කතානායක සෙල්ලම් ගැන තානාපති කාර්යාල සීරුවෙන්..


සුජිත් හේවාජුලිගේ

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතාට එරෙහිව එල්ලවී ඇති දූෂණ වංචා චෝදනා  සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්  සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ  චමින්ද කුලරත්න මහතාගේ  වැඩ තහනම සම්බන්ධයෙන් මෙරට  බොහෝ තානාපති කාර්යාලද   විශේෂ අවධානය යොමු කර ඇතැයි  ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම  එම සිද්ධීන් සම්බන්ධයෙන් තානාපති කාර්යාල කිහිපයක් පසුගිය දිනවල විශේෂ තොරතුරු  සොයා බැලීමක්ද   කර ඇතැයි  දැනගන්නට ඇත.

මේ අතර චමින්ද කුලරත්න මහතා සතුව ඉහත සිද්ධීන්වලට අදාල  සාක්ෂි  ඇති  හෙයින් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද තානාපති කාර්යාල අවධානය යොමු කර ඇතැයි වාර්තාවේ.

කතානායකවරයාට එරෙහිව එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ  චෝදනා  විමර්ශන  කොමිෂන් සභාව විසින්  ඉකුත් සිකුරාදා විමර්ශන  ආරම්භ කෙරිණ.

සිද්ධියේ  චෝදනා තහවුරු කරගැනීම සඳහා අදාල ලියකියවීලි පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් ලබා ගැනීමට අල්ලස් කොමිසම මේ දිනවල   කටයුතු කරමින් සිටී.

මේ අතර කතානායකවරයාට එරෙහිව හිටපු නියෝජ්‍ය මහ ලේකම්  නීතිඥ  චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දුෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසු කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන්ගෙන් වාර්තා   ගැනීමට උත්සාහ දරා ඇතැයි  වාර්තාවේ.

මෙම සිද්ධිය අල්ලස් කොමිසමට කළ බලපෑමක් හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන  නියෝජිතයෝ පිරිසක් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරමින්  සිටිති.

මේ අතර තමා සේවයෙන් ඉවත් කිරීමේ තීරණයට එරෙහිව චමින්ද කුලරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ අද නඩු පැවරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

6 Comments

  1. All the western countries should closely observe this governments dubviouse activities
    These guys probably trying to cheat western countries with LGBTQ and other stuff like reconciliation while secretly trying to make this country a Marxist country. Senior ministers of this government giving speeches on Markx and his teachings to public while they employ a leftist monk to tell people about Marxist politics in religious language to unsuspecting peoole

    ReplyDelete
    Replies
    1. no ...they spy about the SL speaker for their future plan..
      somehow they couldn't find much information about the JVP leaders...

      Delete
    2. no ...they spy about the SL speaker for their future plan.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

      Delete
  2. US embassy cannot manipulate Politian's as past.
    JVP is strong party

    ReplyDelete
    Replies
    1. Yes, It's leader has a fleet of ships in Greece.

      Delete
    2. There's nothing to manipulate. This govt was appointed by the US and west. JVP's only strength is giving their backsides and lying.

      Delete
Previous Post Next Post