තෙල් මිල මීට වඩා වැඩි කරන්න ඔනෑ.. එකවර කරන්න හොද නැති නිසා මෙහෙම කරනවා...

 


ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ දේශීය පරිභෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්ධන මිල වැඩි කිරීමට රජයට සිදු වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල මීට වඩා වැඩි විය යුතු වුවද, ජනතාවට සහ ආර්ථිකයට දරාගත හැකි මට්ටමක එය පවත්වා ගැනීමට රජය උත්සාහ කළ බවයි.

පසුගිය දින කිහිපය තුළ මෙරට ඉන්ධන පරිභෝජනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සාමාන්‍යයෙන් දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් පමණ පරිභෝජනය කළද, මාර්තු 1 වැනිදා සිට 9 වැනිදා දක්වා කාලය තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 59,200ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 48,500ක් පරිභෝජනය කර ඇත. මෙය සාමාන්‍ය තත්ත්වයට වඩා ඩීසල් මෙට්‍රික් ටොන් 23,000ක සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,000ක පමණ වැඩි වීමකි. මෙම අධික පරිභෝජනය හේතුවෙන් මෙරට තිබූ ඉන්ධන සංචිත අවසන් වූ බවත්, ඒ නිසාම ඉහළ මිලකට අලුතින් ඉන්ධන ආනයනය කිරීමට සිදු වූ බවත් හෙතෙම සඳහන් කළේය.

ලෝක වෙළඳපොළේ මිල ගණන් සැසඳීමේදී වත්මන් මිල වැඩි කිරීම ප්‍රමාණවත් නොවන බව පැවසූ අමාත්‍යවරයා, "ඇත්තටම මීට වඩා වැඩි කළ යුතු මිල වැඩියි. නමුත් විශාල මිල වැඩි කිරීමක් එකවර ආර්ථිකයට දරාගත නොහැකි නිසා අපි මේ ප්‍රමාණයට වැඩි කළා" යැයි පැවසීය. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මාර්තු 8 වැනිදා ඩොලර් 108 සිට මාර්තු 9 වැනිදා වන විට ඩොලර් 119 දක්වා ඉහළ ගිය බවත්, පිරිපහදු කළ ඩීසල් සහ පෙට්‍රල් මිල සියයට 75 සිට 99 දක්වා ප්‍රතිශතයකින් වැඩි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම මිල සංශෝධනය හරහා ජනතාව ඉන්ධන පරිභෝජනය යම් මට්ටමකට සීමා කරනු ඇතැයි රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කියා සිටියේය. බලශක්ති පරිභෝජනය අවම කර ගැනීම සඳහා ලෝකයේ අනෙකුත් රටවල්ද විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, මෙරට ආර්ථිකයට එල්ල වන පීඩනය අවම කර ගැනීමට නම් පරිභෝජනය සීමා කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

එමෙන්ම, කෙටි කාලීනව ඉන්ධන සඳහා සහනයක් ලබා දීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අනාවරණය කළේය.

6 Comments

  1. දැන් ඉතින් කාපියව් ගූ

    ReplyDelete
  2. මුන්ගේ හේතුව තමයි ahethuwa

    ReplyDelete
  3. මුන්ගේ හේතුව තමයි ahethuwa

    ReplyDelete
  4. ‘රටේ ජනාධිපතිවරයා ඇවිල්ලා කිව්වා දවස් 45කට තෙල් තියෙනවා කලබල වෙන්න ඕනෙත් නැහැ තෙල් මිල වැඩි කරන්නෙත් නෑ කියලා. ඇමතිවරයත් කිව්වා. හැබැයි දැන් තෙල් මිල වැඩි කරලා තියෙනවා දැන් තෙල් මිල වැඩිකරේ ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව කියනවා. වැඩි කරලා පැය විසි හතරක් යන්නත් කලින් ලෝක වෙළඳපොලේ මිලේත් යම් අඩුවීම සිද්ධ වෙලා තියෙනවා දැන් අපට සාධාරණ ය සැකයක් තියෙනවා ආණ්ඩුව දවස් 45 කට තෙල් තියෙනවා කියලා කියනවා නම් කියපු ආණ්ඩුව කියන විදිහට දවස් 45ක තෙල් සංචිත තියෙනවනම් ඇයි මේ තකහනියක් තෙල් මිල වැඩි කරේ

    ReplyDelete
  5. කිතුල් ගහට ගිය මිනිහා වගේ කියන කතාව මතක් උනා ඇමැතිතුමා.

    ReplyDelete
  6. දවස් 45ක සංචිත තියෙන රටක්
    ලෝක වෙළඳපොළේ දවස් දෙක තුනක price change එකක් නිසා
    එක පාරටම ජනතාවගේ බර වැඩි කරනවා නම්
    ඒක සැලසුම්කරණයේ අසාර්ථකත්වයක්ද
    නැත්නම් ජනතාවට කියපු කතාව බොරුවක්ද?

    මේකට පැහැදිලි පිළිතුරක් රටට දිය යුතුයි.

    ReplyDelete
Previous Post Next Post