විජිතට ඉංග‍්‍රිසි බෑ තමයි.. කදිරගාමර් එක්ක සසදා කිච කිරීම වැරදියි..- නිර්මාල්

 


ඉන්දියාවේ පැවැති 'රයිසිනා ඩයලොග්' (Raisina Dialogue) සමුළුවේදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සිදුකළ ඉංග්‍රීසි කතාව සහ ඔහුගේ භාෂා හැසිරවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන විවේචන, හුදෙක් භාෂා ප්‍රශ්නයක් නොව සැලසුම් සහගත ප්‍රභූවාදී දේශපාලන ප්‍රහාරයක් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

තම යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, මෙය ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා විපක්ෂය සහ ඇතැම් කණ්ඩායම් විසින් සොයාගත් අලුත්ම 'බයිට් එක' බවයි.

ලක්ෂ්මන් කදිරගාමර් වැනි ඉහළ ප්‍රභූ පවුල්වලින් පැමිණි, ඉංග්‍රීසි භාෂාව මනාව උච්චාරණය කළ හැකි නායකයන් සහ විජිත හේරත් මහතා වැනි සාමාන්‍ය පවුල් පසුබිමකින් පැමිණි නායකයන් සංසන්දනය කිරීම යුක්තිසහගත නොවන බව ආචාර්යවරයා පෙන්වා දෙයි.

ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කිරීමේ හැකියාව ලංකාවේ පවතින එක්තරා 'ප්‍රභූ දේශපාලන පන්තියක' (Political Class) අනන්‍යතාවක් වී ඇති බවත්, විජිත හේරත් හෝ සුනිල් හඳුන්නෙත්ති වැනි නායකයන් නියෝජනය කරන්නේ එම ප්‍රභූ පන්තියට අයත් නොවන නව දේශපාලන පන්තියක් බවත් ඔහු පවසයි

මීට පෙර සිටි ඉංග්‍රීසි උගත් ප්‍රභූ පාලකයන් රට මෙහෙයවීමට අසමත් වූ නිසා, ජනතාව විසින් මෙම නව කණ්ඩායම තෝරාගත් බවත්, ඒ නිසා ඉංග්‍රීසි උච්චාරණය දඩමීමා කරගෙන සිදුකරන මෙම 'කිච කිරීම්' මහජන වරමට එරෙහිව සිදුකරන්නක් බවත් දේවසිරි මහතා පවසයි.

"ඉංග්‍රීසි දන්න කට්ටිය ජනතාව ප්‍රතික්ෂේප කරා" යැයි පවසන ඔහු, භාෂා දැනුම මත පමණක් පදනම්ව නායකයන් තෝරාගැනීම කොන්දේසියක් නොවිය යුතු බව අවධාරණය කරයි.

මෙම විවේචන පිටුපස විජිත හේරත් මහතාගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කිරීමේ අවංක වුවමනාවක් නැති බවත්, ඒ වෙනුවට ආණ්ඩුවට 'කුරුමිට්ටන්' ලෙස හංවඩු ගසා ඔවුන් අසමත් බව පෙන්වීමට උත්සාහ කරන 'තක්කඩි වැඩක්' ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ වැනි අතීත දේශපාලනඥයන්ට ද මෙවැනිම භාෂා ගැටලු තිබූ නමුත්, වර්තමානයේ මෙම ප්‍රශ්නය උලුප්පා දක්වන්නේ දේශපාලන කඳවුරු අතර පවතින ගැටුමක් නිසා බව ඔහුගේ මතයයි.

අවසාන වශයෙන් ඔහු පවසන්නේ, විජිත හේරත් මහතාට ඉංග්‍රීසි නොහැකි වීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු නැති බවත්, මෙම ප්‍රභූවාදී මතවාදයන්ට දේශපාලනිකව අනුකම්පා විරහිතව පහර දිය යුතු බවත්ය.



20 Comments

  1. මෙයා මහාචාරියෙක් වුනේ කොහොමද අප්පා?

    ReplyDelete
    Replies
    1. හරිනි මැඩම් වුන විදිහටම වෙන්න ඇති.

      Delete
    2. මෙතන තියෙන්නෙ ඉංග්‍රීසි බැරිකම නෙමේ. ජාත්‍යන්තර ගනුදෙනු කිරීමට අත්‍යවශ්‍ය පරිනත නායකත්වයක් නැතිකම​, දුර්වල පෞරුෂත්වය​, තැනට සුදුසු නුවණ නැතිකම​, විශයට අදාල ගැඹුරු අවබෝධය නැතිකම​, අනාරක්‍ෂිතබවෙන් තැති ගැනීම, කිව යුතු දේ ගැන ඉහල නායකත්වය වගකීමෙන්, වගවීම ගැන විශ්වාසයක් ඇති නොකිරීම​.

