වාහන 1700ම ගේනවා.. පරණ වාහනවලින් රාජ්‍ය සේවය කරන්න බෑ..- ජනපති

 


ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ගෙන යන්නේ රාජ්‍ය යාන්ත්‍රණය බවත් ඒ නිසා මූලික වශයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයට ශක්තිමත් වැටුප් වැඩි කිරීමකට කටයුතු කළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

වසර විස්ස තිහ පැරණි වාහන සමඟ රාජ්‍ය සේවයක් දුවන්න බැරි බවත් එනිසා දැනට ගෙන්වීමට තීරණය කර ඇති වාහන 1700 සියලුම වාහන ගෙන්වන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ 27 පස්වරුවේ අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි. 

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අපි දන්නවා අපේ රටේ සංස්කෘතිය සමඟ බලන විට ඉඩමක් කියන්නේ දේපොළක්ම නොවෙයි. ඉඩමක් කියන්නේ ඥාතිත්වය. අපි හැම කෙනාටම අපේ දෙමාපියන්, මුතුන් මිත්තන් සහ ඉඩම් සමඟ ගැටගැසුණු ඥාතිත්වයක් තිබෙනවා. ඒ නිසා ඉඩම් සහ බැඳුණු සංස්කෘතියක් අපිට තිබෙනවා. ඒ වගේම ආර්ථිකමය ලෙස ගත්තත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් අපි නියෝජනය කරනවා. එහිදීත් අපිට වැදගත්ම දේ වන්නේ ඉඩම. ඒ නිසා සියලුදෙනා තුළම තමන්ගේම ඉඩමක් පිළිබඳ සිහිනයක් තිබෙනවා. 

එහෙත් අපේ රට ලෝකයේ බොහොමයක් රාජ්‍ය සමඟ සංසන්දනය කර බැලූ විට කුඩා භූමි ප්‍රමාණයක් තිබෙන රාජ්‍යයක්. ඒ වගේම මිලියන 22කට අධික ජනගහණයක් අපේ රටේ සිටිනවා. ආසන්න වශයෙන් ගත්තොත් වර්ගකිලෝමීටරයකට, 350කට ආසන්න ජනතාවක් ජීවත් වෙනවා. 

ඒ නිසා අපි දැන්වත් නිසි ඉඩම් කළමනාකරණ ප්‍රතිපත්තියකට ගියේ නැත්නම් අපේ අනාගතය මේ ඉඩම් සමඟ විශාල ආරවුලකට පත් වෙනවා. ඒ වගේම ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ මුළුමනින්ම බිඳ වැටීමේ අනතුරකට අපි මුහුණ දෙනවා.

අපි අනාගතය දෙස අවධානය යොමු කරන විට තනි තනි නිවාස හදනවාද කියන ප්‍රශ්නය පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. එසේ නොමැති වුවහොත් අපේ මුළු ඉඩම් ප්‍රමාණයම නිවාසවලින් යට වනවා මිස ආර්ථික උපායමාර්ග සලසා ගත නොහැකි වෙනවා. ඒ නිසා ඉඩම් පිළිබඳ ඉතා හොඳ විද්‍යාත්මක, සංඛ්‍යා දත්ත, ආර්ථික අවශ්‍යතා මත සැලසුම් කළ නව ඉඩම් පරිහරණ සැලැස්මක් සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා. එය අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක් වී තිබෙන අතර, අපි ඒ සඳහා මෙවර අයවැයෙන් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. 

ඉඩම් අපේ ආර්ථිකයේ ප්‍රධාන හවුල්කරුවෙකු නිසා ඉඩම් සමඟ මතු වූ විශාල ආරවුල් ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා ඉඩම් නීතිවල පවතින සංකීර්ණතා අපි නිරාකරණය කර ගත යුතු වෙනවා. හැබැයි එක යුගයකදී අපිට මේ සංකීර්ණතා අවශ්‍ය වුණා. මොකද ඉඩම් අපේ රටේ පුරවැසියන් අතේ රඳා පවතින්නේ නැහැ. ජනතාව අත ඉඩම් රඳා පැවතීමට නම් ජනතාවට ඉඩම් ලබා දීමේදී යම් කොන්දේසි සහිතව ඉඩම් ලබා දීමේ වරදක් නැහැ. 

එදා ජය භූමි, ස්වරණ භූමි, රත්න භූමි නමින් විවිධ ලේබල් යටතේ ඉඩම් ලබා දී තිබුණා. මේ සියල්ල කොන්දේසි සහිත ඉඩම්. හැබැයි දැන් අපි අලුත් ලෝකයකට ප්‍රවිශිෂ්ට වෙනවා. ඒ නිසා මම හිතන්නේ නැහැ තවත් සංකීර්ණ නීතිවලින් අපි ජනතාවගේ ඉඩම් බැඳ තැබිය යුතුයි කියලා. ඒ නිසා ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්වල නියැළීමට පහසු වන පරිදි නිදහස් බලපත්‍රයක් ලබා දිය යුතුයි කියා අපි තීරණය කර තිබෙනවා. ඒ අනුව තමයි නිදහස් බලපත්‍රයක් ලෙස මෙම හිමිකම ඔප්පු ප්‍රදානය සිදු කෙරෙන්නේ. 

