රාජාංගනේ හිමි කුණුහරුප කියනවාදැයි බලන්න අධිකරණ නියෝගයක්...

 


රාජාංගණයේ සද්ධාරතන හිමියන් සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් අසභ්‍ය ලෙස අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

සැකකාර හිමිනමට මීට පෙර ඇප ලබා දීමේදී අසභ්‍ය වචන භාවිතයෙන් වැළකී සිටින ලෙස අධිකරණය දැඩි ලෙස අවවාද කර තිබුණි. එම නියෝගය ඇප පනතේ විධිවිධානවලට පටහැනිව උල්ලංඝනය කර තිබේද යන්න සොයා බලා ලබන අප්‍රේල් 22 වැනිදා වන විට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

පාහිංගල ආනන්ද සාගර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ, 2023 ජූලි 02 වැනිදා පැනවූ ඇප කොන්දේසි නොසලකා හරිමින් සද්ධාරතන හිමියන් දිගින් දිගටම සමාජ මාධ්‍ය හරහා අශිෂ්ට ප්‍රකාශ නිකුත් කරන බවයි.

භික්ෂූන් වහන්සේලා, නීතිඥවරුන් ඇතුළු විවිධ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් මෙම අසභ්‍ය වාග් ප්‍රහාර එල්ල කරන බවට පැමිණිලි පාර්ශ්වය විසින් චෝදනා කරන ලදී.

අදාළ සිදුවීමට අදාළ සියලු සාක්ෂි හා තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස අගතියට පත් පාර්ශ්වයට දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරයා, එම තොරතුරු පදනම් කරගනිමින් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළේය.

5 Comments

  1. Me hora , nugath cheewardari Jvp kabba pacha kota wagemai, ekama wenasa mu amu kunu harupa kiyanne.

    ReplyDelete
  2. මහ එකාට හරියන ඩෝබිල නේ මේ. රටකට ගිය කලක්.

    ReplyDelete
  3. මොහුව ශාසනයෙන් නෙරපලා හමාරයි. අවාසනාවක මහතනම් මොහුව සිවුරෙන් නෙරපන්න නායක ස්වාමීන්වහන්සේලාට බලයක් නැ. මොවුන් ප්ල්ලියෙන් නඩත්තුවෙන එවුන්. තවත් පිස්සෙක් ඉන්නවා කැකිරාවේ පැත්තෙ එකෙක්, යූටියුබ් එකෙ බුද්ධ ධර්මය අමු අමුවේ විකිර්ති කරනවා.

    ReplyDelete
  4. Sasanen nerapapu kenek kohomada bola cheewarayak da gena JVP ekata amuwenma kadey yanney. Govithanak bathak karala jeewath wunoth hoda nadda magey deiyo gon part dana eka nawaththala. Nuba kochchara pissu keliyath apita nirmala budu dahama nam epa wenney natha.

    ReplyDelete
Previous Post Next Post