ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම් සඳහා වැය වන සමස්ත පිරිවැයෙන් සියයට 15ත් 20ත් අතර ප්‍රමාණයක් ආනයනික ඉදිකිරීම් ද්‍රව්‍ය සහ විදේශීය ශ්‍රමය වෙනුවෙන් වැය වන බවත්, යන්ත්‍රෝපකරණ ආනයනය කිරීම හේතුවෙන් එම වියදම තවදුරටත් ඉහළ යා හැකි බවත් 'සන්ඩේ මෝනිං' පුවත්පත වාර්තා කරයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එච්.එන්.ඒ. හෙට්ටිආරච්චි මහතා එම පුවත්පත වෙත ප්‍රකාශ කර ඇත්තේ, ආනයන සඳහා වැය වන මුදල එක් එක් කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රසම්පාදන ක්‍රමවේද සහ අවශ්‍යතා මත ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතියට වෙනස් වන බවයි.
"එය කොන්ත්‍රාත්කරුගේ ප්‍රවේශය මත රඳා පවතිනවා. සාමාන්‍යයෙන් එය ඉදිකිරීම් පිරිවැයෙන් සියයට 15ත් 20ත් අතර ප්‍රමාණයක් වෙනවා," යැයි හෙට්ටිආරච්චි මහතා සන්ඩේ මෝනිං පුවත්පතට පවසා ඇත.
මෙම වියදම් ඉදිකිරීම් ද්‍රව්‍යවලට පමණක් සීමා නොවන බවත්, දේශීය ශ්‍රම හිඟයට පිළියමක් ලෙස කොන්ත්‍රාත්කරුවන් විදේශීය ශ්‍රමිකයින් බඳවා ගැනීමට මෙන්ම ඉදිකිරීම් සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමට ද පියවර ගන්නා බවත් ඔහු පැහැදිලි කර තිබේ.
"ඔවුන් ශ්‍රම බලකායෙන් සියයට සියයක්ම විදේශයන්ගෙන් ගෙන්වන්නේ නැහැ. ඔවුන් ගෙන්වීමට උත්සාහ කරන්නේ ඇතැම් විශේෂිත කාණ්ඩවල ශ්‍රමිකයින් පමණයි. ඇතැමුන් බංග්ලාදේශය සහ ඉන්දියාව වැනි රටවලින් ශ්‍රමිකයින් ගෙන්වන අතර, චීන කොන්ත්‍රාත්කරුවන් චීනයෙන් ශ්‍රමිකයින් ගෙන්වනු ලබනවා," යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
අධිවේගී මාර්ග ඉදිකිරීම් සඳහා සුලබව ආනයනය කරනු ලබන ද්‍රව්‍ය සහ උපකරණ අතර සිමෙන්ති, යකඩ සහ වානේ, ගාස්තු අයකිරීමේ පිවිසුම් (toll plazas) සඳහා වන විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ, විදුලි පහන් කණු සහ මාර්ග දෙපස සවි කරන ආරක්ෂිත වැටවල් ප්‍රධාන වේ.
කෙසේ වෙතත්, ඇතැම් ඉදිකිරීම් ද්‍රව්‍ය දේශීයව ද ලබාගත හැකි බව පෙන්වා දෙන හෙට්ටිආරච්චි මහතා, ඒවා දේශීයව හෝ විදේශීය සැපයුම්කරුවන්ගෙන් ලබා ගැනීමේ අභිමතය කොන්ත්‍රාත්කරුවන් සතු බව සඳහන් කරයි.
"ඇතැම් අය සමහර දේවල් දේශීයව ලබා ගන්නවා. මාර්ගයේ දෙපස සවි කරන ආරක්ෂිත වැටවල් දේශීයව මෙන්ම චීනයේ ද තිබෙනවා," යැයි ඔහු පැවසීය.
මේ අතර, යන්ත්‍රෝපකරණ ආනයනය කිරීම හේතුවෙන් වියදම් තවදුරටත් ඉහළ යා හැකි නමුත්, කොන්ත්‍රාත්කරුවන් එම යන්ත්‍රෝපකරණ ඉදිරි ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ද ප්‍රාග්ධන වත්කම් ලෙස තබා ගන්නා බැවින් එම සම්පූර්ණ පිරිවැය තනි ව්‍යාපෘතියකට පමණක් බැර කළ නොහැකි බව ද අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී ඇත.
අධිවේගී මාර්ග ඉදිකිරීම් සඳහා ද්‍රව්‍ය හා උපකරණ ආනයනය කරනු ලබන ප්‍රධානතම රට ලෙස තවදුරටත් චීනය පෙරමුණේ පසුවන අතර, කොන්ත්‍රාත්කරුවන් විසින් ඉන්දියාව, ජපානය සහ යුරෝපීය රටවලින් ද යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් උපකරණ මිලදී ගනු ලැබේ.
"වර්තමානයේදී ඒවායින් වැඩි ප්‍රමාණයක් ගෙන්වන්නේ චීනයෙන්. එක්ස්කැවේටර් වැනි ඇතැම් උපකරණ ඉන්දියාවෙන් ද ලබා ගන්නවා. ඒ වගේම යුරෝපයෙන් සහ ජපානයෙන් ද උපකරණ ගෙන්වනු ලබනවා," යැයි හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සන්ඩේ මෝනිං පුවත්පත වාර්තා කරයි.
Highway Construction Costs in Sri Lanka Highlight Dependence on Foreign Materials and Labor
In a revealing report, it has come to light that 15% to 20% of the total expenditures on highway construction in Sri Lanka are linked to the import of foreign construction materials and labor. This situation is likely to escalate further due to the ongoing importation of machinery, as indicated by 'Sunday Morning.'
The Director General of the Road Development Authority, H.H.N.A. Hettiarachchi, shared insights with the publication, noting that the amount spent on imports varies from project to project based on contractor-specific procurement strategies and requirements.
"The expenses largely depend on the contractor's approach. Generally, this ranges from 15% to 20% of the total construction costs," Hettiarachchi emphasized.
He clarified that these costs are not limited to construction materials; rather, in response to a shortage of local labor, contractors are also hiring foreign workers and importing necessary machinery.
"Contractors do not rely solely on imported labor. They attempt to recruit specific categories of workers from abroad. Some import labor from countries like Bangladesh and India, while Chinese contractors source workers directly from China," he explained further.
Materials and equipment commonly imported for highway construction include cement, steel, and iron, as well as electrical and electronic devices for toll plazas, street lighting fixtures, and safety barriers installed alongside the roads.
Moreover, Hettiarachchi pointed out that some construction materials are available locally, highlighting contractors' preferences to source them either domestically or from foreign suppliers. "Some parties do acquire certain items locally. The safety barriers alongside the roads can be sourced both locally and from China," he noted.
While machinery imports may drive costs even higher, the Director General pointed out that contractors typically retain this equipment as assets for future projects, making it difficult to attribute these expenses to a single project alone.
China remains the leading supplier of materials and equipment for highway constructions, although contractors also procure machinery and other supplies from India, Japan, and various European countries.
"Currently, a significant volume of imports is from China. Some equipment, such as excavators, is acquired from India, alongside additional supplies sourced from Europe and Japan," Hettiarachchi disclosed to 'Sunday Morning.'
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
