පළාත් සභා වහා පවත්වනු.. ඉන්දියාව දැනුම් දෙයි..


පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට නැවත වරක් දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා මෙම මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ඉන්දීය රජය අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ද, ඉන්දීය රජයේ ප්‍රධානීන් විසින් මෙම මැතිවරණය පැවැත්වීමේ හදිසි අවශ්‍යතාව පෙන්වා දී තිබේ. 

ඉන්දියාවේ ප්‍රාන්ත සභා ක්‍රමය ආදර්ශයට ගනිමින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මෙරටට පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙන ලදී.

මේ අතර, පළාත් සභා මැතිවරණය සඳහා භාවිත කළ යුතු ඡන්ද ක්‍රමය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන සතියේදී රැස්වීමට නියමිතය. 

අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභාවේදී , ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් ඉතා ඉක්මන් තීරණයක් ගනු ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කර සිටියි.

දිවයිනේ පළාත් සභා නවයේම නිල කාලය අවසන් වී මේ වන විට වසර 10කට වැඩි කාලයක් ගත වී ඇති අතර , එම සියලු සභාවල පරිපාලන කටයුතු දැනට පවතින්නේ අදාළ ආණ්ඩුකාරවරුන් යටතේය.

4 Comments

  1. බෑ බෑ ඡන්ද තියන්න නම් බෑ. ලොරි ටෝක් දීලා පච කෙලල බදු පිට බදු ගහලා මිනිස්සුන්ගේ බඩේ ගෑස් නිසා gay V P අපි පුකෙන් යනවා. ඒ නිසා කජු මුත්තා කිව්ව කතාවම කියලා gay V P අපි ඡන්දේ තියන්නේ නැතුව ඉන්නවා..

    මීට,

    කයිවාරු බදුකොටා

    ReplyDelete
    Replies
    1. National Pacha Party (NPP)February 28, 2026 at 11:58 AM

      දැන් නම් කියන්න පචයක් වත් ඉතුරු වෙලා නැහැනේ. කියන්න තියෙන ඔක්කොම පච ටික ජනාධිපතිවරනෙදි කියලා දැන් කෙල වෙලා ඉන්නේ. දැන් ඉතින් එදා වේල පිරිමහගන්නේ යුද්ධෙට මඩ ගහලා රණවිරුවෙක් හිරේ දාලා තමයි ඉතින්.

      Delete
  2. උතුරු නැගෙනහිර විතරක් තියලා ෂේප් වෙමු

    ReplyDelete
    Replies
    1. ඒකත් උඩින්ම පරාද වෙනවා. කවුද බං මුන්ට ඡන්දෙ දෙන්නෙ. දෙමළ මුස්ලිම් කියන්නේ සිංහල වගේ මී හරක් නෙමේ. උන් තමන්ගේ ජාතියෙන් පිට ඡන්දෙ දෙන්නෙ නෑ

      Delete
Previous Post Next Post