බල්තසාර් කිවුවේ තඩි පචයක්.. අගමැතිනි කිවු දේ කලානම් කොළඹ යටවෙන්නෑ.. මෙය ‘දිට්වා’ හා සමාන දැනුවත් අපරාධයක්...


 පසුගිය සිකුරාදා (06) කොළඹ නගරය පුරා හටගත් විනාශකාරී ජල ගැලීම, කොළඹ මහ නගර සභාව ඇතුළු වගකිවයුතු බලධාරීන් විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ උපදෙස් නිසි පරිදි ක්‍රියාවට නැංවූයේ නම් පහසුවෙන්ම වළක්වා ගැනීමට ඉඩ තිබූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

නාරාහේන්පිටදී පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී, කොළඹ නගරයේ සියලුම ඇළ මාර්ග සහ කාණු පද්ධති ප්‍රතිසංස්කරණය කර පිරිසිදු කරන ලෙස අග්‍රාමාත්‍යවරිය ඉකුත් ඔක්තෝබර් 13 වැනිදා පැහැදිලි නියෝගයක් ලබාදී තිබූ බව හිටපු අමාත්‍යවරයා සිහිපත් කළේය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, සමන්මලී ගුණසිංහ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී නඩත්තු කටයුතුවල පවතින ගැටලු සාකච්ඡා වුවද, අග්‍රාමාත්‍යවරියගේ නියෝගය මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනියගෙන් වහා කරුණු විමසා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කළේය.

කොළඹ නගරයේ කාණු පද්ධතිය සකස් කර ඇත්තේ මිලිමීටර් 30ක වර්ෂාපතනයකට පමණක් බැවින් නොවැම්බර් 06 වැනිදා ලැබුණු මිලිමීටර් 129ක අධික වර්ෂාපතනය දරාගත නොහැකි වූ බවට කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බැල්තසාර් මහත්මිය කළ ප්‍රකාශය අමූලික බොරුවක් ලෙස බැහැර කළ රණවක මහතා, අදාළ ප්‍රකාශය රජයේ තාක්ෂණික ආයතන විසින්ම පසුව ප්‍රතික්ෂේප කර ඇති බවද පෙන්වා දුන්නේය.

මීට පෙර කොළඹට මීටත් වඩා අධික වර්ෂාපතනයන් ලැබුණු අවස්ථාවලදී පවා කොළඹ ජාතික රෝහල මෙලෙස ජලයෙන් යට නොවූ බවත්, පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ මෙතරම් අන්ත අසරණ තත්ත්වයකට පත් නොවූ බවත් පෙන්වා දුන් ඒ මහතා, ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ පාලනය භාරගත් පසු කිසිදු සංවර්ධන හෝ නඩත්තු කාර්යයක් සිදුකර නොමැති බවට චෝදනා කළේය. 

නගරයේ කාණු පද්ධති නිසි ලෙස පිරිසිදු කරනවා වෙනුවට නගරාධිපතිනිය සමාජ මාධ්‍ය හරහා මහජනතාව මුළා කරන ප්‍රචාරක වැඩපිළිවෙළක නිරතව සිටින බවද ඔහු කීය.

මෙම අර්බුදය හමුවේ සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට සිදුවූ අතිවිශාල පාඩුවට කොළඹ මහ නගර සභාව සම්පූර්ණයෙන්ම වගකීම භාරගෙන ප්‍රමාණවත් වන්දි ගෙවිය යුතු බව අවධාරණය කළ රණවක මහතා, ඉහළින් ප්‍රචාරය කරන ලද ‘Clean Sri Lanka’ ව්‍යාපෘතිය කොළඹ නගරය වෙනුවෙන් කිසිදු මැදිහත්වීමක් සිදු නොකිරීම කණගාටුවට කරුණක් බව පැවසීය. 

ආණ්ඩුවේ සහ නගර සභාවේ මෙම උදාසීන පිළිවෙත, 2025 නොවැම්බරයේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම නිසා ජීවිත සිය ගණනක් අහිමි වීමට සමාන නොසැලකිලිමත් ක්‍රියාවක් බවට ද ඔහු සැසඳීය.





Colombo Mayor's Inaction Criticized Following Severe Flooding

Last Friday’s devastating flooding across Colombo could have been avoided if the directives of Prime Minister Dr. Harini Amarasuriya had been implemented effectively, asserted Patali Champika Ranawaka, a prominent leader of the United National Front and former minister.

While attending the Colombo District Coordination Committee meeting in Narahenpita, Ranawaka reminded attendees that the Prime Minister had issued clear orders on October 13 for the thorough renovation and cleaning of all drainage systems in the city.

The meeting featured significant participation from Members of Parliament Lakshman Nishantha, Samanmalee Gunasekara, and Colombo District Secretary Prasanna Janaka Kumara. Although discussions on maintenance issues took place, Ranawaka emphasized the need for an immediate inquiry with the Mayor of Colombo regarding the failure to carry out the Prime Minister's directives.

Ranawaka refuted claims made by the Mayor, Dr. Roi Kelly Balthasar, that the city's drainage system was only equipped to handle 30 millimeters of rainfall, stressing that the excessive 129 millimeters on November 6 overwhelmed the system. He highlighted that this assertion had already been dismissed by government technical institutions.

The former minister pointed out that during prior instances of heavier rainfall, such as during the flooding of Colombo National Hospital, the city did not suffer to the extent seen recently. He criticized the National People's Power movement for its lack of development and maintenance activities since assuming control of the Colombo Municipal Council.

Instead of undertaking proper cleaning of the drainage system, Ranawaka accused the Mayor of engaging in public relations campaigns through social media aimed at placating the public.

He argued that the Colombo Municipal Council should take full responsibility for the immense losses suffered by both residents and business communities and should provide adequate compensation. He expressed disappointment that the previously promoted "Clean Sri Lanka" initiative had not led to any improvement in Colombo’s conditions.

Ranawaka condemned the government's and municipal council's apathy, comparing their neglect to ignoring warnings issued by the Meteorological Department concerning the November 2025 "Dithwa" cyclone, which resulted in devastating loss of life.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post