අලුත් විඝණකාධිපති තව ටිකකින්..

 


නව විගණකාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා වන විශේෂ හමුවක් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා ශාලාවේදී පැවැත්වීමට නියමිතය. 

මෙම තනතුර උදෙසා ජනාධිපතිවරයා විසින් විගණන දෙපාර්තමේන්තුවේම නිලධාරිනියකගේ නාමය නිර්දේශ කර ඇති බව වාර්තා වේ. 

කෙසේ වෙතත්, මීට පෙරද ඇයගේ නම යෝජනා වූ අවස්ථාවේදී විවිධ වංචා හා දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන් එය ඉවත දමා තිබූ බැවින්, අද දින රැස්වීම විවාදාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, අදාළ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස වසර 31ක අඛණ්ඩ සේවා පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා පසුවෙයි. 

ඔහුව මෙම උසස් ධුරයට පත් කරන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය, විවිධ ක්ෂේත්‍රවල ප්‍රාඥයන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ද පසුගිය සමය පුරා ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.

1 Comments

  1. Mun Karanneth Arun Kala Tikamai. Boruwen Saha Kaiwaru Katen Thama Gena Yanne. Den Kala Uththe Executive Presidency Eka Nathi Karana Ekai. Mun Chandirka Ekka, Mahinda Ekka Haule Magul Keewe Eyath Mul Kara Gena. Ada Mun Karanneth Eekamai. Bala Thanawa.

    ReplyDelete
Previous Post Next Post