එල්නිනෝ තත්ත්වය තවදුරටත් ශක්තිමත්වීම සහ නිරිතදිග මෝසම සක්‍රියවීම හේතුවෙන් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වර්ෂාපතනය වැඩිවී ගංවතුර හා හදිසි ගංවතුර ඇතිවිය හැකි බැවින් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය වාර්තාවක් මගින් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කර තිබේ.
එම වාර්තාව නිකුත් කර ඇත්තේ නොවැම්බර් දෙවැනිදාය. එවැනි වාර්තා නිකුත් කර තිබියදී කොළඹ නගරය, අවිස්සාවේල්ල නගරය, නාවලපිටිය නගරය ක්ෂණික ගංවතුරකට පසුගිය දින තුන තුළ ලක්විය.
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් 2010 වසරේ මිලිමීටර් 440 කත්, 1993 වසරේ මිලිමීටර් 493 ක වර්ෂාපතන වාර්තා වී තිබෙන බැවින් ඉදිරියේදීත් මෙවැනි අවස්ථා පැමිණීමේ ඉඩකඩ තිබෙන බව කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න කියා සිටී.
ඉකුත් හයවැනිදා කොළඹට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 120 ට වැඩි බවත් ජල ප්‍රමාණය ක්ෂණිකව බැස යෑමට ක්‍රමයක් නොතිබීම සහ කානු පද්ධති අවහිරවීම ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමට බලපෑ බවද අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසා සිටියේය.
කොළඹ නගරය යටවීම සම්බන්ධයෙන් කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් කියා සිටින්නේ කොළඹ නගරයේ කානු පද්ධතිය මීට වසර ගණනාවකට පෙර නිර්මාණය කර ඇත්තේ මිලිමීටර් 30 ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන අන්දමට බවත්, ඉකුත් හයවැනිදා ඇතිවූ වර්ෂාපතනය මිලිමීටර් 129 ක් බැවින් මෙවැනි තත්ත්වයක් ඇතිවූ බවය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පවසන පරිදි මීට පෙර කොළඹ නගරයේ මිලිමීටර් 440 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන් කරන කොළඹ දිස්ත්‍රික්කයේ සමගිජන බලවේගයේ මන්ත්‍රි එස්.එම්. මරික්කාර් කියා සිටින්නේ නගරාධිපතිනිය පවසන්නේ පට්ටපල් බොරුවක් බවත්, එවැනි වර්ෂාපතනයකදී පවා කොළඹ නගරයේ මෙවැනි යටවීමක් සිදුවී නැති බවත්ය. එමෙන්ම නගරාධිපතිනියට එරෙහිව මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බවත් කොළඹ ජනතාව සමග පාරට බැසීමට තමන් කටයුතු කරන බවත් මරික්කාර් මන්ත්‍රිවරයා සඳහන් කළේය. ඒ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.
මේ අතර ඊයේ (8) පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වැසි සහ සුළං හේතුවෙන් අවිස්සාවේල්ල පෞද්ගලික බස් නැවතුම්පොළ සම්පූර්ණයෙන් ජලයෙන් යටවිය. කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගය, පුවක්පිටිය ප්‍රදේශයෙන්ද ජලයෙන් යටවිය. දැඩි සුළං හේතුවෙන් නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටීමෙන් තිදෙනෙක් තුවාල ලැබූ අතර බැතිමතුන් පැමිණි වාහනවලටද දැඩි හානි සිදුවී ඇත.
සාලිය කුමාර ගුණසේකර
Severe Weather Alerts Issued as Colombo Faces Flash Flood Threat
The Department of Meteorology has issued urgent warnings regarding the potential for increased rainfall, flash floods, and sudden inundation in Colombo and other areas due to the strengthening of El Niño conditions and active southwest monsoon. All government institutions have been advised to take necessary precautions as November and December could see heightened precipitation levels.
This advisory, released on November 2, comes in the wake of recent flash floods that have affected the cities of Colombo, Avissawella, and Nawalpitiya over the past three days.
On November 6, the city recorded more than 120mm of rain, which severely strained the drainage systems, contributing to the flash flooding. Wijemanna emphasized that without proper drainage mechanisms, water levels could rise rapidly during such extreme weather events.
Reacting to the flooding concerns, Colombo Mayor Rosy Senanayake explained that the city’s drainage system was designed decades ago to handle approximately 30mm of rainfall. The rainfall recorded on November 6, measuring 129mm, far exceeded this threshold and consequently led to the severe flooding.
Moreover, Minister S.M. Marikkar of the Samagi Jana Balawegaya called out Mayor Senanayake's claim about the management of the recent downpour as misleading, asserting that such flooding had not occurred even during previously reported heavy rains. He indicated plans to take action against the Mayor, stressing that he would engage with the public to address these issues.
Meanwhile, on the afternoon of November 8, a heavy storm caused significant flooding at the private bus stand in Avissawella, as well as on the Ratnapura main road and in the Puwakpitiya area. Additionally, strong winds led to the collapse of a tree behind the pathtini devalaya in Nagalay, injuring three individuals and damaging several vehicles.
By Salitha Kumara Gunasekara
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
