්සේ කිසිසේත්ම ප්‍රකාශයක් ලබා නොදෙන බවයි.
කෙසේ වෙතත්, පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉතා විනීත සහ ගෞරවනීය අයුරින් රාජකාරිය ඉටුකළ නිලධාරියෙකු වූ බැවින්, අදාළ සිදුවීම් මාලාව පිළිබඳව ඔහු හමුවේ පැහැදිලි කළ බවත්, එම කරුණු ඔහු විසින් සාධාරණ ලෙස අධිකරණය හමුවේ වාර්තා කරනු ඇතැයි තමන් වහන්සේ විශ්වාස කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ප්‍රකාශය සටහන් කරගැනීමේ කටයුතු අවසන් වීමෙන් පසු, පැමිණි පොලිස් නිලධාරීන් පිරිස ඉදිරියේ සෙත් පිරිත් සජ්ඣායනා කළ බලන්ගොඩ කස්සප හිමි ප්රමුඛ මහා සංඝරත්නය, එම නිලධාරීන්ගේ සුරක්ෂිතභාවය පතා අත්වල පිරිත් නූල් බැඳ ආශීර්වාද කිරීමට පියවර ගත්හ.
බුද්ධ ශාසනයට හෝ සම්බුදු සසුනේ චිරස්ථිතියට හානිකර වන කිසිදු අත්තනෝමතික තීන්දුවක් තමන් වහන්සේලා කිසිසේත් පිළිනොගන්නා බව මෙහිදී යළිත් අවධාරණය කළ කස්සප හිමියෝ, බෞද්ධ නීතිය මෙරට ප්රමුඛ නීතිය බවට පත්වන තුරු මෙම අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද වැඩිදුරටත් කියා සිටියහ.
තම පියා බුදුන් වහන්සේ බවත් තමන් පුතා බවත් පියා ළගට පුතා යන්නේ නැතිව වෙන කොහේ යන්නදැයි උන් වහන්සේ එහිදී ප්‍රශ්ණ කලහ.
Protest Against Proposed Anuradhapura Sacred City Development Plan Gains Momentum
A team of officers from the Anuradhapura Division of the Criminal Investigation Department visited the persistent truth seekers at the historic Ruwanweliseya precinct to express concerns over the proposed Sacred City Development Plan. The delegation included several monks from the Balangoda Kassapa sect, who provided a special statement during the interaction.
During nighttime hours, the area was visited by the Officer-in-Charge of the Criminal Investigation Division and a senior police inspector, who took the opportunity to document the statement from the Kassapa monks present. Legal representatives, acting on behalf of the monkhood, were also reported to have attended the meeting.
Following the statement collection, the Kassapa monks voiced to the media that they would refuse to provide any further comments if law enforcement officers involved in previous confrontational incidents appeared again in the future.
However, the principal police inspector, displaying dignity and respect, clarified to the monks about the series of relevant events. The monks expressed their belief that he would report these matters fairly in court.
After the official statement was recorded, the officer group witnessed an invocation of blessings. The lead monk from the Balangoda Kassapa sect performed the ritual of tying blessed threads, praying for the safety of the police personnel present.
Reiterating their stance, the Kassapa monks emphasized their unwillingness to accept any decision detrimental to the Buddhist Sasana or the sanctity of the Buddha's teachings. They vowed to continue this struggle until Buddhist law is recognized as the supreme law in Sri Lanka.
One monk expressed contemplatively, questioning where he should go if he, who considers his father as the Buddha, cannot approach him as a son.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එහෙනම් පොල්ලෙන් ඔළුව පැළුවේ දෙවිදත්තර ගෙ ද? බලංගොඩ උසාවියේ නඩුවට එන්න, කසුන්!
ReplyDeleteතමන්ගේ නමින් පෙනී ඉන්න බැරි පිසාච Lotus 🤮🤮🤮 පැලවත්තේ බත් බැල ඩෝබියා 🤮😡 නියත නිරය උරුම කරගත්, අඩු කුලේ, දෙලොවටම නැති, කාලකණ්නි ත්‍රස්තවාදී ජෙප්පා 😡🤮 අපිට තලේබාන් වැනි සංවිධානයක් අපිට නැති නිසා අපේ රට, දැය, සමය වනසන තෝ වගේ කාලකණ්නි, නියත නිරය උරුම කරගත් පැලවත්තේ බත් බැල ඩෝබියෝ ලොකු පොරවල් වෙලා අන්තර්ජාල අවකාශය අවභාවිත කරමින් අපේ, රට, දැය, සමයට වින කැටුවත් තොපිට මේ උතුම් බුද්ධ භූමියේ වැඩි කල් නටන්න ලැබෙන්නේ නෑ. බොරුවෙන් රජ වූ එකාගේ හිස හත් කඩකට පැලී කල්ප ගානක් පැහෙන නිරයට ඇදගෙන යනවා වගේ තෝ වැනි අපතයන් ගේත් ඔලු ගෙඩි හත්කඩකට පැලී කල්ප ගානක් පැහෙන නිරයට ඇදගෙන යනවා නියතයි.😡🤮🤮🤮
Deleteගෝටව ගෙදර යවන්න බලංගොඩ හාමුදුරුවොත් මූලික වුනා. දැන් ඉතින් රටම විඳවනවා.
ReplyDelete