දොස්තරලාට දේශපාලන බලපෑම්..


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

නීතිවිරෝධි ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු සම්බන්ධ ක්‍රමවේදයන් සෞඛ්‍ය අමාත්‍යංශය මින් උල්ලංඝනය කිරීමට විරෝධය දක්වමින් 2026.03.31 දින සිදු කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනය සම්බන්ධවයි.

විශේෂඥ, පරිපාලන සහ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් යන සියල්ලන්ගේ ස්ථානමාරු සිදු වන්නේ ආයතන සංග්‍රහය සහ කාර්ය පටිපාටි රෙගුලාසි ඇතුලත් නිත්‍යානුකූල සහ පිළිගත් ක්‍රමවේදයකට අනුව වේ

එහිදි සියලු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් යුතුව මාරු මණ්ඩල රැස්වීම් පවත්වා එම තීන්දු තීරණ සෞඛ්‍ය අමාත්‍යංශය මින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කරමින් එම තිරණ සහා අනුමැතිය ලබාගනිමින් ස්ථානමාරු කටයුතු කරනු ලබයි.

නමුත්, මේ වන විට 2026 වර්ෂයට අදාල පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් සහ දුෂ්කර සේවා ස්ථාන සහා වූ ස්ථානමාරු ලැයිස්තු මාරු මණ්ඩල අනුමැතියකින් තොරව පිළිගත් ක්‍රමවේදයෙන් බැහැරව, නීති විරෝධි ලෙස සහ අත්තනෝමතිකව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

393 ක් ව පැවති දුෂ්කර සේවා ස්ථාන 265 දක්වා කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව, පාර්ශවකරුවන්ගේ හෝ මාරු මණ්ඩල වල එකතාවක් නොමැතිව නීති විරෝධි ලෙස කප්පාදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත. මෙය අප දකින්නේ සංවර්ධනය සිදු කල බවට වෛද්‍යවරුන් සහ මහජනතාව රවටමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට දරන පටු දේශපාලනික අරමුණක් ලෙසය

ඒවාගේම වෛද්‍යවරුන්ට දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව සහා මීට ඉහතදි සක්‍රිය සේවා කාලය වසරකට පසුව අයදුම් කිරීමට තිබු හැකියාව කිසිදු එකතාවකින් හෝ නිත්‍යානුකුල ක්‍රමවේදයකින් තොරව අත්තනෝමතිකව වෙනස් කරමින් වසර 2 දක්වා දීර්ඝ කිරීම නිසා එම ස්ථාන වල සේවය කරන වෛද්‍යවරුන් දැඩි අසාධාරණයකට ලක් වී තිබේ.

මෙම ඒකපාර්ශ්වික වැරදි තීරණ නිසා ඉදිරියේදි දුෂ්කර සේවා ස්ථාන රාශියක් වෛද්‍ය හිය හේතුවෙන් වැසියාමේ තර්ජනයකට මුහුණ පා ඇත. අවසානයේදි සෞඛ්‍ය අමාත්‍යංශය නීතිවිරෝධි සහ වැරදි තීරණ නිසා කබලෙන් ලිපට වැටෙන්නේ රටේ රෝගී ජනතාව වේ.

එමෙන්ම රට පුරා පවතින සියලුම රෝහල වල පාහේ සිටිය යුතු වෛද්‍යවරුන් ප්‍රමාණය තීරණය කරමින් අනුමත කල යුතු වෛද්‍ය තනතුරු ප්‍රමාණය වසර 10 කට ආසන්න කාලයකදි තවමත් යාවත්කාලීන වී නොමැත. ඒ නිසා දැඩි වෛද්‍ය හියක් රට පුරා පවතින ලොකු කුඩා සියලුම රෝහල් තුල මේ වන විට පවතින නිසා රෝගී ජනතාව සහ වෛද්‍යවරුන් යන දෙකොට්ඨාශයම සේවා ලබා ගැනීමේදි සහ සේවා සැපයීමේදි දැඩි අර්බුදකාරි වතාවරණයකට මුහුණ පා තිබේ.

නමුත් ඒ කිසිවක් මායිම් නොකරමින් තළමණාකරණ සේවා කොමිෂන් සභාවේ නිත්‍යානුකූල අනුමැතියක් නොමැතිව වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් හුදූ දේශපාලන සංදර්ශනයක් වන ආරෝග්‍යා ව්‍යාපෘතිය සහා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ලෙස අනුයුක්ත කර තිබේ. මෙම වෛද්‍යවරුන්, වෛද්‍ය හියෙන් දැඩි ලෙස පිඩා විින ප්‍රදේශ වල රෝහල් සහා අනුයුක්ත කරේ නම් එම ප්‍රදේශයන්හි රෝගී ජනතාවට සහනයක් ලබා දිය හැකිව තිබුනු නමුත් මෙම දේශපාලන සංදර්ශනයේ අනිටු විපාකයක් ලෙස ඉහත කී රෝගී ජනතාවට එම වෛද්‍යවරු අහිමි වී ඇත.

මේ වන විට මෙම නීති විරෝධි සහ අසාධාරණ ස්ථානමාරු ක්‍රියාවලිය නිසා රට පුරා රෝගී ජනතාවත්, වෛද්‍යවරුනුත් දැඩි අපහසුතාවයකට සහ අර්බුදයකට මුහුණ පෑමේ අවදානමක පසුවේ. මේ පිළිබව සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් අප විසින් දිගින් දිගටම දැනුවත් කලද ඔවුන්ගෙන් සාධනීය ප්‍රතිචාරයක් මේ වන විටත් ලැබි නැත

එම නිසා ඉහත නීති විරෝධි සහ අත්තනෝමතික තීන්දු තීරණ වලට සහ ජනතාවටත්, සෞඛ්‍ය සේවයටත්, වෛද්‍යවරුන්ටත් අත්වීමට නියමිත අර්බුදකාරි වතාවරණයටත් විරෝධය පාමින් 2026.03.31 වන දින උදෑසන 8.00 සිට සංකේත වැඩ වර්ජනයක් දීප්‍යාප්තව සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තිරණය කරන ලදී.

සියලු මාතෘ රෝහල්, සියලු ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුධා රෝහල්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය යන ආයනතයන්හි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන අතර සියලු හදිසි ප්‍රතිකාර සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් තොරව දිවයින පුරා සිදු වනු ඇත.

ඉන් අනතුරුවත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මෙම ගැටලු විසදීම සදහා සාධනීය මැදිහත් වීමක් සිදු නොවන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තව දුරටත් දැඩිකිරීමට කටයුතු කරන බවට දන්වා සිටිමට කැමැත්තෙමු

1 Comments

  1. ඇයි කට්ටියම එකතවෙලා නේද මුන්ට බලය දුන්නෙ?

    ReplyDelete
Previous Post Next Post