ලොව ප්‍රමුඛතම බහලු වරායයන් අතර කොළඹ වරාය 17 වැනි ස්ථානයට..


 එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව (UNCTAD) මගින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ජුනි මාසය සඳහා වූ නෞකා සේවා සම්බන්ධතා දර්ශකයට (Liner Shipping Connectivity Index - LSCI) අනුව, ලොව වඩාත්ම සම්බන්ධිත බහලු වරායයන් අතර කොළඹ වරාය 17 වැනි ස්ථානයට පත්ව තිබේ.

එහිදී කොළඹ වරාය ලකුණු 719.11 ක් ලබා ගැනීමට සමත් වී ඇත. නොවැම්බර් 26 වැනි දින නිකුත් කරන ලද UNCTAD හි Review of Maritime Transport 2026 වාර්තාවේ ඇතුළත් මෙම ශ්‍රේණිගත කිරීම තුළින්, ජාත්‍යන්තර නෞකා සේවා සම්බන්ධතාව අතින් ලොව හොඳම වරායන් 20 අතරට කොළඹ වරාය ඔසවා තබන අතර, ගෝලීය සමුද්‍රීය වෙළෙඳාමෙහි ශ්‍රී ලංකාව සතු වැදගත්කම එමගින් ඉස්මතු කර දක්වයි.

නැගෙනහිර සහ ගිනිකොණ දිග ආසියාවේ ප්‍රධාන ජාත්‍යන්තර නාවික කේන්ද්‍රස්ථාන රැසක් පිහිටා තිබීම සැලකීමේ දී ගෝලීය ශ්‍රේණිගත කිරීම් තුළ කොළඹ වරාය හිමිකරගෙන ඇති මෙම ස්ථානය විශේෂ වැදගත්කමක් උසුලයි. ෂැංහයි වරාය ලකුණු 2,372.47 ක් ලබා ගනිමින් ලැයිස්තුවේ පෙරමුණ ගත් අතර නිංබෝ වරාය (2,040.69) සහ සිංගප්පූරු වරාය (1,833.94) පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගෙන ඇත.

මැලේසියාවේ ලෝංග් වරාය (Port klang) ලකුණු 1,075.80 ක් සමග 7 වැනි ස්ථානයට පත් වූ අතර, තායිලන්තයේ ලේම් චබෑන්ග් (Laem chabang) වරාය ලකුණු 743.29 ක් සමග 16 වැනි ස්ථානය හිමිකර ගෙන තිබේ.

කොළඹ වරාය 17 වැනි ස්ථානයට පත්වූයේ ජපානයේ යොකොහමා වරාය (18 වන ස්ථානය) සහ ජර්මනියේ හැම්බර්ග් (20 වැනි ස්ථානය) යන වරායයන් අභිභවා යමිනි.

ඉන්දියානු උපමහද්වීපයේ බහලු නාවික ජාලය තුළ කොළඹ වරාය සතු ප්‍රමුඛ ශක්‍යතාව ද මෙම වාර්තාව මගින් හඳුනාගෙන ඇත. ඉන්දියානු උපමහද්වීපයේ සැලසුම්ගත බහලු නාවික ධාරිතාවෙන් 56%ක් කොළඹ වරාය මගින් ආවරණය වන අතර, කලාපීය ප්‍රතිනැව්ගත මෙහෙයුම් කටයුතුවලදී එය අඛණ්ඩව ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරයි. මෙම ප්‍රතිශතාත්මක වර්ධනය තුළින් ජාත්‍යන්තර නෞකා සේවා සහ දකුණු ආසියාව පුරා වෙළඳපොළ යා කරන සමුද්‍රීය දොරටුවක් ලෙස කොළඹ වරාය සතු වැදගත්කම පිළිබිඹු වේ.

ජාත්‍යන්තර නාවික ජාල තුළ ඉන්දියානු උපමහද්වීපය ලබමින් සිටින වර්ධනීය තත්ත්වය ද UNCTAD තක්සේරු මගින් තවදුරටත් අවධාරණය කරයි. 2026 පෙබරවාරි සහ ජුනි අතර කාලය තුළ කලාපයේ නාවික කේන්ද්‍රස්ථාන හරහා යොදවන ලද බහලු නෞකා ධාරිතාව 21% ක් ඉහළ ගොස් ඇත. වෙනස් වන නාවික ජාලවලට අනුගත වීමේ දී සහ ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳ මාර්ග අතර සම්බන්ධතා පවත්වා ගැනීමේ දී කලාපීය සමුද්‍රිය කේන්ද්‍රස්ථානවල ඇති වැදගත්කම මෙමගින් පෙන්නුම් කෙරේ.

අනෙකුත් කලාපීය වරායන්හි සැලසුම්ගත බහලු ධාරිතාවේ සැලකිය යුතු වර්ධනයක් ද වාර්තාව මගින් සටහන් කර තිබේ. පෙබරවාරි සහ ජුනි අතර කාලය තුළ ඉන්දියාවේ මුන්ද්‍රා වරාය 53% ක වර්ධනයක් වාර්තා කල අතර, නවෂිවා වරාය 47% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙම වර්ධනයක් මගින් දකුණු ආසියානු වරායන්හි පුළුල් වන ධාරිතාව සහ දිගුදුර නෞකා සේවාවන් වෙත කලාපය වැඩි වශයෙන් ඒකාබද්ධ වීම පෙන්නුම් කෙරේ.





Colombo Port Ranks 17th on UNCTAD's Global Maritime Connectivity Index

The Colombo Port has secured the 17th position in the Liner Shipping Connectivity Index (LSCI) for June 2026, as reported by the United Nations Conference on Trade and Development (UNCTAD). Achieving a score of 719.11, this ranking highlights Colombo's significant role in global maritime trade.

Revealed in UNCTAD's "Review of Maritime Transport 2026" report, the listing places Colombo among the top 20 ports worldwide for international shipping services, underscoring Sri Lanka's strategic importance in global maritime commerce.

Colombo's position is particularly noteworthy given the presence of numerous major international maritime hubs in the broader Asian region. Shanghai tops the index with a score of 2,372.47, followed by Ningbo at 2,040.69 and Singapore at 1,833.94.

In the rankings, Port Klang in Malaysia holds the 7th position with a score of 1,075.80, while Laem Chabang in Thailand is at 16th place with 743.29 points.

Colombo Port bested Japan's Yokohama, which is 18th, and Germany's Hamburg, which holds the 20th spot. This marked achievement not only reflects Colombo's competitive edge but reaffirms its pivotal role in the Indian subcontinent's maritime network.

The report highlights that Colombo Port covers 56% of the planned container shipping capacity within the Indian subcontinent, positioning it as a critical player in regional maritime operations. This growth illustrates the port's importance as a gateway to international shipping services across South Asia.

UNCTAD further emphasizes the ongoing development within the Indian subcontinent's maritime network. From February to June 2026, container shipping capacity through regional maritime centers surged by 21%. This trend showcases the essential role of these hubs in maintaining connections among major international trade routes.

Additionally, the report notes significant advancements in container capacity at other regional ports. For instance, Mundra Port in India reported a 53% increase, while Navi Mumbai Port experienced a 47% growth during the same period. These enhancements suggest a broader consolidation and expansion of capacity among South Asian ports and long-distance shipping services.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post