බස් රථයේ කෝච්චියේ බයිසිකලයේ ගොස් දේශපාලනය කරන බවක් හෝ ජනතාවට නොමැති කිසිම දෙයක් තමන්ට එපා යැයි හෝ තමන් කිසිදා ප්‍රකාශ නැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
එවැනි කිසිදු සඳහනක් සිය ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇත්නම් පෙන්වන්නැයි හෙතෙම අභියෝග කරයි.
ඔහු පෙන්වා දෙන්නේ බසයේ කෝච්චියේ ගොස් දේශපාලනය කළ හැකි රටක් පසුගිය 76 වසරක් තිස්සේ රට පාලනය කළ පාලකයන් ගොඩනගා නැති බවයි.
දුම්රිය බස් වෙලාවට ගමන් කරන රටක් ගොඩනඟා තිබිණි නම් ඒවා භාවිත කරමින් දේශපාලන කටයුතු කල හැකිව තිබූ බව ද ඔහු පැවසීය.
රජයේ වාහන ඉතාම පැරණි අබලන් වාහන බවත් නිතර දෝෂ නිසා අලුත්වැඩියා කිරීමට සිදුව ඇති බවත් පැවසූ ඔහු අලුතින් වාහන රජයට ගන්නේ ඒ නිසා බව ද ඔහු පෙන්වා දෙයි.
ඒ මහතා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට එක් වෙමිනි.

මාර කතාවක්නේ. කලින් ආණ්ඩු හදල නැති හින්දනේ මිනිස්සු චන්දෙ දුන්නේ හදන්න. කලින් හදල තිබුනානම් මේ හිඟනන්ට දෙනවද?
ReplyDeleteකලින් කිව්වේ නෑ කියන එක නම් හරි. කිව්වේ 'නෙදර්ලන්තේ අගමැති යන්නේ බයිසිකලෙන්. ඇයි අපිටත් බැරි?' මිසක් අපිත් මෙහෙම තමයි යන්නේ' කියල නෙවෙයිනේ. රැවට්ටුවේ එහෙමයි.