නොවැම්බර් මස 27 වෙනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ. මහ විරු දිනය සැමරීම පිණිස උතුරේ සියලුම දෙමළ වැසියන් එක්වන ලෙස එම උළෙලේ සංවිධායකයෝ මහජනතාවට දැනුම් දී තිබේ.
මෙවරද යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කීපයක් හා උතුරේ ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් කොටි මහවිරු දිනය සැමරීමට කටයුතු සූදානම් කොට තිබේ.
ඒ අනුව මුලතිව් හා කිළිනොච්චි ප්‍රදේශවල වැසියන් විශාල පිරිසක් මේ දිනවල එල්.ටී.ටී.ඊ. සොහොන් පිහිටි ප්‍රදේශවල කැලය සුද්ධ කරමින් නටබුන් බවට පත්ව තිබෙන එම සොහොන් එළිපෙහෙලි කිරීමට පටන් ගෙන තිබේ.
මේ සඳහා ගම් මට්ටමින් ශ්රමදානද සංවිධානය කොට තිබේ. මෙම අවස්ථාවලට පැමිණි පිරිස් සොහොන් කොත් එළි පෙහෙළි කොට ආපසු යෑමට පෙර ඒවාට පහන් හා ඉටිපන්දම් දල්වා මියගිය පිරිස සමරන ආකාරයක් ද දැක ගැනීමට ලැබුණි. සෑම වසරකම කොටි මහවිරු දිනය උතුරු නැගෙනහිර වැසියන් විසින් සමරනු ලබන අතර එය රජයෙන් තහනම් ක්‍රියාවක් ලෙසද ප්‍රකාශයට පත් කොට තිබේ.
උතුරේ ප්‍රධාන මහවිරු සැමරුම මෙවරද මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේ ඉදිකොට ඇති විශේෂ මහවිරු ස්මාරකය ඉදිරිපිට දී පවත්වනු ලබයි.
මහ විරු සමරුව සැමරීමට න්‍යාය පත්‍රයක් සකස් කිරීමට යෑමේදී යාපනය මහ නගර සභාවේ මන්ත්‍රීවරු කීප දෙනෙකුගෙන් දැඩි විරෝධයක් එල්ල වීමත් සමගම සභාවේ කටයුතු අතරමග නවතා දැමීමට සිදුව තිබේ.
මේ අවස්ථාවේදී සභාවේ සිටි මන්ත්‍රීවරු හතර දෙනෙකුම කෑ කෝ ගසමින් සභාවෙන් පිටව ගොස් තිබේ. මහවිරු සමරුවට පෙර යාපනයේ කෝපායී ප්‍රදේශයෙන් ඉවත්කළ තිලීපන්ගේ ප්රතිමව සම්බන්ධයෙන් යාපනය මහ නගර සභාව ගන්නා පියවර ගැන මන්ත්‍රීවරු කීප දෙනකුම ප්‍රශ්නා කොට තිබේ.
මේ ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කොට මහ විරු දිනය සැමරෙන අන්දම ගැන න්‍යාය පත්‍රයක් සකස් කිරීමට උත්සහ කිරීම නිසා මුලින්ම සභාවේ උණුසුම්කාරී වාතාවරණයක් හට ගෙන තිබේ.
පසුව තවත් ඊට පක්ෂව හා විපක්ෂව අදහස් ඉදිරිපත් වීමත් සමගම සභාවේ තත්ත්වය උණුසුම් වී විශල ගාලගෝට්ටියක් හට ගෙන තිබේ.
කෙසේ වෙතත් යාපනය නගර සභාවද නොවැම්බර් 27 දා යාපනයේදී මහ විරු දිනය සැමරීමට අවශ්‍ය බවට සභාවෙන් පිටත කථිකාවක් ඇති කර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ
Maha Viru Day Commemorations Planned Amidst Controversy in Northern Sri Lanka
As November 27 approaches, organizers are calling on all Tamil citizens in the North to join in the commemoration of Maha Viru Day, a significant event observed annually. This year, various student organizations from the University of Jaffna, along with several voluntary groups in the Northern province, are preparing to honor this solemn occasion.
In light of the upcoming observance, residents in the Mullaitivu and Kilinochchi areas have been actively engaging in community clean-up efforts around designated memorial sites, making preparations to celebrate the day with respect and reverence. Grassroots initiatives have been organized to facilitate these activities.
Participants have been observed lighting lamps and lighting incense in tribute to the deceased, symbolically honoring those who have passed on. Maha Viru Day, celebrated annually by the people of the North and East, has long been declared a prohibited event by the government.
This year’s main memorial event will take place at a special Maha Viru monument located along the coastline in Mullaitivu, offering a poignant backdrop for the commemorations.
The preparation for the event has stirred considerable debate among members of the Jaffna Municipal Council. A sharp disagreement arose among several councillors, leading to a temporary suspension of council proceedings as they discussed the council's involvement in the event.
Four councillors have publicly expressed their dissenting views and exited the council session, specifically challenging the decision to relocate a statue of Thileepan prior to Maha Viru Day. Questions were raised about the council's actions regarding this statue, sparking a heated discussion among members.
The contentious atmosphere culminated in a flurry of emotions, as advocates and opponents alike voiced their perspectives, culminating in a tumultuous debate within the council.
Regardless of the disputes, the Jaffna Municipal Council has issued an external statement reaffirming the necessity of commemorating Maha Viru Day on November 27 in Jaffna.
Reported by Dinesh Ratugamage
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
