විදුලිය කපපු කාලෙ භාවිත කල තාක්‍ෂණික උපකරණ දැන් භාවිතා කර රජයට සහාය දෙන්න..- චතුරංග

දි


නපතා පස්වරු
6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විදුලි ඉල්ලුම උපරිම වන (Peak Demand) මෙම කාලසීමාව තුළ විදුලි පාරිභෝජනය යම් ප්‍රමාණයකට අඩු කර ගැනීම මගින් බලශක්ති ක්ෂේත්‍රයට විශාල ශක්තියක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අතීතයේ විදුලිය කප්පාදු කළ කාලවල් වලදී ජනතාව අඳුරේ සිටීමට හුරු වී සිටි බවත්, එම කාලසීමාවන්හිදී භාවිත කළ විවිධ විකල්ප තාක්ෂණික උපකරණ තවමත් බොහෝ නිවෙස්වල පවතින බවත්ය.

එම පැරණි උපකරණ සහ ක්‍රමවේදයන් රාත්‍රී කාලයේදී යළිත් භාවිතයට ගැනීමෙන් උපරිම විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීමට ජනතාවට දායක විය හැකි බව ඔහු අවධාරණය කළේය.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම හරහා පවතින බලශක්ති අභියෝග ජය ගැනීමට සහය වන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

13 Comments

  1. කරුමේ.. කරුමේ... ඒ කාලේ ආඩිපාලි කියපුව දැන් මුනටම කරන්න වෙලා.
    අවුල තියෙන්නේ මේක වෙන්නේ මුන්ගේ බාල ගල් අඟුරු වංචාව හින්ද. සල්ලිවත් අඟුරුවත් නැතිහින්ද නෙවේ.

    ReplyDelete
  2. පචරෙන කෙඳිරිය

    ReplyDelete
  3. මූ මේ තාක්ෂණ මෙවලම් කියල බරවචන දාල කියන්නෙ හුලු අතු පන්දම් වලට.

    ReplyDelete
  4. මේ හුණ්ඩුවෙ පචරෙන හිච්චි කොළුව

    ReplyDelete
  5. තොපිල පහුගිය ආණ්ඩුවලට සහාය දුන්නද?

    ReplyDelete
  6. *ටගල මොකෝ සද්ද නැතුව......

    ReplyDelete
  7. Minissuntai udaw ona...minissu nethi rajayak wedakne minissunta udaw karapalla...

    ReplyDelete
  8. what about approval for sola which lays at CEB for a long time

    ReplyDelete
  9. ඔව් ඔව් රෑට සරම ගලවලා මෙවලමේ එලියෙන් තමා දැන් ඉන්නේ. කාලකන්නි. ලපයා ආවා විතරයි හෙනහත වැදුනා.

    ReplyDelete
  10. Never thought MAS had this type of Idiots ...............

    ReplyDelete
  11. Do not believe this guy worked at MAS ...........

    ReplyDelete
  12. Maybe that's why MAS is closing factories in SL.

    ReplyDelete
  13. විජය කුමාරතුංග ඇතුළු ඝාතන හතළිස් ගණනකට වගකිය යුතු ටාසන් නොහොත් ලයනල් වීරසිංහව කොක්කක් ගසා පක්ෂය සාමාජිකයෙකු කර ඝාතකයෙකු බවට පත් කළ මහ මොලකරු කවුද ? ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා නොහොත් හිච්චි අබේගේ තාත්තා ( චතුරංග අබේසිංහ ).

    ReplyDelete
Previous Post Next Post