මෙහිදී වැදගත් දෙයක් තිබෙනවා. අතීතයේදී අපේ ගම්වල ජනතාව අත ඉඩම රඳා පැවතුනේ නීතිය නිසා. එම නීති නිසා ඉඩම විකුණා දැමීමට හෝ උකස් තැබීමට හැකියාවක් තිබුණේ නැහැ. දැන් නිදහස් බලපත්‍රයක් ලබා දීමෙන් පසු මේ සියල්ල සිදු කළ හැකියි. එසේ නම් ජනතාව තමන්ගේ ඉඩම බැහැර කරයිද කියන අනතුර තිබෙනවා. ඒ නිසා මෙම හිමිකම දීමනාපත්‍රය ලබා ගත් සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා ඔබට, ඔබගේ දරුවන්ට හිමි එම ඉඩම විකුණා දමන්න එපා කියලා. 

ඔබ එය ආරක්ෂා කළ යුතුයි. ඔබගේ ආර්ථික වුවමනාවන් අපි ඉටු කරන්නම්. ආර්ථික අවශ්‍යතා ඉටු නොවුණහොත් තමයි අවසානයේ තම ඉඩම විකුණා දමන්නේ. එය ඔබ කරන්නේ කැමැත්තකින් නොවෙයි, කිරීමට අන් කිසිවක් නොමැති නිසා බව අපි දන්නවා. 

ඒ වගේම අපි මුහුණ දී තිබෙන අනෙක් ගැටලුව තමයි අපි විශාල කාලයක් අපේ ඉඩම් භාවිත කර තිබුණේ එම යුගයේ තිබෙන ආර්ථික උපායමාර්ගයට සමානුපාතිකවයි. අපි අපේ ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉඩම් වෙන් කරන ගමන්, ඉඩම් යම් ප්‍රමාණයක් නව ආර්ථික උපායමාර්ගයන්ට අනුරූප වන පරිදි නිදහස් කිරීමට සැලසුම් කර තිබෙනවා.

සෑමවිටම ලෝකයේ රටවල් සංවර්ධන ජයග්‍රහණයන් අත්පත් කර ගන්නේ ඒ අවස්ථාවේ තිබෙන තාක්ෂණය උකහා ගැනීමට සමත් වුවහොත් පමණයි. ඒ අවස්ථාවේ ඇති වන තාක්ෂණය, කර්මාන්ත සහ විද්‍යාවේ දියුණුව එම අවස්ථාවේ උකහා ගැනීමට අසමත් වුවහොත් ලෝකය අතර ඇති නැති පරතරය තව තව වර්ධනය වෙනවා. අපිට එය සිදු වුණා. 

විශේෂයෙන් 20වන සියවසේදී ලෝකය තාක්ෂණයේ සහ විද්‍යාවේ විශාල ජයග්‍රහණයන් අත්පත් කරගත්තා. හැබැයි ඊට අනුරූප වන පරිදි ආපේ ආර්ථික වැඩපිළිවෙළ පරිවර්තනය කර ගැනීමට අපි අසමත් වුණා. ඒ නිසා ලෝකයේ වෙළෙඳපොළ සහ අපේ නිෂ්පාදන අතර ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. 

ඒ නිසා වර්තමානයේ ලෝකය අත්පත් කරගෙන තිබෙන තාක්ෂණය සහ විද්‍යාව මත ගොඩනැඟුණු ආර්ථිකයකට අවශ්‍ය යටිතල පහසුකම් අපි සංවර්ධනය කළ යුතුයි. විශේෂයෙන් මේ යුගය තාක්ෂණ ලෝකයේ විශාල පිමි පනින යුගයක්. විද්‍යාව සහ තාක්ෂණය මත ගොඩනැගුණු කර්මාන්ත ගෙන ඒමට අපි මෙම යුගයේදී අසමත් වුවහොත් අපේ රටවල් අතර ඇති නැති පරතරය තවත් වැඩි වෙනවා. ඒ නිසා අපි යම් ඉඩම් ප්‍රමාණයක් මේ නව ආර්ථික උපායමාර්ගයන්ට වෙන් කළ යුතුයි කියා සැලසුම් කර තිබෙනවා. 

