ඉකුත් 13 වැනිදා සිදු වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය ජාතික ආරක්ෂාවට හෝ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල වන විශේෂ තත්ත්වයක් නොවන බවත්, එය හුදකලා සිදුවීමක් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් රජයේ බලවත් ශෝකය පවුලේ ඥාතීන් වෙත ප්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , විශේෂ කාර්ය බලකාය, කොළඹ අපරාධ කොට්ඨාසය සහ මධ්‍යම අපරාධ කාර්යාංශය ඇතුළත් විශේෂ පොලිස් කණ්ඩායම් 12ක් යොදවා ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.
අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කෙටි කලක් තුළ ඝාතකයන් හසු කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
මියගිය නීතිඥවරයා සම්බන්ධයෙන් මීට පෙර ද පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පැවති බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබූ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එසේම, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ සිදුකරන වැටලීම් අතරතුර මෙවැනි වෙඩි තැබීම් සිදුවිය හැකි බවත්, මෙම සිද්ධිය එවැනි තත්ත්වයක් ද යන්න පිළිබඳව විද්‍යාත්මක විමර්ශනයක් පවත්වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
රට තුළ පවතින අවි ආයුධ භාවිතය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, පසුගිය කාලයේ දේශපාලනඥයන් ලබාදුන් අවි ආයුධ සිය ගණනක් තවමත් භාර දී නොමැති බවත්, ඇතැම් හමුදා කඳවුරුවලින් පාතාලයට අවි ආයුධ ලැබී ඇති බවත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, පසුගිය කාලය තුළ ටී-56 ගිනිඅවි 75ක්, පිස්තෝල 85ක් සහ රිවෝල්වර 62ක් ඇතුළු අවි රැසක් අත්අඩංගුවට ගැනීමෙන් විශාල ජීවිත සංඛ්‍යාවක් ආරක්ෂා කර ගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
නීතිඥ ප්‍රජාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඕනෑම සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරුන්ට ඇති ව්‍යවස්ථාපිත අයිතිය රජය පිළිගන්නා බවයි.
බුද්ධි අංශ මගින් ලබාගන්නා ආරක්ෂක තක්සේරු වාර්තා මත පදනම්ව, අවශ්‍යතාව පරිදි විනිසුරුවරුන්ට සහ නීති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ආරක්ෂාව සැපයීමට පියවර ගන්නා බවත්, නීතිඥවරුන්ට ඇති තර්ජන පිළිබඳව ද විශ්ලේෂණය කර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඇයි JVP කාරයො හොරකම් කරපු ආයුධ හෙමත් ඇතිනේද?
ReplyDeleteඇයි පරයො, පොලිස් පරීක්‍ෂන තියන එවුන් මහ පාරෙ මරල දැම්මට කමක් නැද්ද?????? ජේවීපී මිලේච්ච ලේ පිපාසිතයන් හිතන විදිහ. මැටි කන හරක් 69 ලක්‍ෂෙ මේ රට විශාලාවක් කරන්න මුන්ට ලයිසන් දීල.
ReplyDeleteWell said ......... they are just ignoring these murders to make the people scared of its regime .......... as in in early the 1980s ............ this time like "Ballalu Lavva Kos Atta Bawanawa .....
DeleteHiti pu __ gahan na ona mun ta
ReplyDeleteමොකෙක්ද මේ නාකි පිස්සු හුත්තා 😹😹🤮🤮🖕🖕🖕🖕🖕
ReplyDeleteදෙවැනි කැරැල්ල වෙලාවේ යටත් වෙලා ආයුධ භාර දීපු වෙලාවේ භාර නොදී හංගගත්ත ආයුධ 2700 භාරදීලා හිටපල්ලා
ReplyDelete