උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින් සහ භික්ෂු ප්‍රතිරූපය මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ නිරත වූ පිරිසගේ ක්‍රියාව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිති.
මෙම ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ කරුණු විභාග කොට ඔවුන් වහාම සසුනෙන් නෙරපා හැරීමට පියවර ගන්නා බව උන්වහන්සේලා අවධාරණය කර සිටිති.
මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායන්හි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.
ලාංකේය සමාජය තුළ භික්ෂූන් වහන්සේ නමකට හිමි සම්ප්‍රදායික ගෞරවය සහ ශ්‍රද්ධාව අවභාවිත කරමින් සිදුකරන මෙවැනි විනාශකාරී ක්‍රියා මැඬපැවැත්වීමට රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මැදිහත් විය යුතු බව මහානායක හිමිවරු පෙන්වා දෙති.
විශේෂයෙන්ම මෙවැනි භික්ෂු ප්‍රතිරූපකයින් සසුනෙන් නෙරපීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරීම රජයේ වගකීමක් බව උන්වහන්සේලා අවධාරණය කරති.
තරුණ භික්ෂූන් වහන්සේලා උපක්රමශීලීව මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා පොළඹවා ගන්නා සංවිධානාත්මක කණ්ඩායම් සහ බෙදාහරින්නන් පිළිබඳව ආරක්ෂක අංශ වහාම විමර්ශන පවත්වා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම, තරුණ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, යම් විනය විරෝධී ක්‍රියාවක් නිරීක්ෂණය වන්නේ නම් ඔවුන් ආයති සංවරයෙහි පිහිටුවීමට ආචාර්යවරුන් වගබලා ගත යුතු බවත් මහානායක හිමිවරු වැඩිදුරටත් උපදෙස් දෙති.
මෙම නිවේදනය සඳහා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන හිමි, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමි සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලැවේ ශ්‍රී විමල හිමි යන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අත්සන් තබා ඇත.

ආරියතිලක
ReplyDelete1. මේ භික්ෂූන් වහන්සේලා තායිලන්තයට යන විට, රැගෙන ගිය ගමන් බෑගයන්වල ම ද මේ මත්ද්‍රව්‍ය තිබී ඇත්තේ?
2. මේ භික්ෂූන් වහන්සේලා තායිලන්තයට යන විට, රැගෙන ගිය ගමන් බෑගයන්වල නොවේ නම්, මේ මත් ද්‍රව්‍ය තිබුණ ගමන් බෑගයන් ලැබුණේ තායිලන්තයේදී ද?
එසේ ලැබුණේ කාගෙන් ද?
කවදා ද?
කොහේදී ද?
ලැබුණු ආකාරය කෙසේ ද?
කවදා කුමන වේලාවේදී ද?
එසේ ලබා දුන්නේ කුමක් අරඹයා ද?
ලබා දුන් ආකාරය කෙසේ ද?
3. මේ භික්ෂූන් වහන්සේලා විසින් රැගෙන ආ ගමන් බෑගයන්වල මත්ද්‍රව්‍ය අසුරා ඇති බව ඒ ඒ භික්ෂූන් වහහන්සේලා ස්වකීය වශයෙන් දැන සිටියා ද? සාමූහිකව හෝ වෙන් වෙන් වශයෙන් හෝ දැන සිටියා ද? ඒ ඒ දැන සිටීම කුමන මොහොතේ පටන් ද? ඇසුරුම් කරන වේලාවේ සිට ද? ඇසුරුම් කළ පසු බෑග් භාර ගන්නා වේලාවේ දී ද?
4. කුමන ආකාරයකින් හෝ තම ගමන් බෑගයේ මත්ද්‍රවය ඇසුරුම් කොට ඇති බව, මේ භික්ෂූන් වහන්සේලා ස්වකීය තනි තනිව හෝ සියලු දෙනා සාමූහික වශයෙන් හෝ කීප දෙනෙකු කණ්ඩායමක් වශයෙන් හෝ දැන සිටියා ද?
