ට‍්‍රම්ප්ගේ බලය ගිලිහේ.. ඇමරිකා බලය ඩිමොක්‍රටික්ලාට...


 ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති තීරණාත්මක මධ්‍යවාර මැතිවරණයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජයකට ලක් කරමින්, එරට කොංග්‍රස් මණ්ඩලයේ උභය මන්ත්‍රී මණ්ඩල වන සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය  යන දෙකෙහිම පාලන බලය අත්පත් කර ගැනීමට විපක්ෂ ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

නිකුත් වෙමින් පවතින නවතම නිල මැතිවරණ ප්‍රතිඵල සහ ප්‍රක්ෂේපණයන්ට අනුව, මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගෙන් සමන්විත සෙනෙට් සභාවේ ආසන 52ක් දිනා ගනිමින් ඩිමොක්‍රටික් පක්ෂය එහි බහුතර බලය තහවුරු කරගෙන ඇත. ඒ අනුව, මීට පෙර රිපබ්ලිකන්වරුන් සතුව පැවති ආසන 6ක්ම සිය පක්ෂය වෙත හරවා ගැනීමට  ඩිමොක්‍රටික්වරුන් සමත්ව ඇති අතර, රිපබ්ලිකන් පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකිව ඇත්තේ ආසන 40ක් පමණි.

එසේම, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සමස්ත ආසන 435න් මේ වන විට ගණනය කර අවසන් කර ඇති ආසන 302ක ප්‍රතිඵල අනුව, ඩිමොක්‍රටික් පක්ෂය ආසන 192ක් ජයග්‍රහණය කරමින් සභාවේ බහුතරය පිහිටුවීමේ ජයග්‍රාහී සීමාව (ආසන 218) ඉක්මවා යන බවට ජාත්‍යන්තර පුවත් සේවා තහවුරු කර ඇත. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ ද රිපබ්ලිකන් පක්ෂය සතුව තිබූ ආසන 14ක් උදුරා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇති අතර, රිපබ්ලිකන් පක්ෂය සීමා වී ඇත්තේ ආසන 110කට පමණි.

මෙම දැවැන්ත මැතිවරණ ප්‍රතිඵලය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය කෙරෙහි ඇමෙරිකානු ඡන්දදායකයන් ලබාදුන් සෘජු විරෝධතාමය තීන්දුවක් ලෙස සැලකේ. දරාගත නොහැකි ජීවන වියදම, ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ ආන්දෝලනාත්මක ආනයනික තීරුබදු හේතුවෙන් උද්ධමනය ඉහළ යාම, ඉරාන යුද අවදානම සහ සමාජ සුභසාධන කප්පාදුව කෙරෙහි ජනතාව තුළ පැවති දැඩි කලකිරීම ඩිමොක්‍රටික් පක්ෂයේ මෙම ඓතිහාසික ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

කොංග්‍රස් මණ්ඩලයේ උභය මන්ත්‍රී මණ්ඩලවලම පාලන බලය ඩිමොක්‍රටික් පක්ෂය අතට පත්වීමත් සමඟ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉදිරි දෙවසරක ධුර කාලය බලතල අභියෝගයට ලක් වූ තත්ත්වයට පත්වනු ඇත.

ඒ අනුව, වාර්ෂික රාජ්‍ය අයවැය සම්මත කරගැනීම, විදෙස් වෙළෙඳ ගිවිසුම්, ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම ඇතුළු තීරණාත්මක සියලු ව්‍යවස්ථාදායක කටයුතුවලදී ඩිමොක්‍රටික් පක්ෂයේ එකඟතාව ලබාගැනීම ජනාධිපතිවරයාට අනිවාර්ය වේ. 

මීට අමතරව, ට්‍රම්ප් පරිපාලනයේ ආන්දෝලනාත්මක තීන්දු සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් කොංග්‍රස් පරීක්ෂණ සහ දෝෂාභියෝග ක්‍රියාවලීන් ආරම්භ කිරීමට ද කොංග්‍රස් මණ්ඩලයේ පාලන බලය දිනූ ඩිමොක්‍රටික්වරුන්ට පූර්ණ නෛතික බලය හිමිවනු ඇත.





Democrat Party Secures Control of U.S. Congress in Pivotal Midterm Elections

The Democratic Party has achieved a remarkable victory in the recent midterm elections in the United States, successfully taking control of both the Senate and the House of Representatives, marking a significant setback for President Donald Trump and the Republican Party.

Initial reports and results indicate that Democrats have won 52 out of the 100 seats in the Senate, solidifying their majority. They successfully flipped six seats previously held by Republicans, leaving the GOP with only 40 seats following the elections.

In the House of Representatives, with results from 302 of the total 435 seats counted, Democrats have secured 192 seats, surpassing the threshold of 218 needed for a majority. They have also managed to unseat 14 Republican incumbents, reducing the Republican presence to approximately 110 members in the House.

This monumental electoral outcome is viewed as a direct referendum on President Trump’s administration. Key issues influencing voter sentiment included soaring living costs, inflation attributed to controversial tariffs imposed by the Trump administration, concerns over tensions with Iran, and widespread public discontent regarding cuts to social welfare programs.

With full control of both chambers of Congress, the Democratic Party poses a formidable challenge to President Trump’s agenda over the next two years. This development complicates key legislative actions, including the passage of the annual federal budget, international trade agreements, and appointments of senior federal judges, all of which will now require Democratic approval.

Furthermore, the shift in power enables Democrats to launch investigations into Trump's administration regarding controversial decisions and allegations of corruption, granting them substantial ethical and political leverage in the forthcoming legislative sessions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post