අපිට පුළුවන් නම් AI මධ්‍යස්ථානයක් දාන්න අපේ ගොවිපොළක් ඒ වෙනුවෙන් වෙන් කිරීම වැරදි නැහැ. හරිත බලශක්ති උද්‍යානයක් ඇති කිරීමට අවශ්‍ය නම් ඒ සදහා ගොවිපොළක් වෙන් කිරීම වැරදි නැහැ. මොකද වර්තමාන ලෝකයේ තිබෙන තාක්ෂණය සහ විද්‍යාව සමඟ සමානුපාතිකව ඉදිරියට යාමට නම් ඒ තාක්ෂණය සහ ඒ මත ගොඩනැගුණු කර්මාන්තවලට අවස්ථාව ලබා දිය යුතුයි. වර්තමානයේ අත්පත් කරගෙන තිබෙන තාක්ෂණික සහ විද්‍යාවේ දියුණුව විසින් නිර්මාණය කරනු ලැබ තිබෙන ආර්ථිකයන් අපේ රටට කැඳවා ගැනීම අප රජයේ අපේක්ෂාවයි. එසේ නොමැතිව අපේ ඉඩම් පැරණි උරුම ආර්ථිකයකට යට කර තැබීම විද්‍යාත්මක වශයෙන් එතරම් හොඳ තත්ත්වයක් නොවෙයි.

අපේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ අපි ආර්ථික වශයෙන් අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ ග්‍රාමීය ජනතාව අතරට ගෙන යාමයි. අපි ආර්ථික වශයෙන් මේ වන විට විශාල ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා. අපිට දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වයට ශක්තිමත්ව මුහුණ දීමට හැකි වූයේ එම ආර්ථික ස්ථාවරත්වය නිසයි. දිට්වා ආපදා තත්ත්වය නිසා කිසිදු සංවර්ධන කාර්යයක් අතරමඟ නතර වෙලා නැහැ. එම කාර්යයන් සඳහා වෙන් කළ ප්‍රතිපාදන එලෙසම යොදවා තිබෙනවා. ඒ වගේම දිට්වා ආපදා තත්ත්වය හමුවේ යළි ගොඩනැගීම වෙනුවෙනුත් මුදල් වෙන් කර තිබෙනවා. ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන අන්දමින් අපි ආර්ථිකය ගොඩනැගිය යුතුයි. ඒ වගේ අපේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ දුප්පත්කම තුරන් කිරීමයි. එය සමාජ ඛේදවාචකයක්. එම සමාජ ඛේදවාචකය අවසන් කිරීම සඳහා අපි සියලුදෙනාටම කාර්යභාරයක් තිබෙනවා. එහි සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම ඉඩම් නිදහස් දීමනාපත්‍ර ලබා දීම හැඳින්විය හැකියි. 

10 Comments

  1. ඔය මදියි ස'
    තව ප්‍රයිවෙට් ජෙට් දෙක තුනකුත් ගෙන්න.

    ReplyDelete
    Replies
    1. මාලිමාවට ඡන්දය දුන් පාහරයන්ට සාප වේවා! සාපම වේවා !! සාපම වේවා!!!

      Delete
    2. first find who the guy from diaspora pAID pvt jet tour from vietnam , also the list of diasporas who he met IN his tour to germany, any way this is may be the first in the world went germany to meet president,of germany

      Delete


  2. මහජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් අපිට එපා.

    ReplyDelete
  3. එම නීති නිසා ඉඩම විකුණා දැමීමට හෝ උකස් තැබීමට හැකියාවක් තිබුණේ නැහැ. දැන් නිදහස් බලපත්‍රයක් ලබා දීමෙන් පසු මේ සියල්ල සිදු කළ හැකියි. එසේ නම් ජනතාව තමන්ගේ ඉඩම බැහැර කරයිද කියන අනතුර තිබෙනවා. ඒ නිසා මෙම හිමිකම දීමනාපත්‍රය ලබා ගත් සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා ඔබට, ඔබගේ දරුවන්ට හිමි එම ඉඩම විකුණා දමන්න එපා කියලා. KOHOMADA APE MOLE

    ReplyDelete
  4. ණයට ගත්ත සල්ලි වලින් කාර් අරගන පදින්න උඹට ලැජ්ජ නැද්ද ලොක්කා.

    ReplyDelete
  5. What?? You said the previous government ministers were using Luxury cars and when you come to power you will sell those and build schools. You also said that in your governments ministers will use public vehicles.

    ReplyDelete
    Replies
    1. EX : pm secretary was blamed and all vehicles were showcased in Galleface, His own secretary's wife when caught using govet vehicle this guy was saved . How shameless is this AKD

      Delete
  6. ණයට ගත්ත සල්ලි වලින් කාර් අරගන පදින්න උඹට ලැජ්ජ නැද්ද ලොක්කා.

    ReplyDelete
  7. Mun lajja tiyena evun nevei. Mun okkoma evun inne heluwen. Eeye kiyapu boruwa ada mathaka naha. Munta chande deepu evuntath lajja naha. Ekeeya lankave avasanaya.

    ReplyDelete
Previous Post Next Post