රජයේ වාහන අංක තහඩු නොවන ඒවා අල්ලන්නැයි පොලිසියට නියෝගයක්...


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් අනුමත කර ඇති නිල අංක තහඩු වෙනස් කරමින් ධාවනය කරනු ලබන වාහන හඳුනාගෙන
, එම රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මේ බව අනාවරණය කළේය.

නව ලියාපදිංචි කිරීම් සඳහා ප්‍රමිතිගත අංක තහඩු නිකුත් කිරීමේ පවතින ප්‍රමාදය අවස්ථාවක් කරගනිමින්, ඇතැම් ජාවාරම්කරුවන් විවිධ නීතිවිරෝධී ක්‍රියාවල නිරත වන බවට තොරතුරු අනාවරණය වී ඇත.

මීට අමතරව, අලුතින් ලියාපදිංචි කළ වාහන සඳහා විවිධ වර්ණවලින් යුත් අංක තහඩු භාවිත කරන බව නිරීක්ෂණය වී ඇති අතර, මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාට දන්වා ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2 Comments

  1. RMV එකෙන් අංක තහඩු දෙන්නෙ නැත්නම් මිනිස්සු කොහොමද රජයේ අංක තහඩු ලබාගන්නා?. මූට පිස්සුද කොහෙද.

    ReplyDelete
    Replies
    1. Kawda kiyanne denne ne kiyala ?

      Okkotama dila thiyenne den

      Delete
Previous Post Next Post