ඖෂධ නියාමන අධිකාරිය විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ නොසලකා හරිමින් අත්තනෝමතික ලෙස තීරණ ගැනීම හේතුවෙන්, ප්‍රශ්නගත ගුණාත්මකභාවයකින් යුත් අක්ෂි ඖෂධ මෙරට රෝහල් පද්ධතියට ඇතුළු වීමේ දැඩි අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ අක්ෂි ශල්‍යකර්මවලට පෙර සහ පසුව භාවිත කරන ඖෂධවල ප්‍රමිතිය ඉහළ මට්ටමක පැවතීම අත්‍යවශ්‍ය බවයි.
විශේෂයෙන්ම මෙම ඖෂධවල අඩංගු විය හැකි බාහිර අංශු මාත්‍ර (Free particles) අවම මට්ටමක හෝ ශුන්‍ය මට්ටමක පැවතිය යුතු වුවද, ඖෂධ නියාමන අධිකාරිය මගින් අලුතින් මිලදී ගැනීමට සූදානම් වන ඇතැම් ඖෂධවල එම අගයන් අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කරන සීමාව ඉක්මවා ගොස් ඇති බවට ඔහු චෝදනා කරයි.
මෙම බරපතළ තත්ත්වය පිළිබඳව අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා දැනුවත් කර ඇත.
එහෙත් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන සභාපතිවරයා, අදාළ විෂය පථයට අයත් විශේෂඥයන්ගේ මතය නොසලකා කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය නිසා ඉදිරියේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වන රෝගීන්ට යම් සංකූලතාවක් ඇති වුවහොත්, එහි සෘජු වගකීම ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා භාරගත යුතු බව වෛද්‍යවරයා අවධාරණය කරයි. මේ පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙස ඒ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.

ලක්ශයක් මරල හරි බලයේ ඉන්න ඕන උන්ට ඕවා සුලු දේවල්.
ReplyDeleteමුන් වෛරය වපුරලා ආවාත් මුනුත් කරන්නේ ඕකම බව තේරුම් ගන්න මේ රටේ මී හරක්ට මොලයක් තිබුනේ නෑනේ.
ReplyDeleteදැන් ඉතින් අඬල වැඩක් නෑ. 2/3 බලයකුත් දුන්න නේ.
දැන් ඉතින් එලවන්න වෙන්නෙ තව අවුරුදු 30කින් විතර තමයි.