කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන චමීර ගාල්ලගේ යන අයට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් සජබ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය වෙත පැමිණිල්ලක් යොමු කර ඇත.
පාර්ලිමේන්තුවේ පිළිගැනීමේ නිලධාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කිරීම මෙම පැමිණිල්ලට මූලික හේතුව වී තිබේ.
වාර්තා වන අන්දමට, මෙම අර්බුදය හටගෙන ඇත්තේ පිළිගැනීමේ අංශය වෙත පෞද්ගලික ලේකම්වරයා ලබාදුන් දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වූ නිලධාරියා ඔහුව හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙනි.
මෙයින් කෝපයට පත් චමීර ගාල්ලගේ මහතා, අදාළ නිලධාරියාව සිය කාර්යාලය වෙත කැඳවා ඇති අතර එහිදී ඔහුගේ පෞද්ගලික ලිපිගොනු පරීක්ෂා කරමින් බැන වැදී තර්ජනය කර ඇති බව පැවසේ. විශේෂත්වය වන්නේ මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී කථානායකවරයා ද එම ස්ථානයේ රැඳී සිටීමයි.
මෙහිදී මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු සේවකයින්ගේ පෞද්ගලික ලිපිගොනු පරිශීලනය කිරීමට කථානායකවරයාට හෝ ඔහුගේ ලේකම්වරයාට නීත්‍යානුකූල අවසරයක් නොමැති බවයි. එවැනි කටයුතු සිදු කිරීමේ පරම බලය ඇත්තේ ලේකම් මණ්ඩලයට පමණක් බව ඔහු අවධාරණය කරයි.
මෙම සිද්ධියට අමතරව, චමීර ගාල්ලගේ මහතාට එරෙහිව තවත් බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. දැනට සේවය අත්හිටුවා සිටින නියෝජ්‍ය මහ ලේකම් වමින්ද කුලරත්න මහතා විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ කරුණු අතර, කථානායක ලේකම්වරයා නිසි පරිදි මුදල් ගෙවීමකින් තොරව පාර්ලිමේන්තුවෙන් ආහාර ලබාගන්නා බවට වන චෝදනාව ද ඇතුළත් වේ.

ලස්සන රටක්
ReplyDeleteඇයි මහත්තයා, එහෙම වෙනවට කැමති නැද්ද? Asylum දාල කොහේ හරි පනින්න නේද බලාගෙන ඉන්නෙ?
Deleteනැ අනේ ඔයා වගේ දිගටම ඩොබි වැඩේ කරනවා.
Deleteමම නම් වැදගත් විදියට දැන් අවුරුදු 10 ක් විතර ඉතාලියේ. අපි සැහෙන්න වැඩ කලා මේ ආණ්ඩුව ගන්න. හෝදන වැඩ අපිට පුරුදු නෑ, පුරුදු වෙන්න ඕනෙත් නෑ
Deleteකෙහෙල් ගෙඩියා පවු හැබැයි, අවධානෙ නේද ඉල්ලන්නෙ?
ReplyDeleteදක්ෂයා බැනුම් ඇසීම සාමාන්‍ය දෙයක්.
ReplyDeleteහොරා හිරේ යාම සාමාන්‍ය දෙයක් වගේ.
දැන් පුනරුද හොරු උඩ. නීතිය යට. දක්ෂයෝ ගෙදර. පාපිසි රජ ගෙදර. ඩොබිලා බරටම හෝදනවා.
Deleteඊළඟ ජන්දෙත් අපි දිනනවා මහත්මයා. අපි එනවා හැමදාම වගේ රට දිනවන්න
Deleteමොනවා කරන්නද? ඩොබිලා එහෙම තමයි. හැමදාම හෝද හෝද ඉන්න කැමතියි
Deleteමේ අය පරම බලය පාවිච්චි කරපු හැටි අපි දැක්කා. එන්න නම් එපා අතුරුගිරිය පැත්තෙ. ගූ ගහල එලවන්නෙ. පොන්න බනාන සුජී.
ReplyDeleteඅපි බැලුවා අමුතු ගඳක් එන්නේ කොහෙන්ද කියලා. මේ ඩොබි රෙදි හෝදනවා. මොනවා කරන්නද, දරුවෝ බඩගින්නේ නේ.
Deleteeeya kathanayaka kiyna charitheth appiriya kala rate mionissunta. samalingika jeepo.anda uda karanna one dewal parliment eka athulata genawa ekai aula.
ReplyDeleteආප්ප බානවා. ගල් කපලා උඩින් තියනවා. සිසු පරම්පරාව ගොඩේ ගොඩ.
DeleteMe gal bas ge, maha eka Lawyer da ? U nan pal hora
ReplyDelete