ඉරාන යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වසර හතරකට පසු ප්‍රථම වතාවට බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. කෙසේ වෙතත්, සෙසු රටවලට සාපේක්ෂව මෙම තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට චීනය සූදානම්ව සිටින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
චීනය ලොව
විශාලතම තෙල් ආනයනකරු වුවද,
පසුගිය දශක
දෙකක කාලය තුළ ඔවුන් ක්‍රමයෙන්
සිය බලශක්ති උපායමාර්ගයන්
වෙනස් කර තිබීම මෙයට ප්‍රධාන
හේතුවයි.
විශ්ලේෂකයන්
පෙන්වා දෙන පරිදි චීනය සතුව
දැනට බැරල් බිලියන 1.2ක
පමණ දැවැන්ත ගොඩබිම් තෙල්
සංචිතයක් පවතී. මෙය
එරටට මාස 3 සිට
4 දක්වා
කාලයකට ප්‍රමාණවත් වන අතර,
එමගින් මිල
ඉහළ යාම නිසා ඇතිවන ක්ෂණික
ආර්ථික කම්පනය ප්‍රභල ලෙස
පාලනය කිරීමට ඔවුන්ට හැකියාව
ලැබී තිබේ.
චීනය සිය
බලශක්ති අවශ්‍යතාවයන් සඳහා
ෆොසිල ඉන්ධන මත යැපීම අවම
කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග
කැපී පෙනේ. විශේෂයෙන්ම
විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත
කිරීම හේතුවෙන් දිනකට තෙල්
බැරල් මිලියනයකට අධික ප්‍රමාණයක
ඉල්ලුමක් දැනටමත් අඩු කිරීමට
ඔවුන් සමත් වී ඇත. මේ
වන විට චීනයේ අලෙවි වන නව මගී
වාහනවලින් අඩකට වඩා වැඩි
ප්‍රමාණයක් නව බලශක්ති වාහන
ම විශේෂත්වයකි.
මීට අමතරව,
සූර්ය සහ
සුළං බලය වැනි පුනර්ජනනීය
බලශක්ති ප්‍රභවයන් වෙත වේගයෙන්
යොමු වෙමින් පවතින චීනය,
2030 වන විට
සිය මුළු බලශක්ති පරිභෝජනයෙන්
25%ක්
ෆොසිල නොවන ඉන්ධන මගින් සපුරා
ගැනීමට ඉලක්ක කර සිටී.
ඉන්දියාව
වැනි රටවල් තෙල් ආනයනය මත දැඩි
ලෙස යැපෙන පසුබිමක, චීනය
සිය බලශක්ති සැපයුම විවිධාංගීකරණය
කර ඇත. හෝමුස්
සමුද්‍ර සන්ධිය වැනි අවදානම්
සහගත නාවික මාර්ග හරහා සිදුවන
තෙල් ගමනාගමනයට ඇති සංවේදීතාව
චීනය සැලකිය යුතු ලෙස අඩු
කරගෙන තිබේ.
මේ පිළිබඳව
අදහස් දක්වන විශේෂඥයන් පවසන්නේ,
වර්තමාන
තෙල් මිල ඉහළ යාම චීනය දැනටමත්
ගමන් කරමින් සිටින බලශක්ති
විවිධාංගීකරණ වැඩපිළිවෙල
තවදුරටත් ශක්තිමත් කිරීමට
හේතු වනු ඇති බවයි

ලංකාවෙත් සූර්ය විදුලිය හදාගෙන ආවා. එතකොටම දේශීය ගව සම්පතට ඕන උනා ඒ වගේම ගොන්නු ටිකකට රට භාර දෙන්න. ඒ ගොන්නු ටික හොර තක්කඩියෙක්ව බලශක්ති ඇමති විදියට පත් කරා. ඒ හොර තක්කඩියා සූර්ය විදුලි පද්ධති වලට ගෙවන ගාන රුපියල් 19ක් කරා. දැන් කවුරුවත් සූර්ය පද්ධති ගහන්නෙ නැහැ. දැන් ඌට අවස්ථාව තියෙනවා ඕන තරම් ඩීසල් විදුලිය මිලට ගන්න.
ReplyDeleteමීට කලින් තිබුනු Net ++ කියන ක්රමවේදයත් වහාම නතර කරා. ඒක එකපාර කරන්න බැරි නිසා රටේම විදුලිය විසන්දි කර වඳුරෙක් නිසා උනා කියලා රටේ මෝඩයො ටික අන්දවලා තමයි ඔය සූර්ය බල පද්ධති නතර කරන්න පෙරමුණ ගත්තේ. බලන්න අද ඒකම උන්ට ගෙදර යන ගානට වැඩේ පත්තු වෙච්ච හැටි. අදටත් ඒවා ක්‍රියාත්මක කරලා සූර්ය බලයෙන් ස්වයංපෝශිත කරා නම්, අද වගේ දවසක ආන්ඩුවට ආඩම්බරෙන් කියන්න තිබුනා, ලංකාවට මේක එච්චර ප්‍රශ්නයක් නැහැ දැන් කියලා.
Deleteඇත්තමයි හෙන ගහන්න ඕන ආන්ඩුවේ උන්ට කලින් මේව දැන දැනත් ඡන්දෙ දීපු උන්ට. දැන් සනීප ඇති ගෑස්, තෙල් පෝලිම් වල ඉන්නකොට.
Deleteඅපේ හුන්ඩුවේ පලවෙනි හුන්ඩුපතියා නම් විදුලි වාහන වලට තිබුනු 15% බද්ද 30% දක්වා වැඩි කරලා හුන්ඩුවේ ඉන්නා දුප්පත් ගුල්ලන්ට වාහන හීනය හීනයක්ම කරා. දැන් ලක්ශ 47ට BAW විතරයි තියෙන්නෙ. නැත්තන් දැන් ලක්ශ 80ට ගන්න එක ලක්ශ 50කට ගන්න තිබුනා.
ReplyDelete