ඉන්ධන බෙදුම්කරුවන් වර්ජනයට..


 30 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය දක්වන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (29) ගැනීමට නියමිත බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට උද්ගතව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, එම විරෝධතා ව්‍යාපාරයට පිරවුම්හල් හිමිකරුවන්ගේ සහ සේවක පිරිස්වල දායකත්වය ලබා දිය යුතු බවට ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් මෙන්ම සේවකයින්ගෙන් ද ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින බව එම සංගමය කියා සිටී.

2025 වසරේ සිට ඉන්ධන බෙදාහැරීමේ සමාගම් දෙකක් විසින් බෙදුම්කරුවන්ට හිමිවූ වට්ටම් ප්‍රතිශතය අයුක්තිසහගත අයුරින් කප්පාදු කිරීම නිසා සිය ව්‍යාපාරික කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම දැඩි අභියෝගයක් වී ඇති බව සංගමය පෙන්වා දෙයි. 

ඊට අමතරව, නීතිවිරෝධී අන්දමින් වැට් බදු අය කිරීම දරාගත නොහැකි වීම, පෞද්ගලික අංශයේ සමාගම් සතු ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීම සහ පිරවුම්හල් හිමියන් මුහුණ දෙන අර්බුද විසඳීමට රජය හෝ අදාළ පාලනාධිකාරිය සංවේදීව මැදිහත් නොවීම යන කරුණු ද මෙම තත්ත්වයට බලපා තිබේ.

මේ අතර, ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සඳහා මෙතෙක් විධිමත් නියාමකවරයෙකු පත් කර නොතිබීමත්, එම ක්ෂේත්‍රය කඩිනමින් නියාමන කොමිෂන් සභාවක් යටතට පත් නොකිරීමත් හේතුවෙන් සමස්ත ඉන්ධන කර්මාන්තය සහ බෙදුම්කරුවන් බරපතළ අසීරුතාවකට මුහුණ පා සිටිති.

වගකිවයුතු බලධාරීන් විසින් අවම තරමින් මෙම ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට හෝ අවස්ථාවක් ලබා නොදීම නිසා පවතින අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරෙමින් පවතින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.





Fuel Distributors Demand Solutions Amidst Growing Challenges

Today, the association of fuel distributors is set to decide on support for planned strikes by trade unions across the country on the 30th, emphasizing the urgency of the situation.

The association highlights that, considering the difficulties currently faced, securing contributions from gas station owners and their staff is essential. They stress the necessity of collective action from both distributors and employees to address the ongoing challenges.

Serious concerns have been raised regarding the arbitrary cuts in the percentage of subsidies granted to distributors by two oil distribution companies, initiated in 2025. This has created significant hurdles for maintaining business operations, prompting the association to call for immediate remediation.

Additionally, the burden of unlawful VAT charges, insufficient fuel supplies for privately owned gas stations, and the government’s perceived inaction in resolving the crises have compounded the difficulties faced by distributors.

Moreover, the absence of a formal regulator for fuel distribution processes and the failure to establish a regulatory commission for the sector have plunged the entire fuel industry and its distributors into a precarious position.

As voices of concern grow louder, the association of fuel distributors stresses that the ongoing crisis is exacerbated by the refusal of responsible authorities to engage in discussions or provide opportunities to address these pressing issues.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post