දකුණුදිග ඉරානයට අයත් උපායමාර්ගික කෙෂ්ම් දූපතවෙත මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව ඉරානයේ Tasnim පුවත් ඒජන්සිය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැති අතර, අදාළ ආරක්ෂක අංශ විසින් සිද්ධිය පිළිබඳ කරුණු තහවුරු කළ වහාම වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කරන බව තස්නිම් පුවත් සේවය සඳහන් කර තිබේ.
ඉරාන රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කර ඇත්තේ, කෙෂ්ම් දූපතට ඉහළින් ගුවන් යානයක ශබ්දයක් ඇසුණු බවත්, ඉන් අනතුරුව දූපතේ Suza ප්‍රදේශයට Projectiles දෙකක් පතිත වූ බව ප්‍රදේශවාසීන් දුටු බවයි.
කෙෂ්ම් දූපතට එල්ල වූ මෙම හදිසි ප්‍රහාරයත් සමඟ, පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා එකඟතාවකින් තොරව බිඳවැටී ඇති බවට පළ වූ වාර්තා කටාර් රාජ්‍යයේ ජාත්‍යන්තර මාධ්‍ය කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
එම වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ බව පෙන්වා දෙන කටාර් රාජ්‍යය, දෙපාර්ශ්වයම අඛණ්ඩව එකඟතාවක් කරා ළඟාවීමට කටයුතු කරමින් සිටින බව කටාර් අග්‍රාමාත්‍යවරයා යළි තහවුරු කළ බව සඳහන් කළේය.
වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සටන් විරාමයක් හෝ සාම එකඟතාවක් ඇති කිරීම සඳහා කටාර් රාජ්‍යය ගෙන යන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් දෙපාර්ශ්වයේම සමීප සම්බන්ධීකරණයෙන් යුතුව තවදුරටත් ක්‍රියාත්මක බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
Missile Strikes Hit Strategic Qeshm Island in Southern Iran
Two missile strikes have reportedly targeted Qeshm Island, a strategic territory in southern Iran, according to local news agency Tasnim.
As of now, official details regarding casualties or property damage have not been disclosed. Tasnim has indicated that the relevant security forces will provide further information once they have confirmed the details of the incidents.
The Islamic Republic News Agency (IRNA) reported that residents in the vicinity heard the sound of an aircraft overhead shortly before two projectiles landed in the Suza area of the island.
This sudden military action has raised concerns as reports suggest that discussions between the United States and Iran aimed at resolving ongoing conflicts have stalled without reaching an agreement. In response, a spokesperson for Qatar's international media office categorically denied these claims.
Qatar reaffirmed that these reports were entirely false and misleading, emphasizing that both parties are actively working towards mutual agreement, a point reiterated by the Qatari Prime Minister.
The announcement further clarified that Qatar’s diplomatic initiatives for establishing a ceasefire or peace agreement between Washington and Tehran are ongoing, reflecting close cooperation between both sides.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
