පාසල් දරුවන්ගේ විභාග පැවැත්වෙන අවස්ථාවක ගුරුවරුන්, විදුහල්පතිවරුන් හෝ වෙනත් පිරිසක් වැඩ වර්ජනවලට සම්බන්ධ වන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෙනම තීන්දු ගැනීමට සිදුවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වැඩ වර්ජනය කිරීමට සහ උද්ඝෝෂණ කිරීමට සැමට අයිතියක් පවතින නමුත් ඒ සඳහා පිළිගත හැකි තර්කානුකූල හා සැබෑ හේතුවක් තිබිය යුතු බවයි.
පසුගිය වසර හය හතක කාලය තුළ රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකර, වැටුප් වැඩි නොකර සහ විශ්‍රාම වැටුප් අහෝසි කරමින් රාජ්‍ය සේවය දුර්වල කර තිබූ බවත්, රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ පහ දක්වා අඩු කිරීමට පවා එවකට යෝජනා වී තිබූ බවත් ඔහු සිහිපත් කළේය.
කෙසේ වෙතත්, වත්මන් රජය වසර දෙකක් ඇතුළත රාජ්‍ය සේවය යළි ශක්තිමත් කර මූලික වැටුප් වැඩි කිරීමට සහ නව බඳවා ගැනීම් සඳහා අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කළ බව අමාත්‍යවරයා පැවසීය.
මීළඟ අයවැය සම්පූර්ණයෙන්ම දීමනා වෙනුවෙන් වෙන් කෙරෙන බව සඳහන් කළ ඒ මහතා, එවැනි පසුබිමක් තුළ හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ලෙඩ නිවාඩු දැමීමේ ක්‍රියාමාර්ගය සාධාරණ, යුක්ති සහගත හෝ තර්කානුකූල නොවන බව කියා සිටියේය.
හෙට දිනයේ දරුවන්ගේ විභාග පැවැත්වෙන බැවින් අලුතින් මුද්‍රණය කර ඇති ප්‍රශ්න පත්‍ර නැවත භාවිත කළ නොහැකි බවත්, වර්ජනයක් හේතුවෙන් එම විභාග කටයුතු අවුල් විය හැකි බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා පෙන්වා දුන්නේය.
එබැවින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වර්ජනයට කිසිදු සහයෝගයක් නොදෙන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා, අවශ්‍ය නම් පසුව වෙනත් දිනයක වර්ජන කටයුතු සිදු කරන ලෙසද සඳහන් කළේය.
Government Warns Against Teacher Strikes During Student Examinations
As student examinations approach, Minister of Agriculture, Livestock, Lands, and Irrigation, K.D. Lal Kantha, has cautioned that any participation in work stoppages by teachers, school principals, or other stakeholders may lead to separate decisions from the government. His remarks were made during a recent event addressing educational staff.
The minister emphasized that while everyone possesses the right to protest and demonstrate, such actions must be based on valid and reasonable justifications. He recalled that the public service had faced significant challenges in the past six to seven years, including a freeze on new recruitments, stagnant salaries, and the suspension of pension benefits, which, at one point, had even suggested a reduction in the number of public servants to around half a million.
However, he noted that the current government has taken steps to revitalize the public service within two years, including a proposed increase in base salaries and budget provisions for new recruitments.
He stated that the upcoming budget would entirely allocate funds for benefits, and he criticized proposed sick leave policies designed to be implemented tomorrow, labeling them as unjust and lacking a rational basis in light of previous circumstances.
With exams for students scheduled for tomorrow, Kantha pointed out the impracticality of reusing newly printed question papers and warned of potential disruptions to the examination process if a strike were to occur.
Consequently, he urged state officials to refrain from supporting the planned strike, suggesting that should the need arise, they could consider conducting protests on a later date instead.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හිටපන්කො පෝයදාට කරණව වර්ජනේ. වීක් එන්ඩ් ඕකේ ද?
ReplyDelete