අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ නිරන්තරයෙන් වැසි ජලයෙන් යටවීම හේතුවෙන් උද්ගතව ඇති බරපතළ මහජන පීඩාවට කඩිනම් හා තිරසර විසඳුම් සෙවීම සඳහා කොළඹ නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) විශේෂ හදිසි සාකච්ඡාවක් පැවැත්වේ.
කොළඹ මහා නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා නාගරික ඉංජිනේරු අංශ, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ පොලිස් රථවාහන අංශය ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන්ගේ ප්‍රධානීන් කැඳවා තිබේ.
මෙහිදී නගරයේ ප්‍රධාන කානු පද්ධතිවල පවතින අවහිරතා කඩිනමින් ඉවත් කිරීම, වැසි ජලය බැසයන ප්‍රධාන ඇළ මාර්ග සහ පොම්පාගාර කඩිනම් නඩත්තුවකට ලක් කිරීම මෙන්ම, ආයතන අතර නිසි සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාත්මක විය හැකි හදිසි ආපදා ප්‍රතිචාර යාන්ත්‍රණයක් සකස් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමට නියමිතය.
මෙම හදිසි සාකච්ඡාව කැඳවීමට ප්‍රධානතම හේතුව වූයේ ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයට කෙටි වේලාවක් තුළ ඇදහැළුණු අධික ධාරානිපාත වර්ෂාවත් සමඟ නගරයේ දෛනික කටයුතු මුළුමනින්ම පාහේ අඩාල වීමයි.
එම මහා වර්ෂාව හමුවේ කොල්ලුපිටිය, ගාලු පාර, බම්බලපිටිය, බොරැල්ල, මරදාන, ආමර් වීදිය, තුම්මුල්ල සහ නගර ශාලාව අවට ප්‍රධාන මාර්ග අඩි එකහමාරකට අධික ජල කඳකින් යටවූ අතර, පැය ගණනාවක් පුරා කිලෝමීටර් ගණනක් දිවෙන දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය. එසේම, කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය සංඥා පද්ධතිය ජලයෙන් යටවී අක්‍රිය වීමෙන් සියලුම මාර්ගවල කාර්යාල දුම්රිය ධාවනය බරපතළ ලෙස ප්‍රමාද විය.
වඩාත්ම කනගාටුදායක තත්ත්වය වාර්තා වූයේ මෙරට ප්‍රධානතම රෝහල වන කොළඹ ජාතික රෝහලෙනි. අධික වැසි ජලය රෝහල් භූමියට ගලා ඒම හේතුවෙන් එහි හදිසි අනතුරු ඒකකය සහ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ පහත මාලය ජලයෙන් යටවූ අතර, විදුලි සෝපාන අක්‍රිය වීමෙන් බරපතළ රෝගීන් ප්‍රතිකාර සඳහා රැගෙන යාමට පවා දැඩි බාධා මතු විය.
Colombo Faces Severe Flooding as Heavy Rains Disrupt Daily Life
In response to escalating public distress caused by continuous flooding in Colombo and surrounding areas, a special emergency meeting convened today under the leadership of the Colombo Mayor. The gathering aims to seek urgent and sustainable solutions to the ongoing crisis brought about by heavy rainfall.
Taking place at the Colombo Municipal Council auditorium, the meeting brought together key officials from various sectors, including urban engineering, the Sri Lanka Land Development Corporation, the Road Development Authority, the Disaster Management Centre, and police transportation departments.
Attention will focus on swiftly addressing blockages in the city’s primary drainage systems and ensuring immediate maintenance of crucial drainage channels and pumping stations. The session will also discuss the development of a coordinated emergency response mechanism that can effectively operate across institutions.
The urgency of this meeting follows a significant deluge yesterday afternoon, which severely disrupted daily activities throughout the city. Residents experienced widespread chaos as heavy downpours inundated Colombo.
During the torrential rainfall, key roads in Kollupitiya, Galle Road, Bambalapitiya, Boralesgamuwa, Maradana, Army Road, Thummulla, and the Municipal Council were submerged under water over a foot deep, creating severe traffic congestion that persisted for hours. Additionally, flooding rendered the railway signaling system between Colombo Fort and Maradana inoperative, leading to significant delays in all train services.
Among the most alarming reports came from Colombo’s National Hospital, the country's principal medical facility. Water overwhelming the hospital grounds affected its emergency unit and submerged the lower floor of the Bandaranaike building, causing serious disruptions to the treatment of critically ill patients due to disabled electrical systems.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
