නලින් බණ්ඩාරලා විපක්‍ෂෙ ඉද්දි මෙහෙම ඩ්‍රෝන් ගෙනාවනම් ආණ්ඩුවෙ ඉද්දි කොච්චර ගේන්න ඇද්ද..


 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සම්බන්ධ බව කියන කටුනායක ගුවන්තොටුපොළේ ඩ්‍රෝන කැමරා තොගයක් රේගු භාරයට ගැනීමේ සිදුවීම දැඩි ලෙස විවේචනය කරමින්, ආණ්ඩු බලයක් නොමැතිව විපක්ෂයේ සිටියදීත් මෙලෙස භාණ්ඩ ගෙන්වීමට හැකියාවක් ඇත්නම් රාජ්‍ය බලය තිබූ යුගයේදී මොවුන් මොනවා ගෙන්වන්නට ඇත්දැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රශ්න කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂයේ සිටියදී පවා නීතිය නොතකා ඩ්‍රෝන කැමරා හෝ වෙනත් ඕනෑම දෙයක් මෙරටට රැගෙන ඒමට ඇතැම් දේශපාලනඥයන්ට ශක්තියක් තිබීම අතිශය කනගාටුදායක කරුණක් බවයි.

"නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ වටපිටාවක් තුළ, දේශපාලන අධිකාරියේ බලපෑම් පාවිච්චි කරමින් රාජ්‍ය බලය අතැතිව සිටි වකවානුවලදී මොවුන් මොන මොන දේවල් මෙරටට ගේන්න නැද්ද?" යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විදේශගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී, රැගෙන ඒමට උත්සාහ කළ බව කියන අධි තාක්ෂණික ඩ්‍රෝන කැමරා කිහිපයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් රඳවාගෙන පරීක්ෂණ ආරම්භ කර තිබිණි.





Allegations of Drone Camera Smuggling Spark Political Controversy in Sri Lanka

The recent seizure of a consignment of drone cameras at Bandaranaike International Airport has ignited fierce criticism, particularly directed at Parliamentarian Nalinda Bandara, associated with the Samagi Jana Balawegaya. Agriculture, Livestock, Land, and Irrigation Deputy Minister Namal Karunaratne raised pointed questions regarding the implications of such imports occurring without state power, reflecting on what might have been smuggled during times of governmental authority.

In remarks made to the media, the Deputy Minister expressed his dismay at the fact that certain politicians seemed to possess the ability to bypass laws and bring in high-end drone technology, even while in opposition. This situation, he highlighted, raises serious concerns about the erosion of legal standards.

"Within a context where the law is not appropriately enforced, it is distressing to witness political operatives using their influence to facilitate the import of items into the country," he elaborated, further questioning what other potential items might have been smuggled in under similar circumstances when the political landscape was more favorable to their agendas.

Reports indicate that several sophisticated drone cameras were detained by customs officials at the Katunayake airport as Bandara attempted to make his return to the country from abroad, prompting an investigation into the matter.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. Oo genave bag ekey. Ubala genaave container pitin. Thava ivara na.

    ReplyDelete
  2. drona වගේද කන්ටේනර් 332 තිබුණු ඒවා? ආයුධ ද මත් ද්‍රව්‍ය ද කියලා තවම රටට හෙළි කරන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
Previous Post Next Post