දිනකට ලීටර අටයි.. සතියේ ඉන්ධන කෝටාව වරුවටත් මදි.. බස් සංගම් විරෝධයේ..

 


රජය විසින් අද (15) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති නව ඉන්ධන සීමා කිරීම්වලට එරෙහිව බස් රථ හිමියන් සහ බස් රථ සංගම් සිය දැඩි විරෝධය පළ කර සිටියි.

බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම චක්‍රලේඛයට අනුව, බස් රථයක් සඳහා සතියකට නියමිත ඉන්ධන ප්‍රමාණය ලීටර් 60ක් ලෙස සීමා කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බස් රථ සංගම් පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම දිගු දුර ධාවනය වන බස් රථ සඳහා මෙම ප්‍රමාණය වරුවක ගමනාන්තයක් සඳහා පවා ප්‍රමාණවත් නොවන බවයි.

අනෙකුත් සාමාන්‍ය බස් රථ සඳහා ද මෙම ලීටර් 60 කෝටාව උපරිම වශයෙන් දිනක හෝ දෙකක ධාවන කටයුතු සඳහා පමණක් සෑහෙන බව ඔවුහු අවධාරණය කරති.

පවතින තත්ත්වය හමුවේ පොදු ප්‍රවාහන සේවය අඩපණ වීමේ අවදානමක් පවතින බැවින්, මේ පිළිබඳව රජය කඩිනම් තීරණයක් ගත යුතු බව බස් රථ සංගම් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන සැපයුම් මාර්ග අඩපණ වීම සහ ඇතැම් පිරිස් අනීතික ලෙස ඉන්ධන රැස් කිරීමේ ජාවාරම්වල නිරත වීම නිසා මෙම තීරණය ගත් බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

රටේ ආර්ථික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙලෙස ප්‍රවේසම්කාරී ලෙස තෙල් සංචිත කළමනාකරණය කළ යුතු බව රජයේ ස්ථාවරයයි.

පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) හරහා ඉන්ධන නිකුත් කිරීමේ විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි

8 Comments

  1. පුනරුදයට පයින් යමු. කරන්න දෙයක් නෑ. අපෙන් අහල නෙවෙයි නේ ඉරානෙට ගැහුවෙ.

    ReplyDelete
  2. රනිල්ටයි ගෝටටයි බාර දෙනු

    ReplyDelete
  3. මෙහෙමයි මල්ලි අපි දෙන ලීටර් 40න් තිස්සමහරාමේ යන බස් එකේ යන අය ගාල්ලෙන් බහින්න ඕනේ ඊට වඩා තෙල් නැති නිසා . එතැන ඉඳලා යන්න ජේප්ප ගොන් කරත්ත අපි ලසිති කරලා තියෙන්නේ කතරගමට . අපි රට දියුණු කරන්නේ එහෙමයි ඉතිරිකරලා පුනුරුදේ

    ReplyDelete
  4. පැය විසිහතරේම බස් දුවන රටක් ලෝකයේ කොහේවත් නැතුව ඇති. බොහෝ රටවල රාත්‍රී දහය වෙනකොට කිසිම පොදු ප්‍රවාහනය නවත්වන්න ඕන. ලංකාවේ මිනිස්සු ගෙවල් වලට වඩා බස් ඇතුලෙ තමයි ජීවත් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකද බන් බස් ගිනිතිබ්බේ

      Delete
    2. බොහෝ රටවල් තියෙන්නෙ කොහෙද?

      Delete
  5. දෙයක් කියවලා තේරුම් ගන්න බැරි උද්දිකයෝ ඉන්නේ. තොපිට තෙල් දෙනවා ලංගමෙන්. එතැනින් තෙල් කෝටා නෙවෙයි යන්නේ

    ReplyDelete
    Replies
    1. නීච කුලේ පාලකයෝ

      Delete
Previous Post Next Post