ඉහත ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු මත පමණය මේ භික්ෂූන් වහන්සේලා වරදක් කළේ ද? නැද්ද? යන්න තීරණය කළ හැක්කේ; එසේ නොමැතිව 100% ක් ම වැරදි කරුවන් ලෙස පූර්ව නිගමනයන්ට එළඹීම සුදුසු නොවන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවතින්නේ බලවත්, කූඨ ජාවාරම්කරුවන් අත බැවිනි. සචේතනිකව මෙම මත්ද්‍රව්‍ය සමඟ සම්බන්ධය තහවුරු වීමෙන් පමණක් ම මේ භික්ෂූන් අපරාධකරුවන් බවට පත් වීම නියත ය.
මේ කරුණු පාදක කොට ගෙන භික්ෂූන් වහන්සේලා හෝ සම්බුද්ධ ශාසනයට හෝ ගැරහීම යුක්ති යුත්ත නො වේ.
සම්බුද්ධ ශාසනය ගැන හෝ භික්ෂූ සංඝයා වහන්සේලා ගැන කළකිරීම ද යුක්ති යුත්ත නො වේ.
කුඩු එක්ක අසුවුන හාමුදුරුවරුන් ප්රශ්නය නිරාගමික සමලිංඟික උන් අබෞද්ධ ඇමතිගේ අමාත්‍යාංශය එක්ක කළ වැඩක්ද කියා සැකයක් කියා ගරු හාමුදුරුවරු කියන්නේ ඇත්තක්ද ?
Delete100% true
Deleteඔහොම සසුන විනාස කරන තවත් චීවර ධාරීන් සිටිනව මහ නායක හාමුදුරුවනේ.
ReplyDeleteආණ්ඩුවේ හොරකම් යටකරගන්න කරපු සංවිධානාත්මක වැඩ සටහනක්ද වගේ කියා ස්වාමින්වහන්සේලා වගයක් කියනවා හරි වගේ හැඟෙනවා.
Deleteබුද්දාගමට වින කටින්න රජයේ අනුග්‍රහයෙන් කරන ඒව. මේ රටේ බවුද්දයො දැන් වත් නැගිටින්න. මේ ජරා ආන්ඩුව එලවමු.
ReplyDeleteමම දන්න එක හාමුදුරු නමක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ අඳුරන කාන්තාවක්ව ගෙනල්ලා පන්සලේ තියාගෙන ඉන්නේ මාස ගණන්. අවුරුදු 2ක් තිස්සේ වැඩේ ජයටම යනවා. සැදැහැවත් බෞද්ධයන් ඉන්න කම් ඉතින් අඩුපාඩුවක් නෑ භික්ෂූන් වහන්සේ ලාට. මම කියපු උන්නාන්සෙත් හොඳ සල්ලි බාගෙ තියෙන හාමුදුරු කෙනෙක්.
ReplyDeleteපල පල්ලි කාක්කා බොරු නොකියා. මාස ගානක් හිටිය නම් පල්ලි කාක්කො මාධ්‍ය වල රඟන හැටි බලන්න තිබුන.
Deleteමේ වගේ එව්වෝ තමයි පරගලේ වෙලාවේ බමුණෝ වගේ රැවුල් කොන්ඩ වවාගෙන ගංජා ගගහ හිටියේ
ReplyDeleteඑක සෙට් එකක් බල්ලෙක් ඉස්සර කරං පා ගමන්, තව සෙට් එකක් බලු වැඩ කරලා උසාවි ගමන්.
