පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි යෝජනාවක්..


 පවත්නා ආර්ථික අර්බුදය හා ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ වත්මන් පාලනයට හිමිව තිබූ ජනවරම බිඳවැටී ඇති බැවින්, වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මහජන වරමකට යා යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පසුගිය කාලසීමාවට සාපේක්ෂව ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි. 

2024 වසරේදී පැවති මිල ගණන් හා වත්මන් මිල ගණන් සැසඳූ මන්ත්‍රීවරයා, රුපියල් 309ක්ව පැවති පෙට්‍රල් ලීටරයක් රුපියල් 424 දක්වාත්, රුපියල් 283ක්ව පැවති ඩීසල් ලීටරයක් රුපියල් 392 දක්වාත් ඉහළ ගොස් ඇති බව සඳහන් කළේය. 

එමෙන්ම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,365 ඉක්මවා ඇති බව ද හෙතෙම සභාවට පෙන්වා දුන්නේය.

උද්ධමනය සහ විදේශ විනිමය අනුපාත පිළිබඳව කරුණු ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා, 2024 වසරේ සියයට 0.5ක්ව පැවති උද්ධමන අනුපාතය මේ වන විට සියයට 8.3ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඩොලරයක වටිනාකම රුපියල් 292 සිට රුපියල් 337 දක්වා වැඩි වී ඇති බවත් පැවසීය.

රජය ලබාදුන් පොරොන්දු කඩ කරමින් ජනතාව දැඩි පීඩනයකට ලක් කර ඇති බවට චෝදනා කළ මුජිබර් රහුමාන් මහතා, වත්මන් පාලනය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වී ඇති බැවින් වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට යෝජනා කළේය. 

මෙහිදී සභාගර්භයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ බාධා කිරීම් හමුවේද මන්ත්‍රීවරයා සිය අදහස් දැක්වීම දිගටම කරගෙන ගියේය.





Calls for Immediate Parliamentary Dissolution Amidst Economic Crisis

The ongoing economic turmoil and rapidly escalating cost of living have prompted urgent calls for the dissolution of Parliament and the establishment of a new public mandate. Mujibur Rahuman, a member of the Samagi Jana Balawegaya party, expressed this sentiment during a recent parliamentary session.

During the budget debate, Rahuman highlighted the alarming rise in prices of essential goods and services, including fuel and gas, compared to previous periods. He noted that the price of petrol has surged from 309 Sri Lankan Rupees per liter to 424 Rupees, while diesel has increased from 283 Rupees to 392 Rupees per liter.

Furthermore, he pointed out that the price of a gas cylinder has now exceeded 4,365 Rupees, reflecting the harsh economic reality faced by many citizens.

Discussing inflation and exchange rates, Rahuman revealed that the inflation rate, which stood at 0.5% in 2024, has soared to 8.3% at present, with the value of the dollar rising from 292 to 337 Rupees.

He accused the government of failing to meet its commitments, thereby placing severe pressure on the populace. Given the erosion of public trust in the current administration, he urged for immediate national elections to restore confidence in governance.

Despite facing interruptions from government party members during his address, Rahuman persisted in voicing his concerns, emphasizing the urgent need for change in the country’s leadership.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. එලවන්න ඉස්සෙල්ලා කරුණාකර විසුරුවා හරින්න.එහෙම නැති වුනොත් 3% වත් ඉතුරු වෙන එකක් නැහැ.සත්‍යයයි

    ReplyDelete
Previous Post Next Post