බෙංගාල බොක්ක යලි කැළඹේ..


 ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ ඊට යාබද අන්දමන් මුහුද ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ලබන 11 වැනිදා වන විට හටගැනීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම වායුගෝලීය කැළඹිලි තත්ත්වයේ සෘජු බලපෑම හේතුවෙන් නොවැම්බර් 13 වැනිදා පමණ වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමට ඉඩකඩ පවතින බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එමෙන්ම, මෙම පද්ධතිය තවදුරටත් සක්‍රිය වෙමින් නොවැම්බර් 15 වැනි දින වන විට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් බවට පත්වීමේ අඩු සම්භාවිතාවක් පවතින බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ හේතුවෙන් අදාළ මුහුදු කලාපවල සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යාමට සහ මුහුද රළු වීමට ඉඩ ඇති බැවින්, බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු සීමාවන්හි යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා, නාවික ප්‍රජාව මෙන්ම වෙරළබඩ ධීවර ජනතාව ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි සහ නිල නිවේදන පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙසද දැනුම් දෙනු ලැබේ.





Weather Advisory Issued for Bay of Bengal and Andaman Sea

The Department of Meteorology has announced the potential for atmospheric disturbances in the Bay of Bengal and surrounding areas of the Andaman Sea by November 11. This marks the beginning of an alert as the region prepares for the possibility of adverse weather conditions.

Forecasts indicate that as these disturbances develop, a low-pressure system could form in proximity to the Bay of Bengal around November 13. This situation is under close observation due to the significant impact it could have on local weather patterns.

Additionally, the weather system is expected to remain active, and there is a low likelihood of it evolving into a depression by November 15 in the southern Bay of Bengal, according to the released statement.

In light of these developments, authorities have cautioned that wind speeds in the affected maritime zones may rise sharply, resulting in rough seas. Fishermen operating multi-day fishing vessels in the Bay of Bengal and Andaman Sea are urged to exercise extreme caution, as should the broader nautical community and coastal fishing populations.

The Department of Meteorology has also advised the public to remain vigilant and to keep an eye out for future weather forecasts and official announcements related to this situation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post