ඉන්ධන මිල යලි වැඩි කරන්න වෙනවා..- නලින්ද


ලෝක වෙළඳපොළේ පවතින මිල විචලනයන් හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කිරීමට රජයට සිදුව ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි
.

ලෝකයේ අනෙකුත් රටවල් ඉන්ධන පෝලිම් සහ විවිධ අර්බුදයන්ට මුහුණ දී සිටියද, ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සහ විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනතාවට තම ආර්ථිකය ගොඩනගා ගැනීමට හැකි වන පරිදි මෙම කළමනාකරණ කටයුතු සිදු කරන බව පැවසූ අමාත්‍යවරයා, මිල ඉහළ දැමීමක් සිදු කළද එහි සම්පූර්ණ බර ජනතාව මත පටවන්නේ නැති බව පෙන්වා දුන්නේය.

ඒ අනුව, අදාළ මිල වැඩිවීම්වලින් සැලකිය යුතු කොටසක් භාණ්ඩාගාරය විසින් දරා ගන්නා අතර, තවත් කොටසක් අදාළ සමාගම් විසින් දරා ගනිමින් ජනතාව මත පටවනු ලබන්නේ යම් ප්‍රමාණයක වැඩිවීමක් පමණක් බව ඔහු සඳහන් කළේය.

පවතින යුදමය තත්ත්වය පහව ගිය වහාම මෙම මිල ගණන් හැකි ඉක්මනින් අඩු කිරීම රජයේ බලාපොරොත්තුව බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

10 Comments

  1. paw wade jada ballanta

    ReplyDelete
  2. ජාත්‍යන්ත්‍රය තොපිට සලකන්නෙත් කියුබාවට වගේ තමයි. ඒකනේ තෙල් බැරල් එක ඩොලර් 286 ට ගන්නෙ.

    ReplyDelete
  3. බැරල් එක ඩොලර් 286ට ගන්නකොට ඕක කියන්න දෙයක්ද දනිස්ස මල්ලියෙ. කරන්න දන්න කෙනෙක්ට දීල දැන්වත් යනවද, දැන් ඉතින් පරම්පරා ගානකට ගල්අඟුරු වලින් හම්බකරගත්තනෙ. බෙහෙත් වලිනුත් ටිකක් තියෙන්න ඇතිනෙ.

    ReplyDelete
  4. නොදකින් විතරක්

    ReplyDelete
  5. C J අහමඩ්April 16, 2026 at 3:05 PM

    ඩොලර් 286ක් ගෙවන්න වෙලා තියෙන්නේ Trump සහ නෙටන්යාහු කියන කාලකන්නි ම්ලේජ්ජයෝ නිසා. අනුර සහෝදරයා ගේ වැරද්දක් නෙමෙය්

    ReplyDelete
  6. කරන්න පුලුවන් කෙනෙක්ට දීල පලයව්

    ReplyDelete
  7. ජාත්‍යන්ත්‍රය තොපිට සලකන්නෙත් කියුබාවට වගේ තමයි. ඒකනේ තෙල් බැරල් එක ඩොලර් 286 ට ගන්නෙ

    ReplyDelete
  8. තොපි ඒ කලේ කරපු කියපු දේවල් වල විපාක දැන් පලදෙනව

    ReplyDelete
  9. අන්න ඒකට තමයි මහින්දගේ අකවුන්ට් එකේ කෝටි 9000000 තියෙනවා කියලා පෝස්ට් ගැහුවේ. ඩෝබිලා ඇවිස්සුවා මිල වැඩි කරා.

    ReplyDelete
  10. තොපි බලයට ආවේ තෙල් අඩුවෙන් දෙනවා කියල නේද බුරුවො

    ReplyDelete
Previous Post Next Post