පසුගිය කාලසීමාවන්හිදී විවිධ රජයන් විසින් අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කළද, වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී ඇති බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
අධිකරණය ස්වාධීනව සිය කාර්යභාරය ඉටුකර ඇති බවත්, ඒ පිළිබඳව ජනතාව මෙන්ම තමන්ද සතුටට පත්වන බවත් ඒ මහතා සඳහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කරමින් ලබා දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
"පසුගිය කාලයේ සමහර ආණ්ඩු අපරාධකරුවන් ආරක්ෂා කළා. නමුත් දැන් එවැනි තත්ත්වයක් නොමැති බව ක්‍රියාවෙන් ඔප්පු වී තිබෙනවා. අධිකරණය තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කිරීම ගැන අපට විශාල ගෞරවයක් තිබෙනවා.
කෙසේ වෙතත්, දඬුවම් ලැබිය යුතු තවත් බොහෝ පිරිසක් තවමත් නිදැල්ලේ පසුවෙනවා. ඔවුන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම අධිකරණය සතු කාර්යයක්. ඉදිරියේදී එම නඩු කටයුතු ද නිසි ලෙස සිදු වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා."

මිනී මැරුව නම් කවුරු උනත් දඬුවම් විඳිය යුතුයි.
ReplyDeleteහැමෝටම නීතිය එක ලෙස ක්‍රියාත්මක අධිකරණයක් ස්වාධීනව පැවතීම පුරුදු නැති අය ඉන්නවා නං මේ දිහා බලල ඉගෙන ගන්න.
ඕව මයිනො, කපුටෝ, කජු මැන්ටල් වලට පුරුදු නෑ.
Jeppo 88/89 කරපු මිනීමැරුම් වලට යුක්තිය ඉෂ්ට වුනාද?
Deleteමිනීමරුවන්ට නිදහස දුන් ජේ. ආර්. මරන්න උත්සාහ කලෙත් එම මිනීමරුවන්ම තමා.
ReplyDeletetheenduwa dameema karaganna thama jeppo hadanne.me jepi anduwa kalakirilaa parata bahina minissu baya karanna munge kaitn me thinduwa gana kiyala minissu bayakaranawamai loweth,muta me thinduwa gana sathutuwenna thiyena ekama hethuwa eka.
ReplyDelete