රෑට ලයිට් නිවන්න ජාතික වැඩපිළිවෙළක් අද සිට..

 


දේශීය විදුලි පරිභෝජනය 25%කින් සීමා කිරීමේ දැවැන්ත ඉලක්කයක් සහිතව, රජය විසින් පවත්වනු ලබන ‘සුරකිමු ලංකා’ නම් විශේෂ ව්‍යාපෘතිය අද (29) සිට ආරම්භ වේ.

මෙය ජනාධිපති ලේකම් කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ආයතනය ඒකාබද්ධව මෙහෙයවන වැඩසටහනකි.

දිනපතා පස්වරු 06 සිට රාත්‍රී 10 දක්වා වාර්තා වන ඉහළම විදුලි ඉල්ලුම පාලනය කිරීම මෙහි මූලික පරමාර්ථයයි.

උපරිම ඉල්ලුමක් පවතින කාල සීමාවන් මගහරිමින්, බලශක්තිය පරිහරණය කිරීමට මහජනතාව යොමු කිරීම මෙහිදී සිදු කෙරේ.

විදුලිය භාවිතයේ පවතින සාම්ප්‍රදායික රටාවන් වෙනස් කරමින් ජනතාව දැනුවත් කිරීම මෙම මෙහෙයුමේ ප්‍රමුඛ කාර්යයකි.

7 Comments

  1. ඉසෙල්ල v8 එකෙන් යන එක නවත්තපල්ල. නිල නොලත් මන්දිර වල ඒසී සහ ලයිට් නිවාපල්ල. ඒ මන්දිර වල දවල්ටත් ඒසී වැඩ.

    ReplyDelete
    Replies
    1. Switch-off TV and AC in the night. Highest usage is from them- not the 11W LED bulb.

      Delete
  2. අනුන්ගේ දොස් අඩුපාඩු දැක දැක හිටපු එවුන්ට සොබාදහම දෙන දඬුවම්. තව පටන් ගත්තා විතරයි. ඔහොම යං.

    ReplyDelete
  3. අඳුර අපට පුරුදුම දේ තමයි. ඒකයි ඒ කාලෙ ලයිට් දාපු ගෙවල් වලට බෝම්බ ගැහුවෙ. අපි හිටියෙත් අඳුරු කැලේ තමයි.

    ReplyDelete
  4. සෝලර් සිස්ටම් තියෙන පුද්ගලයන්ට hybrid inverter and battery අඩු මිලට ලබාදීමට කටයුතු කෙරුවොත් විදුලි බල මණ්ඩලයට විශාල පිරිවැයක් ඉතුරු කරගන්න පුලුවන් වෙනවා.

    ReplyDelete
  5. Instead of spending billons on electricity generation projects better to subsidise on solar hybrid systems.

    ReplyDelete
Previous Post Next Post