ReplyDeleteආරියතිලක
ReplyDeleteසම්බුද්ධ ශාසනය පවතින්නේ භික්ෂු සංඝයා මත ම ය. ඊට පිටින් ඇති අවශේෂ සාධක ද තිබේ. එනම්,
1. ගිහි උපාසක, උපාසිකා පිරිස
( බුදු රදුන් සරණ ගිය බෞද්ධ කුල පදනම )
2. සම්බුද්ධ ශාසනයට නිබඳව ලබා දෙන රාජ්‍ය අනුග්‍රහය (සම්බුදු දහම ගරු කරන රාජ්‍ය පාලානයක් තිබීම= බෞද්ධ රාජ්‍ය බලය පැවැතීම.)
3. ඉහත දැක්වූ කරුණු දෙක ඒකාබද්ධ වීමෙන් බෞද්ධ කුල පදනමෙන් පැවිද වීම සඳහා කුල දරුවන් සම්බුදු සසුනට දායාද කිරීම හෙවත් සසුන් ගත වීමට, දෙමාපියන් විසින් දරුවන් සසුනට ලබා පරිත්‍යාග කිරීම.
4. බෞද්ධ කුල විසින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසය සම්බුදු සසුනට පරිත්‍යාග කිරීම, ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහ ලබා දීම, රටෙහි සම්බුදු සසුන පැවැතීමට අනීවාර්ය සාධකයක් වේ. බෞද්ධ නො වන කුලයන ද ඉද හිට සිව්පසය ලබා දීම කළ ද සම්බුදු සසුනේ අවිච්ඡින්න පැවැත්මට සෘජුව දායක වන්නේ බෞද්ධ කුලය බව පැහැදිලි ය.
මේ කරුණු අතරින් සසුනේ පැවැත්මට දායක වන්නේ කුල දරුවන් සසුනෙහි පැවිදි වීමට ලබා දීම ය.
බිලියන අටක් පමණ ඇති ලෝකයේ මනුෂ්‍ය ප්‍රජාවෙන් දරුවන් ඇති දැඩි කොට සම්බුද්ධ ශාසනයට පැවිදි වීම සඳහා දී ඇති පිරිස ගැන සැලකීමේදී සම්බුදු සසුනට දරුවන් පැවිදි වීමට දී ඇති ගණන අල්ප මාත්‍රයක් පමණක් බව වැටහෙනවා ඇත. එය ද දෙමාපියන්ගේ කැමැත්ත ලබා, දෙමාපියන්ගේ අනුග්‍රහයෙන් ම පමණ ය. දෙමාපියන්ගේ අනුග්‍රහයෙන් තොරව සම්බුදු සසුනේ පැවිදි වීමට ඉඩක් එක් අවස්ථාවක් පමණක හැර, බුදු විනය අනුව නැත්තේ ය. ඒ එක් අවස්ථාව නම් දෙමාපියන්ගේ අවසරය නැති බවින් පැවිදි වීමට නො හැකි විට ප්‍රවෘජාව බලාපොරොත්තු වන්නා පැවිදි වීමට නො ලැබීමෙන් සිය දිවි නසා ගන්නා බවට, භික්ෂුන් වහන්සේලා ඉදිරියේ කියා සිටින විට, පැවිදි කිරීමට තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා තිබීම ය.
සම්බුදු සසුනේ පැවිදි වීමට, දෙමාපියන් විසින් කුල දරුවන් ලබා නො දෙන්නේ නම් කෙසේ නම් සමබුදධ ශාසනය සුරැකේවි ද? සමබුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රටක බෞද්ධාගමට ලැබෙන රාජ්‍ය අනුග්රහයේ අග්‍ර ඵලය වන්නේ, ඒ රටේ ජීවත් වන වැසියන්ගේ දරුවන් සම්බුදු සසුනට පැවිදි වීම පිණිස දායාද කිරීම ය.
සම්බුද්ධ ශාසනය රැකීමට දායක වන දෙමාපියන්ට සම්බුදු සසුනේ හිමිකම ඇති වේ.
