දේශපාලන බලය ලබාගැනීමේ සිහිනය සැබෑ කරගැනීම උදෙසා අතීතයේදී ජීවිත පවා කැප කළ බවත්, එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස දුක් විඳින අවසන් නගරාධිපතිවරුන් මෙන්ම අවසන් මැති ඇමැතිවරුන් බවට පත්විය යුත්තේ තමන් ඇතුළු පිරිස බවත් කඩුවෙල මහා නගර සභාවේ හිටපු නගරාධිපති රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කරයි.
තවදුරටත් මහජන නියෝජිතයන් හෝ සේවකයන් පීඩාවට පත්වෙමින් දුක් විඳිය යුතු නැති බව පෙන්වා දෙන ඒ මහතා, නව දේශපාලන පරිවර්තනයත් සමඟ නගර සභාවලට උත්සව සමයේ ලැබෙන සුබපැතුම් හෝ ත්‍යාග පාර්සල් නතර වී ඇතැයි ඇතැම් පාර්ශ්ව වැරදි වැටහීමක් ඇති කරගෙන සිටින බව සඳහන් කළේය.
විශේෂයෙන් වසර අවසාන දෙසැම්බර් උත්සව සමයේදී පෞද්ගලික සහ රාජ්‍ය ආයතන මඟින් පළාත් පාලන ආයතන වෙත ලබාදෙන ත්‍යාග සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ඔහු, නගර සභාවේ සේවක ප්‍රජාව වෙනුවෙන් එම ආයතනවල නිෂ්පාදනවලින් හෝ යම් කොටසක් ලබාදීමට පියවර ගන්නා ලෙස තමන් විවෘතව ඉල්ලා සිටි බව පැවසීය.
"අපි පාලනය භාරගත්තට පස්සේ දෙසැම්බර් මාසේ තෑගි පාර්සල් එන්නේ නෑ, මෙතන ඉන්නේ කාලා බීලා ඉන්න මිනිස්සු නෙවෙයි කියලා සමාජයේ ඇතැම් අය තුළ මතයක් තියෙනවා. රාජ්‍ය ආයතනවලත් ඒ ගැටලුව තියෙනවා. නමුත් අපි ඒවා මඟහරවාගෙන මේ ගමන යන්න ඕනේ. අපිත් හොඳට කාලා බීලා සතුටින් ඉන්න කැමති මිනිස්සු," යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Former Mayor Ranjan Jayalal Calls for Change in Local Governance Amidst Political Struggles
Ranjan Jayalal, the former mayor of Kadawatha, reflects on the sacrifices made in the pursuit of political power, noting that the final mayors and ministers who endured hardship should be seen as representatives of the people. He expresses disappointment over the ongoing challenges faced by public representatives and staff within local councils.
Highlighting a pressing issue, Jayalal emphasized that public officials should not have to suffer or endure pressure. He pointed out that misconceptions have arisen regarding the gifts and well-wishes typically exchanged during festive seasons in municipal councils, particularly amidst the country's shifting political landscape.
During the festive period in December, he sought to clarify the situation regarding gifts provided by private and public institutions to local government bodies. In a candid appeal, he urged these institutions to consider allocating a portion of their products or gifts for the benefit of municipal staff.
"After assuming control, we noticed that gift parcels sent in December are no longer arriving. There’s a perception among some members of society that the staff here are simply idle. This issue also exists within state institutions. However, we need to overcome these challenges and continue forward positively. We want to live happily and healthily as well," he reiterated, stressing the need for unity and support within the community.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

වෙනදා දුන්නේ ලාබෙන්.... දැන් ලාභ නෑ... tax ගෙවලා හෙම්බත්වෙලා... දැන් හුකාබිය
ReplyDeleteත්‍රස්තවාදී, හිඟන, අඩු කුලේ, පාහර ජෙප්පා 🤮🤮🤮😡
ReplyDelete