LIOC, Sinopec පෙට‍්‍රල් මිල තවත් ඉහල දමයි..

 


මෙරට ඉන්ධන බෙදාහරින ප්‍රමුඛතම සමාගම් ද්විත්වයක් වන ලංකා අයි.ඕ.සී. (Lanka IOC) සහ සිනොපෙක් (Sinopec) සමාගම් විසින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව, ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 515ක් වන අතර, මීට පෙර එහි මිල පැවතියේ රුපියල් 495ක් වශයෙනි. මෙම නව මිල සංශෝධනය (නොවැම්බර් 05) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන බව එම සමාගම් නිල වශයෙන් දැනුම් දෙයි.

කෙසේවෙතත්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ඇතුළු සෙසු ඉන්ධන නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනයකින් තොරව නොවෙනස්ව පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම සඳහන් කරයි.

එමෙන්ම සිනොපෙක් සමාගම නිකුත් කළ මිල සංශෝධන නිවේදනයට අනුව, සුපර් ඩීසල් (Super Diesel) ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර එය පෙර පැවති පරිදිම රුපියල් 600ක මිලකට අලෙවි කෙරේ.

සිනොපෙක් එනර්ජි ලංකා සමාගමේ විධායක අධ්‍යක්ෂ අත්සනින් යුතුව සියලුම පිරවුම්හල් බෙදාහරින්නන් වෙත නිකුත් කර ඇති චක්‍රලේඛය මඟින් විශේෂ උපදෙස් මාලාවක් ලබා දී තිබේ.

ඒ අනුව, නව මිල ගණන් පිරවුම්හල් නාමපුවරුවල පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතු අතර, පාරිභෝගිකයන් වෙත ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් ඉන්ධන නිකුත් කිරීමට පෙර අදාළ නව මිල පිළිබඳව ඔවුන්ව දැනුවත් කර, ඔවුන්ගේ පූර්ව එකඟතාව හා කැමැත්ත ලබාගැනීමෙන් අනතුරුව පමණක් ඉන්ධන පිරවීමට පියවර ගන්නා ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල් සේවකයන්ට දැඩිව උපදෙස් ලබා දෙන ලෙස පාලනාධිකාරිය බෙදාහරින්නන්ගෙන් ඉල්ලා සිටී.

රජයේ අනුමැතිය සහ නියාමන ප්‍රතිපත්තියට අනුකූලව, ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් වැනි සුඛෝපභෝගී ඉන්ධන කාණ්ඩයන්හි මිල තීරණය කිරීම ජාත්‍යන්තර වෙළෙඳපොළ මිල උච්චාවචනයන්ට අනුකූලව සිදුකරන බවද එම සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.





Fuel Price Hike: Lanka IOC and Sinopec Increase Octane 95 Petrol by Rs. 20

The price of Octane 95 petrol is set to rise by Rs. 20, as Lanka IOC and Sinopec, two of Sri Lanka's leading fuel distributors, announce the new rates. The revised price will now stand at Rs. 515 per liter, up from the previous price of Rs. 495.

This adjustment will take effect from midnight on November 5, as officially confirmed by the companies.

Fortunately for drivers, prices for other fuel products such as Octane 92 petrol and auto diesel will remain unchanged, as stated by Lanka IOC.

Sinopec has also clarified that there will be no alterations to the price of Super Diesel, which will continue to be sold at Rs. 600 per liter, consistent with previous rates.

Distributors are instructed to clearly display the updated prices on filling station signage. Furthermore, before dispensing Octane 95 petrol and Super Diesel, all filling station attendants must inform customers of the new rates, ensuring prior agreement and consent before fueling can proceed.

The company emphasized that pricing for luxury fuel categories like Octane 95 and Super Diesel is determined in accordance with international market fluctuations, adhering to government approval and regulatory policies.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. කොහොමද මෙහෙම වෙන්නේ මිල සූත්‍රයට අනුව ප්‍රකාශිත මිලට වඩා කොහොමද විකුණන්නේ.පෞද්ගලික සැපයුම්කරුවන්ට තරගකාරී මිලට තෙල් විකුණන්න පුළුවන්.ඒත් ඒ මිල සූත්‍රයට අනුව ප්‍රකාශිත මිලට වඩා අඩුවෙන්.සංශෝධිත නව ඛනිජ තෙල් පනත අනුව එහෙමයි තියෙන්නෙ.ඔන්න ඔය වෙලාවට තමයි හුණ්ඩුවා විපක්ෂයෙ ඉන්න ඕනේ කියන වටිනාකම තේරෙන්නෙ.එහෙමනම් මේ වෙනකොට ඒ යකා වල්ල පොලේ ගහගෙන පාර්ලිමේන්තුවෙයි මහ පාරේයි කෑගහනවා.දැන් ඌ විපක්ෂයේ ඉන්නකොට කප්පං ගත්ත වගේ තෙල් කොම්පැනි වලින් ගාන අත යටින් ඇරගෙන ශේප් එකේ උන්ට ඕන දෙයක් කරන්න ඉඩදීල ඉන්නවා.අනිත් පැත්තෙන් ලෝකයේ වැඩිම මිලට තෙල් ගෙනල්ලා හොරකම් කරනවා.

    ReplyDelete
Previous Post Next Post