දැන් මේ මත්ද්‍රව්‍ය චෝදනාවට ලක් වී ඇති භික්ෂූන් වහන්සේ 22 දන ම වැරදි කර ඇති ද? නැද්ද? යන්න තීරණය වන්නේ මේ අපරාධය සම්බන්ධ පොලිස් විමර්ශන මත ලැබෙන නිරවද්‍ය භාවය මත ය. අධිකරණ ක්‍රියා මත ය.
අප මෙය දකින්නේ මේ අපරාධයට සම්බන්ධ තරුණ භික්ෂූන් මෙවැනි චෝදනාවක ලක් වීමට ඉඩ කඩ විවර වූයේ කාගේ වරදින් ද? යන්න ය.
සම්බුදු සසුනේ භික්ෂූන්ගේ වැරදි අඩු පාඩු විවේචනය ද වරදක් නැත. එය කළ යුතු වන්නේ එම වරදට බදුන් වන භික්ෂූන් වහන්සේ ආරක්ෂා කර ගැනීමේ අටියෙනි. සසුනෙන් නෙරපා හැරීමේ අටියෙන් නොවන බව කිව යුතු ය.
අමාරුම කාර්යය සසුනෙහි පැවිදි වීමට කුල දරුවන් සොයා ගැනීම ය. එසේ පැවිද වූ පිරිස ආරක්ෂා කර ගැනීමට තමයි රටේ බෞද්ධ රාජ්‍ය බලය සුරක්ෂිත විය යුත්තේ.
කෙටියෙන් කියහං බං. ඔච්චර හෑල්ලක් ලියන්න ඕනෙ නං පත්තරේකට දීහං
Deleteඉතිරි කොටස..
ReplyDeleteආරියතිලක
ඒ බෞද්ධරාජ්ය බලය මත ඇති බෞද්ධ ගිහි සමාජය ම භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කර ගැනීමට දායක විය යුතු ය. රාජ්‍ය පාලනයෙන්, සම්බුදු සසුනට අනුග්‍රහය නැති රටක සම්බුදු සසුන පැවැතී නැති බව ලෝක ඉතිහාසය විසින් ඔප්පු කොට ඇත. ඉදිරියට ද එසේ වනු ඇත.
මේ භික්ෂූන් වහන්සේලා ඉබේ පහළ වී නැත. දෙමාපියන්ගේ සෙනෙහසෙහි හැදී වැඩී, සමබුදු සසුනෙහි ගුරු භික්ෂූන් වහන්සේලා හමුවෙහි පැවිදි වී ශාසනයෙහි කලක් මහන දම් පුරමින් සිටි භික්ෂූන් බැවින් මෙවැනි තැනකට පත් වීම අතිශයින් ශෝචනීය ය. හිහි සමාජයේ තම දරුවෙකුට මෙවැනි විපතක් වූ විට තම දෙමාපියන්, ඥාතීන්, හිත මිත්‍රයන් පිහිටට සිටී. මේ භික්ෂූන් වහන්සේලාට දන් හැන්දක් නොදීපු අය , ජීවිතයේ කිසිදු කලක මහා සංඝ රත්නයට දන් හැන්දක් නො දුන් අය, මහ වීරයන් ලෙස මේ කරුණ අල්ලා ගෙන භික්ෂු සංඝයා වහන්සේලාට දෝෂාරෝපණය කරත්. අවලාද කියත්. අපහාස කරත්. දැන් මේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බෞද්ධ සමාජය පෙනී සිටිනවා ද? යන්න විමසිය යුතු. මේ භික්ෂූන් වහන්සේලාගේ දෙමාපියන් සම්බුදු සසුනට දරුවන් දුන්නේ මේ සඳහා නො වේ. ඒ දරුවන් සසුනට දුන් පසු හැදීවැඩුනේ ඒ දෙමාපියන් ලඟ නො වේ. එසේ නම් මේ අසරණකමට වග කිවයුත්තේ ඒ භික්ෂූන් වහන්සේලාගේ දෙමාපියන් නො වේ. ගුරු භික්ෂූන් වහන්සේලා මෙන් ම ඇසුරෙහි සිටි ගිහි පැවිදි දෙපිරිස ම වගකිව යුතු ය. දරුවන් ශාසනයට දුන් ඒ භික්ෂූන් වහන්සේලාගේ දෙමාපියන්ට ලැබුණු දායාදය මෙය ද?
