කුරුණෑගල දිස්ත‍්‍රික් සමුපකාරයෙන් මාලිමා පිලට ලොකු පරාජයක්..


කුරුණෑගල දිස්ත්‍රික් සමූපකාර නිලවරණයේදී ආණ්ඩුව හිතවාදී කණ්ඩායම අභිබවා යමින් විපක්‍ෂ හිතවාදී කණ්ඩායම කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්ව තිබේ. 

එහිදී විපක්ෂය ඡන්ද 79ක් ලබා ගනිමින් බහුතර බලය තහවුරු කරගත් අතර, ආණ්ඩුව හිතවාදී කණ්ඩායමට හිමි කරගත හැකි වූයේ ඡන්ද 21ක් පමණි.

කෙසේ වෙතත්, මෙම ප්‍රතිඵලය නිකුත් වීමෙන් අනතුරුව ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා විය. 

එහිදී හිටපු කුරුණෑගල දිස්ත්‍රික් සමූපකාර උප සභාපතිවරයෙකු මෙන්ම මෙවර විපක්ෂය නියෝජනය කළ අපේක්ෂකයෙකු වන අශෝක සුජීව වලාකුල්පොළ මහතා අමානුෂික මැර ප්‍රහාරයකට ලක්ව ඇත. 

එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඒ මහතා ප්‍රතිකාර සඳහා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

12 Comments

  1. වෙරිටේ රිසර්ච් අලුත්ම රිපෝට් එක දැක්කද???

    ReplyDelete
    Replies
    1. G.B.S. හේවාරාළFebruary 15, 2026 at 6:48 PM

      මේ ආයතනයේ (වෙරිටේ රිසර්ච්) ස්ටැටිස්ටික්ස් (සංඛ්‍යාණය) පිළිඹඳ ආචාර්ය නොව, අවම වශයෙන් පශ්චාත් හෝ මූලික උපාධියක්වත් තිබෙන එක් පුද්ගලයෙක් වත් නොමැත. මෙම පර්යේෂණ කරණු ලබන්නේ පෞද්ගලික වෘත්තීය සුදුසුකම් (සී.අයි.එම්.ඒ.) ඉගෙන ගනිමින් සිටින අයවලුන් වන අතර, ඔවුන් විසින් සාදනු ලබන වාර්තාව අනුමත කරණු ලබන්නේ ද ඒ.සී.එම්.ඒ. (අවම වශයෙන් එෆ්.සී.එම්.ඒ. වත් නොමැති) ආධුනික මැනේජර් වරුන් විසින් ය. අවසානයේ ප්‍රසිද්ධියට පත් කිරීමට අනුමැතිය ලබා දෙන්නේ කළමණාකාර උපාධි ධාරියෙකි. ඔහු ගණිතය අසමත් අයෙකු වන අතර, සංඛ්‍යාණය පිළිඹඳ දන්නේ මූලික සම්භාවිතාව ගැටලු විසඳීමට පමණි. මෙම ආයතනය විසින් ප්‍රසිද්ධ කරණ ලබන දත්ත මත පදනම් වන වාර්තා නිසි සුදුසුකම් ලත් අයවලුන් විසින් සිදු කල සංඛ්‍යාණමය අධ්‍යයනයකින් තොරව ප්‍රසිද්ධ කරණු ලබන බැවින්, එම වාර්තා එතරම් සැලකිල්ලට ගත යුතු නැත.

      Delete
    2. හැක හැකFebruary 15, 2026 at 9:38 PM

      මේ වැල්වටාරම ලියපු උඹේ සුදුසුකම් මොනවද?

      Delete
    3. අංරයි G.B.S. හේවාරාළයි දෙන්නම කැලණියේ එකම 'බැජ්' එකේ පිසික්ස් ඩිග්රි කළේ

      Delete
    4. @G.B.S. හේවාරාළ - ඉතිං බං ඔය කියල තියෙන සුදුසුකම් ඔක්කොම උඹලගේ අර පොඩි හනුම ට තියෙනවට වඩා වැඩියි නේ.

      සජිත් නං උගත් ඊට වඩා. ආදරණිය සදාදරණිය පියාණන් දුරකතනයෙන් සිංහල ඉගැන්නුවලු බුවාට එංගලන්තයේ ඉගෙන ගනිද්දී.

      පොඩි හනුමත් කාලයක් එංගලන්තේ හිටිය. ඉගෙන ගන්න කියල ගිහිං ඕක කලේ ගන්ජයි බඩුයි ගහපු එක අපේ සල්ලි කකා. ඌ එක්ක හිටපු කාලකන්නියෙක් තමයි අර බෙන්ස් එක පොල් ගහේ ගිහිං මලේ, විනිල් මැණික් කාරයගේ පුතා.

      මොනා උනත් බං, උඹල පැල කරන්න හදන ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පලුදු වී ඇත කියන පට්ට කෙබරේ හෙන හතරැස්. දාපු තැනම බොග් ගාල හිටිනව.

      Delete
    5. අඩෝ හෙවරලා, මොනාද බං මේ කියවන්නෙ?
      හැමෝම දන්නවනෙ බං ලොක්කොන්ගේ නම ගියාට සොක්කෝ තමා මහන්සි වෙන්නෙ කියල.

      මතක නෑ, උඹලගෙ මහලොකු අප්පච්චි. සොල්දාදුවෝ යුද්දේ කලා. මයිනප්පු ලකුණු දා ගත්ත. උන්ගේ හම ගියා, අපේ නම ගියා.

      Delete
    6. උන්ගේ නම ගියා, අපේ හම ගියා නේද???

      Delete
    7. පැලවත්තෙ ජෙප්පදු ඩෝබි රංචුව බුරන එකමයි වැඩේ. මේ ලෝකෙ කිසිම දෙයක් දන්නෙ නෑ. හිතන් ඉන්නෙ ඇවිදින පුට්ටකාල කියල.

      Delete
  2. Yes, only Kebara Kota is having the correct data ............. Kuhakayanta Abasaranai ...

    ReplyDelete
  3. සමූපකාර නෙමේ මොන ඡන්දෙ තිබ්බත් ප්‍රතිපලය මේක තමයි. ජෙප්පන්ව මහජනතාව ප්‍රතික්ෂේප කරල කුණු බක්කියට දාල ඉවරයි.

    ReplyDelete
  4. සමිික්ෂනය සඳහා යොදාගෙන ඇති පුද්ගලයන් ගණන 125 ක්ලු, ඒකත් පැලවත්තේ ඇයද දන්නෑ

    ReplyDelete
    Replies
    1. බොරු ගහන්න එපා අයිසේ

      https://www.veriteresearch.org/publication/mood-of-the-nation-february-2026/

      Delete
Previous Post Next Post