කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා රජය මඟින් බදු පදනම මත ලබා දී ඇති නමුත්, අදාළ අරමුණු වෙනුවෙන් භාවිතයට නොගෙන අක්‍රියව පවතින සියලුම ඉඩම් කඩිනමින් යළි රජයට පවරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරයි.
එලෙස පවරා ගන්නා ඉඩම්, වගා කිරීමේ සැබෑ හැකියාව සහ උනන්දුව සහිත පාර්ශ්වයන් වෙත ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා යළි ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
රාජ්‍ය ඉඩම් බදු පදනම මත ලබාගෙන වගා නොකර අත්හැර දමා සිටින පුද්ගලයන් 135 දෙනෙකු මේ වන විටත් නිල වශයෙන් හඳුනාගෙන ඇති අතර, අදාළ බදු ගිවිසුම්වල කොන්දේසි සහ නීතිමය ක්‍රියාපටිපාටියට අනුකූලව එම ඉඩම් යළි පවරා ගැනීමට සහ ඒවා ඵලදායී කෘෂිකාර්මික කටයුතු සඳහා යොමු කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.
කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති සාරවත් ඉඩම් නිසි ප්‍රයෝජනයට නොගෙන දීර්ඝ කාලයක් මුඩුබිම් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් රටේ සමස්ත නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට ඇති අවස්ථා අහිමි වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා, මෙවැනි ඉඩම් යළි සක්‍රිය කිරීම මඟින් ජාතික කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීම, නව ආයෝජන අවස්ථා නිර්මාණය කිරීම මෙන්ම ග්‍රාමීය ජනතාවට නව ආදායම් මාර්ග උදාකර දීම රජයේ ප්‍රධානතම අපේක්ෂාව බව අවධාරණය කරයි.
"රජයේ කෘෂිකාර්මික ඉඩම්වල සැබෑ වටිනාකම ඇත්තේ ඒවා හුදෙක් බදු පදනම මත ලබාගෙන ළඟ තබාගෙන සිටීම තුළ නොව, රටේ නිෂ්පාදනයට සහ ජාතික ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබාදීම තුළයි" යනුවෙන් අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Government Issues Directive to Reclaim Idle Agricultural Lands
The government is taking decisive action to reclaim idle agricultural lands that have been allocated tax-free but are not being utilized for intended purposes. K.D. Lal Kantha, the Minister of Agriculture, Animal Resources, Land, and Irrigation, has instructed officials to expedite the process of reassigning these lands back to state control.
In a statement shared on his official social media account, the minister noted that reclaimed lands would be systematically returned to parties with genuine interest and capability for effective agricultural projects, ensuring their productive use.
Currently, authorities have officially identified 135 individuals who have abandoned state agricultural lands, failing to cultivate them as per the tax agreements. The minister assured that all necessary measures to reclaim these lands and redirect them towards productive agricultural activities are well underway, adhering to the relevant legal procedures and agreement terms.
Minister Lal Kantha highlighted the detrimental impact of leaving valuable agricultural lands fallow for extended periods, expressing concern that it deprives the country of opportunities to enhance overall production capacity. He emphasized that the reactivation of such lands could boost national agricultural output, create new investment opportunities, and generate additional income avenues for rural populations, aligning with the government's primary objectives.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

This comment has been removed by the author.
ReplyDeleteJeppo idam himiyo wenna yanne
ReplyDeleteවගා කිරිල්ල කෙසේ වෙතත් මුන් ආවට පස්සේ කුඹුරු ඉඩං ගොඩ කරන එකනං හොඳටම වැඩිවෙලා.
ReplyDelete