පවතින යුද තත්ත්වය අවසන් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ නවතම සාම යෝජනාව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. ඉරාන ජ්‍යෙෂ්ඨ දේශපාලන සහ ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වමින් 'ප්‍රෙස් ටීවී' (Press TV) පුවත් සේවය වාර්තා කළේ, ඕනෑම සටන් විරාමයක් සිදුවිය යුත්තේ ඉරානය පනවන කොන්දේසි සහ කාලසටහනකට අනුව පමණක් බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට යුද්ධය අවසන් කරන දිනය තීරණය කිරීමට ඉඩ නොදෙන බව අවධාරණය කළ එම නිලධාරියා, "ඉරානය යුද්ධය අවසන් කරන්නේ තම කොන්දේසි සපුරා ඇති බවට තහවුරු වූ පසුව සහ තමන්ට අවශ්‍ය වෙලාවට පමණයි" යනුවෙන් ප්‍රකාශ කර ඇත.
සතුරාට දැවැන්ත ප්රහාර එල්ල කරමින් තම ආරක්ෂක මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විවිධ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් වොෂින්ටනය ඉදිරිපත් කරන යෝජනා අතිශය අසාධාරණ බවත්, ඒවා යුද පිටියේ පවතින සැබෑ තත්ත්වයට පටහැනි බවත් ඉරානය පවසයි.
2025 වසරේ වසන්ත හා ශීත සෘතුවලදී පැවැත්වූ සාකච්ඡා වංචනික බවත්, එම සාකච්ඡා අතරතුර පවා ඇමරිකාව ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගත් බවත් හෙළි කර ඇත.
මිත්‍රශීලී කලාපීය රාජ්‍යයක් හරහා ඉදිරිපත් වූ මෙම යෝජනාව, යුද ආතතිය තවදුරටත් වැඩිකිරීමේ උපක්‍රමයක් ලෙස ඉරානය හඳුනාගෙන තිබේ.
සටන් විරාමයකට එකඟ වීම සඳහා ඉරානය කොන්දේසි පහක් ඉදිරිපත් කර ඇත:
- සතුරා විසින් එල්ල කරනු ලබන සියලු ආක්‍රමණ සහ ඝාතන වහාම නැවැත්වීම.
- යළිත් වරක් ඉරානය මත යුද්ධයක් පටවනු නොලබන බවට ස්ථිර යාන්ත්‍රණයක් සකස් කිරීම.
- යුද හානි සඳහා වන වන්දි ගෙවීම් සම්බන්ධයෙන් පැහැදිලි සහ සහතික කළ ගිවිසුමක් ඇති කර ගැනීම.
- කලාපයේ සියලුම පෙරමුණු වල සහ සියලුම ප්‍රතිරෝධී කණ්ඩායම් සම්බන්ධයෙන් යුද්ධය අවසන් කිරීම.
- හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්බන්ධයෙන් ඉරානය සතු ස්වෛරී අයිතිය ජාත්‍යන්තරව පිළිගැනීම සහ ඒ සඳහා සහතික ලබා දීම.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා සෙයියද් අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ නායකයින් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයෙන් පසු මෙම යුද තත්ත්වය උත්සන්න විය.
ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාන සන්නද්ධ හමුදා මේ වන විට කලාපය පුරා පිහිටි ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර මාලාවන් 80කට ආසන්න ප්‍රමාණයක් එල්ල කර ඇත.

ඇමරි කාණු ඊශ්‍රායල යක්ස ත්‍රස්තවාදීන් කිසිසේත්ම විස්වාස නොකරනු. උන් එකක් කියා වෙන දෙයක් කරන නරුමයන් වෙති.
ReplyDeleteවටිලප්පමක් හම්බ වෙලා වාගේ.
Deleteකයිය කෙලීම කලාවක් නම්, ඉරානේ ඉතුරු වී සිටින අපත මිලිටරි කෑලි ටික පිකාසෝලා ය. සුප්‍රීම් ලීඩර් මැරුවා, ජොයින්ට් මිලිටරි චීෆ්, ආමි කමාන්ඩර්, නේවි කමාන්ඩර්, ඩිපියුටීස්, සේරම මැරුව, නැව් සේරම ගිල්ලුවා (ත්‍රිකුණාමළේ තියෙන එක ඇර ), ප්ලේන් ටික සේරම කුඩු කලා, එයාපෝට් වල ධාවන පථත් කුඩු කලා, ඉරාන අහසේ එක ප්ලේන් එකක් යන් නෑ, ඉතුරු වෙලා තියෙන්නේ මිසයිල ටිකයි ඩ්‍රෝන් ටිකයි විතරයි, හැබැයි තව කයිය නම් කෙලිනව පැලෙන්ඩ. ඕවා ලංකාවේ උන්ව ම ඉලක්ක කරගෙන කියනවා ද මන්දා, මොකද මුන්ට චූන් ඔය වගේ බයිලා අහද්දී. (ගෝඨා වඩම්මන් ආවේ ද ඇමරිකාවෙන් බව කාරුණිකව සලකන්න. උන්නැහේගේ පුතා ඉන්නේත්, පුතාගේ පුතා ඉන්නේත් ඒ ඇමරිකාවේම බවද සලකන්න.)
ReplyDeleteLankacnews එකෙ ඉන්නෙ සුපිරි reporterලා ටිකක්..නියමෙට කරනවා
Delete