පළාත් සභා ඡන්දෙ තියන්න බැරි පෙර සිටි පාලකයන්ගෙ වැරදි නිසා..- සමන්ත


පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ වත්මන් රජයේ වරදකින් නොව, පසුගිය රජයන් අනුගමනය කළ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුවෙන් බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පෙර පැවති ආණ්ඩු විසින් පළාත් සභා මැතිවරණ ක්‍රමය අත්තනෝමතික ලෙස සංශෝධනය කිරීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

එහිදී මැතිවරණය කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්වීමට නිර්දේශ කර තිබුණ ද, ඒ සඳහා අත්‍යවශ්‍ය වන සීමා නිර්ණ කටයුතු විධිමත් ලෙස අවසන් කිරීමට පෙර පැවති පාලකයින් පියවර ගෙන නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

මෙම ව්‍යාකූල තත්ත්වය සහ පවතින නීතිමය විකෘතිතාවය හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි බාධාකාරී වටපිටාවක් නිර්මාණය වී ඇති බවත්, මෙය සම්පූර්ණයෙන්ම පෙර පැවති ආණ්ඩුවල වගකීම් විරහිත භාවයේ ප්‍රතිඵලයක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

4 Comments

  1. හැම රෙද්දටම පසුගිය ආණ්ඩුව අල්ලගෙන ඉන්න ඕන නෑ... තොපිට ඡන්දෙ දුන්නේ මිනිස්සු ඒවා හරිගස්සලා දාන්න... තොපි දැන් ඡන්දෙ තියන් නැත්තේ බයේ මොකද තොපි පරදින බව දන්නවා... තොපි වගේ බෝක්කු වල හිටපු කල වැද්දෝ ටිකක් ගෙනල්ලා මේ මිනිස්සු රටට කරගත්ත විනාශයක්... දැන් මූව දැක්කත් මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ ... මුන් සේරම අපතයෝ

    ReplyDelete
    Replies
    1. ඉතිං ඇත්ත නේද? පහුගිය ආණ්ඩු මේ අයගෙ පචවලට නිසි පිළිතුරු, ප්‍රතිචාර නොදුන් නිසා තමයි මේ අය බලයට ආවෙ. පච බලය හොඳින් හඳුනන කෙනෙක් හැටියට මේ මහතා තවමත් සුපුරුදු ලෙස තමන්ගේම පච වලට තමුන්ම රැවටිලා.

      Delete
  2. මෙහෙමත් ගොබ්බයො ටිකක්. 68 ලක්සයක් වුඩ දාගෙන ගෙනාපු ගොබ්බයො.

    ReplyDelete
  3. මොන හේතු කියල හරි පළාත් සභා නොතියන එක හොඳයි.

    ReplyDelete
Previous Post Next Post