ඉන්දියාවේ පැවති ‘මිලාන් 2026’ නාවික අභ්‍යාසයට සහභාගී වීමට පැමිණි ඉරාන නාවික හමුදා බලකායට අමෙරිකාව විසින් සබ්මැරීන පාවිච්චි කර පහර දීමට සැලසුම් කර තිබූ බවත්, ඒ පිළිබඳව ඉන්දියාවේ ‘රෝ’ (RAW) ඔත්තු සේවය දැනුවත්ව සිටි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඉන්දියාවේ නිල ආරාධනය පරිදි ‘මිලාන් 2026’ අභ්‍යාසය සඳහා ඉරාන නාවික හමුදාවේ නිලධාරීන් සහ කැඩෙට් භටයන් පිරිසක් පැමිණ සිටි අතර, මීට සහභාගී වීමට නියමිතව සිටි අමෙරිකානු නාවික හමුදාව අවසන් මොහොතේ ඉන් ඉවත් වූ බව ඔහු පෙන්වා දෙයි.
පාස්කු ප්‍රහාරයක් එල්ල වන බවට දින දෙකකට පෙර පවා දැනුම් දීමට තරම් බුද්ධි මෙහෙයුම් පද්ධතියක් ඇති ඉන්දියාවට, තම රටට ආරාධිතව පැමිණි පිරිසකට එල්ල වීමට ගිය මෙම ප්‍රහාරය ගැන නොදැන සිටීමට නොහැකි බව වීරවංශ මහතා අවධාරණය කරයි.
මෙවැනි අවදානමක් දැනගෙනත් ඉරාන යාත්‍රාවලට තම රටෙන් පිටව යාමට ඉඩ දීම හරහා ඉන්දියාව සදාචාරාත්මකව බරපතල වරදක් කර ඇති බවත්, ඉන්දියාව කිසිසේත් විශ්වාස කළ නොහැකි රටක් බව මින් යළිත් ඔප්පු වන බවත් ඔහු සඳහන් කළේය.
අදාළ නෞකාව කොළඹ වරායට පැමිණීමට අවසර ඉල්ලූ අවස්ථාවේදී, කොළඹ සිටින අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන් ශ්‍රී ලංකා බලධාරීන්ට තර්ජනය කරමින් පවසා ඇත්තේ එම නෞකාව වරායට ඇතුළු කරගතහොත් ගුවන් මගින් ඊට පහර දීමට සිදුවන බවයි.
මෙම තර්ජනය හමුවේ ආරක්ෂක ලේකම්වරයා විසින් නෞකාව භාරගත නොහැකි බවට ඉරාන තානාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත. කෙසේ වෙතත්, රජය අභ්‍යන්තරයේ සිටින මුස්ලිම් දේශපාලනඥයන් පිරිසක් මැදිහත් වී ජනාධිපතිවරයාට බලපෑම් කිරීම හේතුවෙන්, අවසානයේ නෞකාව ත්‍රිකුණාමලයට රැගෙන යාමටත් එහි සිටින පුද්ගලයන් කොළඹට ගෙන්වා ගැනීමටත් එකඟතාවයක් ඇති කරගත් බව වීරවංශ මහතා අනාවරණය කළේය.
අමෙරිකාව මේ වන විට ශ්‍රී ලංකා රජයට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින්නේ මෙම නෞකාවට හෝ එහි සිටින පුද්ගලයන්ට පිටව යාමට ඉඩ නොදෙන ලෙසයි. මැදපෙරදිග කලාපයේ පවත්වාගෙන ගිය සියලුම අමෙරිකානු ආරක්ෂක මධ්‍යස්ථාන විනාශ වී ඇති බැවින්, ඉන්දියන් සාගර කලාපයේ පිහිටි ශ්‍රී ලංකාව වඩාත් විශ්වාසනීය හමුදා මධ්‍යස්ථානයක් කරගැනීමට අමෙරිකාව උත්සාහ කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම තත්ත්වය හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගැටුම්වල සෘජු පාර්ශවකරුවෙකු කරමින් රට දඩබිමක් බවට පත් කිරීමට උත්සාහ දරන බවට ද හිටපු අමාත්‍යවරයා අනතුරු ඇඟවීය

ජූලි චෑන් චූන් එක්ක 2022 ගිවිසුම් ගහන් ජවිපාවුන් මාලිමා වේශයෙන් බලය ගත්තෙ ඕකට තමයි.
ReplyDeleteමූ ධවල මන්දිරයේ ආරක්ෂක උපදේශකද ? එහෙම නැත්නම් ට්‍රම්ප්ගෙ සට්ටඹි රාල ද ?
ReplyDeleteවිමල්ට අතීත, වර්ථමාන භූ දේශපාලනය ගැන තියෙන දැනුමවත් රටපාලනය කරන හැත්තට නෑ. ටිල්වියා කාල විසිකරන කට්ටක් අහුලගන තලුමරමර
Deleteසූප්පු කරන වහල්ලු ටික විමල් කියන්නෙ මොකක්ද කියලවත් නොදැන හතර වටේට මඩගහනව.
විමල් දේශද්‍රෝහියෙක් ..උබ රටට ආදරේට නෙවෙයි මු කට මත දොඩවන්නෙ
ReplyDeleteවිමල් දේශයට ද්‍රෝහීවුනේ කොහොමද කියපන්.
Deleteubge genita podi ekek sellam dana ekath RAW eka denagena hitiyata, ubata kiuwe naha neda
ReplyDeleteහමුදා විරුවෙකුගේ ගෑනිට කොටා කොට හිටිය බවවත්, ජෙප්පො දම්මල ඒ විරුවාව ඝාතනය කරන බවවත්, ඒ විරුවාවාවත් නොදැන ඉන්ඩ ඇති.
Deleteජීවත් නොවිය යුතු JVP-USA සක්කිලි.....ලෑජ්ජා නෑති තිරිසන්නු ......අදිරාජ්ජ්යවාදීන් එක්ක හරි සෙට් වෙලා බලය තබා ගෑනීම තමා ජෙප්ප්පෝ කරන්නේ
ReplyDeleteකිසිසේත්ම ඇමරිකන් යක්ශයාට මේ රටේ අඩිය තියන්න දෙන්න එපා. ඕකුන් මිනීමරුවො යුධ අපරාධකාරයො
ReplyDeleteඅනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තමයි මේ රට ගොඩදානවනම් එකම කෙනා.
ReplyDeleteගොඩදාන්නෙ කන්ටේනර් වලින්ද, ගල්අඟුරු වලින්ද?
Delete