වත්මන් රජය මර්දනය දියත් කරමින් පොලිස් රාජ්‍යයක් බිහිකරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිදුකරන ප්රකාශයන්ට සදාචාරාත්මක කිසිදු අයිතියක් නොමැති බව පවසමින්, රාජපක්ෂ පාලන සමයේ සිදුවූ අභිරහස් ඝාතන, මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර, සුදු වෑන් භීෂණය සහ මහජන වෙඩි තැබීම් සිහිපත් කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පාර්ලිමේන්තුවේදී දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය.
පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය කලේය.
තමන්ට පෙර අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතාගේ කතාවට සෘජුව ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ, මර්දනය සහ ඝාතන පිළිබඳ ඉතිහාසයක් හිමි පිරිසක් අද වන විට මර්දනය ගැන කතා කරන්නේ කෙසේද යන්නයි.
මෙහිදී අතීත සිදුවීම් පෙළගැස්වූ ශාන්ත පද්මකුමාර මහතා, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළේ කවුරුන්ද යන්න සහ ඊට "අම්මයි පුතයි" සම්බන්ධ බව මුළු රටම දන්නා බව ප්‍රකාශ කළේය. එමෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් අතුරුදන් කර ඝාතනය කිරීම පිටුපස නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බාප්පාවරුන් සිටි බවටද හෙතෙම චෝදනා කළේය.
ඊට අමතරව, මාධ්‍යවේදී පොද්දල ජයන්ත, කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන් යන මාධ්‍යවේදීන්ට පහර දී අත්පා කඩා ඝාතනය කිරීමට උත්සාහ කළේ නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස බව මන්ත්‍රීවරයා සභාවේදී සිහිපත් කළේය.
පානීය ජලය ඉල්ලා සාමකාමීව උද්ඝෝෂණය කළ රතුපස්වල අහිංසක ජනතාවට සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස විරෝධතාවයේ යෙදුණු කම්කරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ වගකීම රාජපක්ෂවරුන් භාරගත යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
තවද, සිරස ආයතනයට බෝම්බ ගැසීම, සියත නාලිකාවට ගිනි තැබීම, සුදු වෑන් මඟින් පුද්ගලයන් පැහැර ගැනීම මෙන්ම පොලිසිය ලවා "ආයුධ පෙන්වීමට" රැගෙන ගොස් සැකකරුවන් ඝාතනය කිරීමේ භීෂණ යුගයක් නිර්මාණය කළේ එම පාලනය බව පැවසූ මන්ත්‍රීවරයා, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දකුණේ හෝටලයකට කඩා වැදී ත්රස්තවාදීන් සමඟ යුද්ධ කරන අයුරින් වෙඩි ප්‍රහාර එල්ල කළ අයුරුද මතක් කර දුන්නේය.
නාමල් රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව යටතේ ඉන්ධන හා ගෑස් පෝලිම් ඇති බවට පවසන ප්‍රකාශ උපහාසයට ලක් කළ මන්ත්‍රීවරයා, "කොහෙද තෙල් පෝලිම්, ගෑස් පෝලිම් තියෙන්නේ? වැලිකඩ තියෙනවද? බොරු කියලා වැලිකඩ යන්න වෙනවා නම් ඒකටත් කප් එක ගහන්නේ නාමල්. අනාගත 2029 වැලිකඩ ජනාධිපතිතුමා," යැයි සදහන් කළේය.
වත්මන් ආණ්ඩුව බලයට පත්ව ගතවූ මාස දෙකකට අධික කාලය තුළ කිසිදු අහිංසක පුරවැසියෙකු බන්ධනාගාරගත කර හෝ මර්දනයට ලක් කර නොමැති බවත්, සැබෑ මර්දනයේ නිර්මාතෘවරුන්ට වත්මන් පාලනය විවේචනය කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
Shantha Padmakumara Condemns Former MP Namal Rajapaksa's Accusations Amid Dark Past
In a heated parliamentary session, Shantha Padmakumara, a member of the National People's Power, launched a fierce critique against former MP Namal Rajapaksa, asserting that his statements about state repression lack any moral credibility. Padmakumara drew attention to a history marred by mysterious killings, assaults on journalists, and a climate of fear characterized by white-van abductions during the Rajapaksa administration.
The comments arose as Padmakumara responded directly to Rajapaksa's earlier remarks, questioning how those with a past steeped in violence and killings could now speak out against repression. He further recalled the notorious murder of rugby player Wasim Tajudeen, declaring that the entire nation is aware of the connection to “Amma and Putha” – a reference laden with implications about the implicated parties.
Padmakumara also accused Namal Rajapaksa and his kin of orchestrating the kidnapping and murder of journalist Prageeth Eknaligoda, emphasizing the need for accountability from those who once wielded power with brutality. He referenced incidents involving violence against journalists such as Poddala Jayathilake, Keith Noyahr, and Upali Tennakoon, suggesting that Rajapaksa, along with his notable relatives, played significant roles in these attacks.
Shifting his focus to law enforcement, he highlighted the responsibility of Rajapaksas for the killings of peaceful protestors who only sought basic rights, such as access to drinking water, and those from the free trade zone in Katunayake who took to the streets in peaceful protest.
"The heinous regime behind bombing the Sirasa institution, setting fire to Siyatha TV, and orchestrating abductions through white vans created a reign of terror," Padmakumara stated. He also invoked memories of former police chief Deshabandu Tennakoon, who was involved in deadly confrontations with supposed terrorists.
Taking aim at Rajapaksa's sarcastic remarks about fuel and gas shortages under the current government, Padmakumara dismissed the claims with pointed skepticism, questioning, "Where are the fuel and gas shortages? Are they in Welikada? If lying leads to a situation in Welikada, Namal will be held accountable." He alluded humorously to the future, saying, “The President of 2029 will be from Welikada.”
He concluded by asserting that over two months since the current government came to power, no innocent citizens have been imprisoned or subjected to repression, reinforcing the stance that true perpetrators of past violence have no moral standing to criticize the present administration.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මිනි මරුවන් දෙකොටසක් එකි නෙකාට චොදනා කොරගනී, එ අස්සෙ ගංජා ඉදන් විසිවේ
ReplyDeleteඅයිසේ, තමුසේ ඔය මිනීමැරුම් ගැන, පහරදීම් ගැන දන්නවනම් ඔතන කියෝ කියෝ ඉන්නෙ නැතිව පොලීසියට ගිහින්ල පැමිණිල්ලක් දානවකො.
ReplyDeletePacha kotage pacha anugamika katha okkoma aththa.....
ReplyDeleteBayata kiyana kavi..padu jeppo...