      Delete
    3. නිර්මාල් කියන අම්බරැව, මහාචාර්‍ය ලේබලේ පාවිච්චි කරල ඇත්ත වහල ඩෝබි වැඩේ කරනකොට සාමාන්‍ය මිනිස්සු රැවටෙනව​, ආණ්ඩුව වැරදි හදා ගන්නැතිව චූන් එකෙ ගොන්පාට් කරනව​, රටේ කෙඩිබිලිටි වලපල්ලට​. රටට කෙඩිබිලිටි එකක් තිබුනද අහන නිර්මාල් ඇතුලු පගයන්ට කියන්නෙ, පරන වීඩියෝ බලපල්ල සිරිමා, ජෝන් කොතලාවල​, එන්. එම්, ජේ. ආර්, කදිරගාමර්, රනිල්, මහින්ද, වැඩිය ඕනි නැහැ පොඩි මිනිස්සු අතරින් ආව ප්‍රේමදාස පවා කොහොමද ජාත්‍යන්තර කටයුතු වලදි පෙන්නපු ගුණාංග​.

      Delete
  2. Language criticism elitist attack එකක් නෙවෙයි — diplomatic competence issue එකක්.

    Raisina Dialogue වගේ global forum වල Sri Lanka professional image maintain කරන්න obligation තියෙනවා.

    Past politicians failures new incompetence justify කරන්න reason එකක් නෙවෙයි.

    ජනතාව English reject කරලා නෙවෙයි corruption reject කරලා.

    Foreign minister communication weakness national credibility affect කරනවා.

    ඒක criticize කරන එක patriotic concern එකක් — elite conspiracy එකක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. Those are old fashion..
      We need supper brains 🧠 than display


      Showing language difficulty can actually be beneficial in today’s geopolitical environment.

      It gives us more time to think and respond carefully.

      Otherwise, there are techniques people may use to convince or pressure someone into making a deal that may go against the country’s rules and interests.

      Delete
    2. reply to March 8, 2026 at 11:21 AM - Foreign minister කෙනෙක් idea එක clearly express කරන්න struggle කරනවා නම්:

      👉 negotiating power weaken වෙනවා
      👉 credibility reduce වෙනවා
      👉 other diplomats dominate කරනවා. Language difficulty create කරලා advantage ගන්න diplomacy වල strategy එකක් නෙවෙයි. Diplomacy වල pressure tactics avoid කරන best defence එක
      weak communication නෙවෙයි — strong preparation. Language difficulty එකෙන් control ලැබෙන්නේ නැහැ. control lose වෙනවා.Vijitha totaly failed respecting the responsibility of representing a country on an international stage and brought shame to country.

      Delete
  3. “ජනතාව English accent එකක් elect කරලා නෙවෙයි.
    නමුත් international stage එකක රට represent කරන්න basic competence එකක් expect කරන එක elitism නෙවෙයි — responsibility.”

    ReplyDelete
  4. අපි කතා කරන්නේ පුද්ගලයෙක්ගේ accent එකක් ගැන නෙවෙයි.
    අපි කතා කරන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාවක කොහොම represent වෙනවාද කියන ගැටලුව ගැන.

    Raisina Dialogue වගේ forum එකක් කියන්නේ සාමාන්‍ය උත්සවයක් නෙවෙයි. එය Asia region එකේ strategic diplomacy forum එකක්.

    එතැනට යන කෙනා රටේ ගෞරවය represent කරන්න.

    නමුත් අද ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් එතැනට ගිහිල්ල කතා කරන විදිහ දැක්කම ලංකාව represent වුණේ confidence එකකින්ද නැත්නම් confusion එකකින්ද කියලා අපිටම අහන්න වෙන තත්ත්වයක් උදා වෙලා.

    ඒක critique කරනකොට දැන් කියනවා “මේක elite attack එකක්” කියලා. Professional competence එක demand කරන එක elitism නෙවෙයි.

    Foreign minister කෙනෙක්: diplomats සමඟ negotiate කරනවා. international media address කරනවා. global leaders සමඟ discuss කරනවා

    එහෙනම් clear communication ability basic requirement එකක්.ඒක critique කරන එක class hatred නෙවෙයි.National expectation එකක්.

    අද ආචාර්යවරයෙක් “English speaking elites defend කරනවා .ජනතාව expect කරන්නේ standards improve වෙන්න. collapse වෙන්න නෙවෙයි.

    ඇත්ත කතාව මොකද්ද?

    ජනතාව English reject කරලා නෙවෙයි.ජනතාව reject කරේ. corruption.economic collapse.irresponsible leadership.

    අද ඒ rejection එක misuse කරලා.competence lower කරන political culture එකක් build කරනවා. ඒක dangerous.

