මොඩියුල වැරදිකරුවන් අල්ලාගනී.. නිලධාරින්ගේ වැඩ තහනම්..


 ප්‍රශ්නගත ඉගෙනුම් මොඩියුල සකස් කිරීමේදී සිදුවූ දෝෂ සම්බන්ධයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකට එළඹ තිබේ. 

ඒ අනුව, මීට සෘජුවම වගකිව යුතු බවට හඳුනාගත් නිලධාරීන් පිරිසකගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇත.

මෙම පිරිස අතර ඉහළ නිලතල හොබවන නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වේ.

හිටපු ලේකම් රංජිත් ආරියරත්න මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ විමර්ශනයක නිර්දේශ මත මෙම විනය ක්‍රියාමාර්ගය ගෙන තිබේ. 

අදාළ වාර්තාව පසුගිය 17 වැනිදා පැවැති ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ පාලක සභා රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර, එහිදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බලා ඇත.

මෙම සතියේදී ද පාලක සභාව යළි රැස්වීමට නියමිතව ඇති අතර, එහිදී විමර්ශන වාර්තාවේ සෙසු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. 

කෙසේ වෙතත්, එම සාකච්ඡාවලට පෙර වගකිවයුත්තන්ගේ සේවය අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන් වේ.

ප්‍රශ්නගත මොඩියුල සකස් කිරීමේදී අදාළ නිලධාරීන්ගේ අවිධිමත් ක්‍රියාකලාපය සහ නොසැලකිලිමත් බව හේතුවෙන් මෙම ගැටලුව මතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

5 Comments

  1. නිලධාරීන් මත වරද පටවා අනදුන්නු අය බේරෙන ව එදා මරන්න නියෝග දෙන එකා දන්නේ නෑ මරපු එකා අහුවෙනවා අහුවුණු එකා ගැන ඇහුවම එයා අපේ සංවිධානයේ කෙනෙක් නෙවෙයි කියනවා මේවා අපිට නම් බොහොම පුරුදුයි 88/89 දැක්ක දැනුත් එකම තමයි නිලධාරීන් බිය නැතිව මාධ්‍ය වෙත සත්‍යය කියන්න රට වෙනුවෙන් එය සිදු කරන්න ඔබගේ රැකියාව යලි විපක්ෂය ආණ්ඩුව පිහිටවූ පසු ලැබෙනවා මේ මානසික රෝගීන් ටික හෙළි කර යුතුයි

    ReplyDelete
  2. Real psychopaths are still playing .....

    ReplyDelete
  3. රජයේ නාලිකාවල අසභ්‍ය ටෙලිනාට්‍ය පෙන්නන්නේ මොන නිලදාරියද එතකොට

    ReplyDelete
    Replies
    1. මේක නම් සමාජයට මහ විශාල ප්‍රස්නයක්. වැඩිහිටියො අතර ප්‍රස්ණ සහ අවිස්වාසය වැඩිවෙලා, පාසල් යන දැරියන් ගැබ් ගැනීම ගිය වසරෙ විශාල ලෙස වැඩිවෙලා. කවුරු හරි සක්‍රිය ලෙස මැදිහත් වෙනවනම් ලොකු පිනක්. සෙක්ස් ඩ්‍රාමා ජෙප්පන්ගෙ ට්‍රෙන්ඩ් එකක්.

      Delete
  4. කැකිල්ලේ තීන්දුව 🤮 නියෝග දීපු ආප්ප අගමැති ඇතුළු ආප්ප කාරියන්, ගල් කාරයෝ, නිරාගමික, ලිංගික අසහන කාරයෝ උන්ගේ නමන නීතියෙන් බේරුණාට ඉතාම ඉක්මනින් කර්ම විපාක විඳින්නට සිදුවෙන එක මතක තියා ගනිල්ලා. 🤮😡මුන් තව අපේ රට, අනාගත පරපුර විනාශ කරන්න කලින් හැකි ඉක්මනින් පන්නා දමන්න කාලය හරි 😡🤮

    ReplyDelete
Previous Post Next Post