ශ්‍රී ලංකාව වෙත රැගෙන එනු ලබන රසායනික පොහොර තොගයක් පැටවූ වෙළෙඳ නෞකාවක්, ඉරාන නාවික හමුදාවේ සෘජු අනුමැතිය සහ අධීක්ෂණය යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂිතව තරණය කර මේ වන විට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියි.
වගකිවයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත පෙන්වා දෙන්නේ, ඉරාන ආරක්ෂක අංශ විසින් අදාළ නෞකාවට ලබාදුන් නිල නිෂ්කාශනය මත එයට කිසිදු බාධාවකින් තොරව මෙම උපායමාර්ගික මුහුදු තීරය පසුකිරීමට හැකියාව ලැබී ඇති බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කර එහි නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය මාස කිහිපය මුළුල්ලේ දැරූ උත්සාහයන් සියල්ල අසාර්ථක වී ඇති අතර, එම මුහුදු මාර්ගයේ නෞකා ගමනාගමනය දැඩි ලෙස පාලනය කිරීමට ඉරානය පියවර ගෙන තිබේ.
විශේෂයෙන් ඉරාන බලධාරීන්ගේ නිල අවසරයකින් තොරව හෝ අනවසර මාර්ග ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් ප්රහාරයන්ට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බවට ඉරානය විසින් දැඩි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.
Iranian Navy Oversees Arrival of Chemical Fertilizers to Sri Lanka
A commercial vessel transporting a consignment of chemical fertilizers is currently en route to Sri Lanka, navigating the strategic waters of the Hormuz Strait under the direct supervision and permission of the Iranian Navy.
According to reliable sources highlighted in reports, the Iranian Defense Forces officially permitted this ship to pass through the crucial maritime corridor without any hindrance. This development underscores Iran's oversight in regional maritime operations, particularly amidst ongoing concerns regarding navigational security.
Efforts by the United States to reopen the Strait of Hormuz and restore normal maritime activity in recent months have largely failed. In response, Iran has taken significant measures to tighten control over shipping routes in these vital waters.
Additionally, Iran has issued severe warnings against any vessels attempting to navigate through unauthorized channels without official permission, indicating a serious risk of military action against such intrusions.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
