වත්මන් රජය කිසිසේත්ම මහජනතාව මර්දනය කිරීමේ අරමුණින් ජනතා විරෝධී අණපනත් සම්පාදනය නොකරන බවත්, රජය සකස් කරමින් සිටින්නේ මෙරට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වන විශේෂ නීතිමය රාමුවක් බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි 48ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, එම අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙල්ල කිරීම සඳහා කඩිනම් නීතිමය පියවර ගැනීම රජයේ ප්‍රමුඛතම වගකීමක් වී ඇති බවත්ය.
රජය ගෙන එන නව නීති කෙටුම්පත් හරහා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ ශිෂ්‍ය ව්‍යාපාර ඉලක්ක කර මර්දනයක් දියත් කිරීමට සූදානම් වන බවට විපක්ෂය නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"අපේ ආණ්ඩුව ජනතාව පීඩාවට පත්කරන කිසිම පනතක් සම්මත කරන්නේ නැහැ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, ශිෂ්‍ය ව්‍යාපාර, දේශපාලන මතවාද දැරීම හෝ මහජන විරෝධතා මෙම නව පනත්වලින් සම්පූර්ණයෙන්ම බැහැර කර තිබෙනවා. යම්කිසි පාර්ශ්වයකට රජය ගෙන එන පනත් සම්බන්ධයෙන් නීතිමය විරෝධතාවක් ඇත්නම්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ඒ පිළිබඳ කරුණු තහවුරු කිරීමට ඕනෑම අවස්ථාවක ප්රජාතන්ත්රවාදී ඉඩකඩ පවතිනවා. නමුත් විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් කරන්නේ ජනතාව නොමඟ යවමින් මේවාට වැරදි අර්ථකථන ලබාදීමයි."
එමෙන්ම මෑතකාලීනව පොලිසිය ඉලක්ක කරගනිමින් විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා එල්ල වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එවැනි විරෝධතා පිටුපස සිටින්නේ ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන්ගේ ජාලයන් බවත්, පොලිස් දෙපාර්තමේන්තුව කිසිවිටෙකත් එම විරෝධතාවලට යටත් නොවී මෙරට නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම වෙනුවෙන් උපරිම කැපවීමෙන් ක්‍රියාකරන බවත් වැඩිදුරටත් කියා සිටියේය.
Sri Lankan Government Rejects Claims of Targeting Protesters Amid Anti-Narcotics Initiatives
The Sri Lankan government has firmly denied any intentions of suppressing the public through the introduction of anti-protest legislation, asserting that current legal frameworks are focused on apprehending organized crime syndicates and drug traffickers. Minister of Public Security and Parliamentary Affairs, Ananda Vijeepala, emphasized that the legislation aims to enhance law enforcement efforts against these illegal elements.
In remarks made to the media, the Minister highlighted that authorities have identified 48 major organized crime syndicates operating in the country. He emphasized that swift legal actions against these criminals and traffickers has become a top government priority.
Vijeepala dismissed allegations from opposition parties suggesting that the upcoming legal provisions would target trade union activities and student protests, asserting that the government is committed to ensuring no legislation would oppress legitimate public dissent. "Our government will not approve any law that subjects the populace to hardship. Activities by trade unions, student movements, political dissent, and public protests are entirely exempt from these new laws," he stated.
In response to concerns regarding potential legal challenges to the proposed legislation, he affirmed that the democratic space exists for any party to present their grievances before the Supreme Court. "However, some groups within the opposition are misinterpreting these laws to mislead the public," he pointed out.
The Minister also noted a growing trend of protests targeting the police by various factions, asserting that these demonstrations are often backed by networks of traffickers and criminals. He reiterated that the Police Department remains committed to upholding the rule of law, operating without influence from such protests.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඒ පණත් උඹලා භාවිතා කරන්නේ අපරාධකාරයෝ ජාවාරම්කාරයෝ මඩින්න නෙමෙයි. තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ව විනාශ කරන්න සාමාන්‍ය ජනතාව තලා පෙළා දාන්න.
ReplyDeleteශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම මේං කියල හම්බ වෙයි. පගාව දීල නවත්ත ගත්ත පොරක්නෙ එතන ඉන්නෙ.
ReplyDeleteජනතාව කියන්නෙ ජෙප්පන්ට විතර ද? ඉතිරි 97% ත්‍රස්තවාදීන්ද?
ReplyDeleteඅපි හරි සුදනො
ReplyDelete