    මොකද diplomacy කියන්නේ. speech competition එකක් නෙවෙයි. ඒකnegotiation power, credibility, national image ,පිළිබඳ issue එකක්.

    Foreign minister කෙනෙක් international stage එකක struggle කරනවා කියලා, එක shame එක individual level එකට විතරක් නෙවෙයි.එක shame එක රටට.

    ඒ නිසා මේ criticism dismiss කරන්න elite conspiracy කියලා.label කරන එක solution එකක් නෙවෙයි.

    Solution එක simple: Professional standards accept කරන්න. Competence build කරන්න.National representation strengthen කරන්න.

    එහෙම නොකර criticism silence කරන්න “elitism” label එක භාවිතා කරනවා නම් එක governance නෙවෙයි. එක mediocrity defend කරන politics.


    ශ්‍රී ලංකාවට today biggest problem එක corruption විතරක් නෙවෙයි.Standards collapse වෙලා තියෙන එක. ඒ standards restore කරන එක තමයි තිබෙන biggest responsibility. නිර්මාල් රංජිත් දේවසිරි you are just a stupid so called ආචාර්ය dosent have honest feelings toward counties people or country other than your selfish intentions.

    ReplyDelete


  5. In modern geopolitics, showing off high English speaking skills or looking handsome is not the important thing.🧠🧠🧠🧠

    The important thing is having a strong brain and being smart.
    Smart people who think strategically are the real stars.

    Even in countries like Iran, there are many professionals who speak fluent English and look confident, but that alone is not very useful in geopolitics.😂😂😂😂

    What matters more is intelligence, strategy, and decision-making, not just good English or appearance.

    In diplomacy and negotiations, language is only a tool—strategy and understanding the situation are more important. 

    ReplyDelete
    Replies
    1. We saw Handunhettis brains well as Vijitha. Diplomacy වල pressure tactics avoid කරන best defence එක
      weak communication නෙවෙයි — strong preparation. They just brought Shame to country because of they cant speak proper english.

      Delete
  6. Palayan nakiya yanna. Dobiya. Tho thawath apullanawada ? Vijithaya reewa.

    ReplyDelete
  7. Munta anuwa mun okkoma hari ,,okkoma dannava.
    anith un mokuth danneth nehe,mokuth karalath nehe.
    mu kalin kuwwa Bimal vage neme Vijitha giyanam atti halenna denne kiyala,
    Lula nathi valata kanaya pandithaya kiyanne mevata thama.
    mun poth katapadam karapu ,no competence at all ..upannata vanana eun apita nadaththu karanna vela thiyenne.


    thuk geri jeppo

    ReplyDelete
  8. ඉංගිරිසි බැරි එකෙක් විදේශ ඇමති කලාම ඌ රට රටවල රාජ්‍ය නායකයන් විදේශ දූතයන් එක්ක කතා කරන්නේ අදහස් හුවමාරු කරගන්නේ අතින් පයින්ද? අද කාලේ රටේ ලෝකේ කිසිම තැනක පොඩි ලිපිකරු රැකියාවක් වත් ඉංගිරිසි නැතුව කරන්න පුලුවන්ද?
    රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී, ඇමති, අගමැති ජනාධිපති යන තනතුරු වලට ඉංගිරිසි භාෂාවේ මනා නිපුණත්වය අනිවාර්ය කල යුතුයි. මොකද හැමතැනම දීම භාෂා පරිවර්තකයන් ගෙන යා නොහැක.

    ReplyDelete
  9. Vijitha shows clearly full capacity of the JVP people , their brain trained for act differently, JVP always act with jealousy ,anger and heartrate against the other people that is why they acting like jokers in the civilized world

    ReplyDelete
  10. බැසිල් මී හරකා තමයි ඒත් ඌ ඔය වගේ සමුළු වලට ගිහින් කිච උනේ නෑ.

    ReplyDelete
  11. මෙකා සමරිසි වනචාරී යෙක්

    ReplyDelete
  12. අපිද කිව්වෙ කදිරගාමර්ල කියල? (ක)වටගලය නේද?

    ReplyDelete
  13. යකෝ ඩෝබි නිර්මාල් තොට මතක නැද්ද බැසිල් කපුටස් කියපු වෙලාවේ තොපි ඇතුලු ඩෝබි සෙට් එක බයිට් කරපු හැටි. තෝ ඇතුලු මලිමව දැන් fail. 2027 තමයි තොපිලා රගන අන්තිම අවුරුද්ද. ගෝටා part 2 on the way.
    Finally I have to say what you did its come back to you. 😂😂😂

    ReplyDelete
  14. උඹලා ඕන එකක් පැලවත්තේ හුන්ඩුවේ කියා ගනිල්ලා. ලෝකයක් ඉස්සරහ අපිව ලැජ්ජා කරන්නේ නැතුව.

    ReplyDelete
Previous Post Next Post