අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින්, හෙට (16) දිනය පුරා දිවයිනේ සියලුම අධිකරණ කටයුතුවලින් බැහැරව සිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) තීරණය කර තිබේ.
අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (15) කොළඹදී පැවැති නීතිඥ සංගමයේ මහා සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කළේ, එහිදී ඒකමතිකව යෝජනා හතරක් සම්මත කරගත් බවයි.
එම යෝජනා මගින් ප්‍රධාන වශයෙන් අවධාරණය කර ඇත්තේ,
- වර්තමානයේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බලකිරීම.
- දිව ව්‍යාප්ත සියලු අධිකරණවල වෘත්තීය කටයුුතුවලින් හෙට දින සමස්ත නීතිඥවරු බැහැරව සිටීම.
- මෙම අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටීම.
- තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ට දැඩි අප්‍රසාදය පළ කිරීම.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව දැඩි කම්පනයටත්, විරෝධයටත් පත්ව ඇති අතර, යුක්තිය ඉටු කරන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

මුං තමයි රාජ්‍ය විරෝධී කැරලිකාරයන්ට ඇප හම්බුනාම උසාවියේ අත්පුඩි ගැහුවෙ,
ReplyDeleteකැරලිකාරයෝ රාජ්‍ය ආයතනවලට අයුතු ලෙස ඇතුළු උනාම ඒක සාධාරණීකරනය කරලා මුංගෙ සභාපති සාලිය පීරිස් කිව්වා ඇතුලට වෙලා ඉන්න කියලා.
අවනීතිය අගය කරලා, ඒ අවනීතිය තමන්ගෙ ගෙදර දොරකඩට ආවාම දැන් බයවෙලා දඟලනවා.
කවදාහරි ඔය වෙඩි තියපු උන්ට ඇප හම්බුන දවසක
උන් එලියට යද්දිත් උඹලාගෙ මුළු සංගමේම එවුන් දෙපැත්තෙ ඉඳලා අත්පුඩි ගහපියව් උන් යනකොට..
උඹයි මෝඩයා. මුන් අත්පුඩි ගහනවා විතරක් නෙවෙයි, උගෙ නඩුවට කතා කරලා ඇප අරන් දෙන්නෙත් මුන්ම තමයි.
Deleteකුඩු සල්ලි නැතුව වාහනේ ෆිනෑන්ස් එක ඇරියස් වෙනකොට නිකංම වැඩට එයි
Deleteහෙට ඔබතුමාලා ඒ වෙඩි තියපු අය අත්අඩංගුවට අරගෙන උසාවි දැම්මොත් ඒ අය වෙනුවෙන් පෙනී ඉන්නවද?
ReplyDeleteඔව්..... ආආ....... නෑ..... මේ....... ඒක හෙට කියන්නම්.....
Oh yes. I know about lawyers big time, cuz I was married to one. And no more, thankfully!
DeleteWhat they should have been done is that not to represent or give any legal advise for those criminals for for who promote those criminals such as Rajapaksha Family.
ReplyDelete