මුදල් ලේකම් රටින් පිටවන උත්සාහයක්..?


මූල්‍ය චෝදනා එල්ල වී ඇති මුදල් ලේකම්වරයාට වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් 'ජන අරගලයේ පුරවැසියෝ' සංවිධානය (27) මහා භාණ්ඩාගාරය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත විය.

විරෝධතාකරුවන් එහිදී පොල් ගසමින් සිය විරෝධය පළ කළ අතර, එම ස්ථානයට පොලිස් නිලධාරීන් ද කැඳවා තිබිණි. විරෝධතාව අතරතුර එහි පැමිණි මහ බැංකු නිලධාරියෙකු සහ විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.

විරෝධතාවයේ නිරත වූවන් අවධාරණය කළේ ලේකම්වරයා රටින් පැන යාමට උත්සාහ කරනු ඇති බවයි. 

එබැවින් ඔහුට විදේශගත වීම තහනම් කරමින් වහාම වාරණ නියෝගයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත යුතු බව ඔවුහු කියා සිටියහ.

භාණ්ඩාගාරයේ සිදුව ඇති මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් ද වගකිව යුතු බවත්, වගකිවයුතු සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් විරෝධතාකරුවෝ වැඩිදුරටත් සඳහන් කළහ.

11 Comments

  1. Nanda lala panala neda

    ReplyDelete
  2. Lapya paniy balagena, masa 3 hangan hitala

    ReplyDelete
    Replies
    1. මොකද කරන්නේ ගොල් පේස් යමුද ආපහු

      Delete
  3. මුට රට පනින්න දෙන්න එපා

    ReplyDelete
    Replies
    1. රට ඒලියට පනින් තිබ්බා මහින්දලා වගේ රට ගිලලා හිටියනන්

      Delete
  4. මුන් මල් පැල කිව්වා

    ReplyDelete
    Replies
    1. පි බි ජයසුන්දරලා වගේ සදුන් ගස් නෙමෙද

      Delete
  5. ඕකා ඕස්ට්‍රේලියාවට පනින්න ටිකට් බුක් කොරපු ආරංචිය එළියට ඇවිත්. නන්දලාල් පකයත් පැනල කියල ආරංචියි.

    ReplyDelete
    Replies
    1. නංදලාල් පකයෙක්ද?
      දැවෙන පස්න මේවා

      Delete
    2. ලගදි බැසිල් ඒයි වගේ රට බාර ගන්න

      Delete
  6. ඇයි උබල බයද

    ReplyDelete
Previous Post Next Post