එම දෙමාපියන්ට තම සසුන්ගත කළ දරුවන් වෙනුවෙන් බෞද්ධ ගිහි පැවිදි සමාජය ම ගෞරවය දිය යුතුවා මෙන් ම ඒ භික්ෂූන්ගේ අනාගතය වෙනුවෙන් යහපත් දෙයක් කිරීමට වගකීමෙන් බැඳී යනවා ඇත. එසේ නො වන්නේ නම් සම්බුදු සසුනට දරුවන් පරිත්‍යාග කළ දෙමාපියන් අමතක කළා පමණක් නොව ඉදිරියේදී සම්බුදු සසුනට දරුවන් දායාද කිරීමට දෙමාපියන්
මැලි වනවා ඇත. එබැවින් මෙය ඒ ඒ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රශ්නයක් ලෙස මෙය සැලකීමට ඉඩක් නැත්තේ ය. මෙය සමස්ථ සම්බුද්ධ ශාසනයට වූ විපතක් ලෙස සලකා, සියලු බෞද්ධ ජන සමාජය විසින් මෙයට පිළියම් සෙවීම්ට උත්සුක් වීම ඇවැසිය.
දේවානම්පියතිස්ස නිරිඳුන්ගේ පටන් ගොඩ නැගුණු බෞද්ධ රාජ්‍ය බලයේ අනුග්‍රහය සම්බුදු සසුනට ලැබීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කරමු. එයට පටහැනි රාජ්‍ය පාලනයකින් සම්බුදු සසුන සුරැකීමක් නො වනු ඇති බව අවධාරණය කරමු.
ඕකත් ඉතින් අන්‍යාගමික කුමණ්ත්‍රනයක් කියලා අත පිහිද ගනිල්ලා. Born again කියලා කියහල්ලා. ඊට පස්සේ නිදාගනිල්ලා.
ReplyDeleteසාමාන්‍යයෙන් වන්දනා ගමන් සැලසුම් කරන අය ඒ අයගේ නඩේ අයගේ බෑග් වල බඩු පටවලා එවනවා.
ReplyDeleteඉන්දියාවෙ යන අයගේ ගමන් මලු වල සාරි එවනවා, මාල, වලලු එවනවා.
ඒක සාමාන්‍ය දෙයක්. මොකද නඩේ මිනිස්සු කවදාවත් කිලෝ 30 පිරෙන්න බඩු අරගෙන එන්නෙ නැහැ. ඉතින් වන්දනා සැලසුම්කරුවෝ ඒකෙන් පොඩි බිස්නස් එකක් කරනවා.
හාමුදුරුවො එහෙම හිතන්න ඇති මේකත්. කවුද අප්ප එහෙම බෑග් ඇරලා බලන්නෙ.
මොන මෝඩයද බං දැන දැනම මත්ද්‍රව්‍ය තමන්ගේ ගමන්මල්ලේ දාගන්නේ? හොඳටම දන්නවනේ ගුවන් තොටුපලවල් වල තියෙන ආරක්ශක ක්‍රියාමාර්ග ගැන.
ReplyDeleteපුදුම වැඩේ කියන්නේ අර පාද චාරිකාව වෙන කාලෙම මේකත් වෙච්ච එකනේ.
අන්‍යාගමික සෙට් එකේ ජනප්‍රියතාවට කෙල වෙලා තියෙන නිසා ගොඩ යන්න ගහපු පාස්කු ලෙවල් එකේ ප්ලෑනක්.